SKIP TO MAIN CONTENT

බාල වයස් බලහත්කාර විවාහ ඕස්ට්‍රේලියාවේ අනාගත දේශපාලන පොරොන්දු වෙනස් කරයි

Forced marriage
Forced marriage

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඕස්ට්‍රේලියාවේ අනාගත චන්ද ව්‍යාපාර වලදී බලහත් කාරයෙන් විවාහ වලට ඇතලත් කරලීම පිටුදැකීම වෙනුවෙන් නව චන්ද පොරොන්දු මෙරට දේශපාලනයට එක්වීමේ ලකුණු පලවෙයි. දැනටමත් දහසක පමණ පිරිසක් සම වසරකම මෙම අවදානම් තත්වයට අලුතෙන් එක්වෙමින් පවතින බවට සමීක්ෂණ වාර්තා මඟින් සනාථ වී ඇත. වත්මන් මධ්‍යම රජයේ විපක්ෂය වන කම්කරු පක්ෂය මෙය පිටුදැකීම උදෙසා නීති ප්‍රසම්පාදනය කෙරෙහි දැනටමත් අවදානය යොමුකොට ඇත. වසර 2013 දී හඳුන්වාදුන් නීති ප්‍රකාරව මෙරට බාලවයස්කාර විවාහ සහ බලහත්කාරයෙන් සිදුවන විවාහ නීතියෙන් තහනම් වේ. එහෙත් එම නීති වල පවතින අඩුපාඩු නැවත ප්‍රත්සංශෝධනය කිරීමට සුදානම් බව ද වත්මන් රජය පවසයි.

කෙසේ වෙතත් මධ්‍යම රජයේ විපක්ෂය පවසනුයේ මීළඟ මහමැතිවරණයෙන් කම්කරුපක්ෂය බලය ලබාගතහොත් මෙසනද අවශ්‍ය නවනිති ගෙන ඒමට තම පක්ෂය සුදානම් බවයි. ඒ අනුව, දැනට ක්‍රියාත්මක, පිඩාවට ලක්වූවන් හට පොලිසිය සමඟ කටයුතු කිරීමට සිදුවීම වෙනුවට civil protection order හෙවත් මහජන ආරක්ෂණ නියෝගයක් ලබාගැනීමට අවස්ථාව සැලසීම තුලින් ඔවුනගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව කම්කරු පක්ෂය පවසයි.

අධිකරණ කටයුතු පිලිබඳ විපක්ෂ ප්‍රකාශිකා Clare O'Neil පවසනුයේ මෙම civil protection order ක්‍රමවේදය යටතේ යමෙකුට පොලිසිය සමඟ නොව කෙලින්ම උසාවියට ගොස් තම ආරක්ෂාව සම්බන්දයෙන් අවශ්‍ය නියෝගයක් ලබාගත හැකිවෙනු ඇති බවයි.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now