දේශගුණික විපර්යාස පිලිබඳ කටයුතු සදහා සම්බන්ධ වීම මගින් ඕස්ට්‍රේලියාවේ පාසල් ළමුන්ගේ මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වියහැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පෙන්වා දෙති.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ළමා සහ අධ්‍යාපනික මනෝ විද්‍යාඥ Andrew Greenfield පවසන්නේ මේ හේතුවෙන් "eco-anxiety" නොඑසේනම් පාරිසරික අවුල් සහගත තත්වයක් ඔස්ට්‍රේලියාවේ ළමුන් තුල වර්ධනය වීමට ඉඩ පවතින බවයි. SBS පුවත් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

පාසල් සිසුන් සහ තරුණ පිරිස් හඬ අවදිකිරීම පිලිබඳව ප්‍රශංසා
දේශගුණික විපර්යසන් සම්බන්ධයෙන් පාසල් සිසුන් සහ තරුණ පිරිස් හඬ අවදිකිරීම පිලිබඳ තමන් ප්‍රශංසාව පලකරන අතර දෙමාපියන් , ගුරුවරුන් සහ ළමුන්, මෙමගින් සිය මානසික සෞඛ්‍ය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් පිලිබඳ දැනුවත් වියයුතු බව මනෝ විද්‍යාඥ Andrew Greenfield වැඩි දුරටත් පවසයි.
මේවන විට දේශගුණික විපර්යාසයන් සමස්ත ලෝකයටම බලපෑ ඇති ගැටළුවක් වන අතර , ඉන් සිදුවිය හැකි විනාශකාරී බලපෑම් පිලිබඳ සියලු දෙනාම අවධානයෙන් සිටියයුතු බවත් ඔහු පවසයි.
කෙසේ වුවද මේ පිලිබඳ වැඩි වශයෙන් මැදිහත් වීමට යාමෙන් ළමුන් තුල අසහනකාරී තත්වයක් මෙන්ම විෂාදය වැනි රෝගී තත්වයන්ට ගොදුරුවිය හැකිබවත් ඔහු පෙන්වා දෙයි.

වාද විවාදයන් වෙනුවට සංවාදය
දේශගුණික විපර්යාසයන්ගෙන් සිදුවන බලපෑම් පිලිබඳ වාද විවාද කරගන්නවා වෙනුවට, එමගින් සිදුවිය හැකි බලපෑම් අවමකරගැනීමට තමන්ගෙන් සිදුවිය යුත්තේ කුමන කාර්යභාරයක්ද යන්න පිලිබඳ වැඩිවශයෙන් සාකච්ඡා කලයුතු බව Andrew Greenfield සඳහන් කරයි.
උද්ඝෝෂණ සඳහා නොව ,මෙවැනි හරවත් කතිකාවන් සදහා වැඩිවශයෙන් ළමුන් යොමුකරගතුයුතු බවත් , පර්යේෂණයන් සඳහා යොමුවියයුතු බවත් ඔහු පවසයි.
වයස අවුරුදු 16ක් වන ස්වීඩන් ජාතික දේශගුණික විපර්යාස ක්‍රියාකාරිනියක් වන Greta Thunberg විසින් සිදුකල කතාව පිලිබඳ ළමුන් වැඩි අවධානයක් යොමු කලද, ඇය දේශගුණ විපර්යාසයන් සම්බන්ධව කටයුතු කරන විද්‍යාඥවරියක් නොවන බවද Andrew Greenfield පවසයි.

ඔස්ට්‍රේලියාවේ සිසුන් දහස් ගණනක් සිය අධ්‍යන කටයුතුවලින් ඉවතට
පසුගිය සිකුරාදා, ඔස්ට්‍රේලියාවේ සිසුන් දහස් ගණනක් සිය අධ්‍යන කටයුතුවලින් ඉවත්ව දේශගුණික විපර්යාසයන් අවම කිරීමට ක්‍රියාමාර්ග ගතයුතු බව පවසමින් මග දෙපස රැස්ව සිටියහ.
එක්සත් ජාතීන් විසින් මෙම සතියේ නිකුත්කළ වාර්තාවක සඳහන්ව තිබුනේ දේශගුණික විපර්යාසයන් සීග්‍රයෙන් ඉහල යන බවත් , මේ හේතුවෙන් අයිස් කඳු දියවීම වැඩිවී ඇතිබවත් එමගින් මුහුදු ජලමට්ටම ඉහළයාම පෙර නොවූ විරු අයුරින් සිදුවනබවත්ය.


