Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලංකාවේ හදිසි නීතිය තවත් දීර්ග කරයිද? නීතිය හා සාමය ඇමතිගේ අලුත්ම තීන්දුව මෙන්න.

Sri Lanka State of emergency
Source: SBS

පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ තෙල්දෙනිය ප්‍රදේශයේ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදී ශ්‍රී ලංකා රජය විසින් දින 10 කට පැනවූ "හදිසි නීතිය" එළඹෙන මාර්තු 15 වන දිනෙන් පසුව නැවත දිගු කිරීමට අපේක්ෂාවක් නොමැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසු බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

මහනුවර ප්‍රදේශයේ මේ වන විට සාමකාමී තත්ත්වයක් පවතින අතර රට පුරා ද නැවතත් සාමකාමී පරිසරයක් පවතින් බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් මේ පිළිබඳ ශ්‍රී ලංකා පොලිස්පති තුමන් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමග ඊයේ (12/03) සාකච්ඡා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, ජාතිවාදය පතුරුවන සමාජ ජාල පණිවිඩ නැවත්වීම හා එම ක්‍රියා තහනම් කිරීම පිළිබඳව එම සාකච්ඡා වලදී අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා ජපාන සංචාරය නිමවා පැමිණි පසු අවසන් තීන්දු ගන්නා බවත්  අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මහනුවර තත්ත්වය සාමකාමී වුවද කලාපයේ ආරක්ෂාව පිළිබද ආරක්ෂක අංශ අවධානයෙන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේය.


1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now