ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන කොරෝනා සහන මුදල් ප්‍රදානය ලැබීමට ඔබත් සුදුස්සෙක්ද? (SBS සිංහල/ වාර්තා)

Australian Money

Source: Flickr

පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පතක් යටතේ මෙලෙස ඕස්ට්‍රේලියානුවන් මිලියන 5.1 ක් පමණ අදියර දෙකකින් යුත් $250 ක ආර්ථික සහන ලබාගැනීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

2020-21 අයවැයෙහි කොටසක් වන මෙම ආර්ථික සහන ගෙවීමේ පළමු අදියර 2020 නොවැම්බර් මස 30 වන දින සිට ක්‍රියාත්මක වන අතර දෙවන අදියර 2021 වසරේ මාර්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතයි.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ සඳහා සුදුසුකම් ලබන පිරිස සඳහා වයස්ගත හා ආබාධිත විශ්‍රාමිකයින්, විශ්‍රාමික ආරක්ෂක නිලධාරීන්, රැකවරණ ගෙවීම් සිදුකරන පුද්ගලයින් , පවුල් බදු ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කාඩ්පත් (Commonwealth Seniors Health Card - CSHC) සහ විශ්‍රාමික සහන කාඩ්පත් (Pensioner concession card) හිමියන් ද ඇතලත් වේ.

මෙම ඉලක්කගත මුලපිරීම ඔස්සේ වැඩිහිටි ඕස්ට්‍රේලියානුවන්ට, පවුල්වලට සහ තරුණ පිරිසට වඩාත් ප්‍රායෝගික සහාය ලබා දිය හැකි බව පවුල් හා සමාජ සේවා අමාත්‍ය Anne Ruston පවසයි. එමෙන්ම ඕස්ට්‍රේලියානු ආර්ථිකය නැවත විවෘත කිරීමේ කාර්යයේදී දැඩි ආර්ථික පීඩනයකට ලක්ව සිටින ඕස්ට්‍රේලියානුවන් සමඟ එක්ව කටයුතු කරන බවද ඇය සඳහන් කොට සිටී.

Australian Money
Source: Pixabay

මෙලෙස ලබාදෙන සහන මුදල් ඔස්සේ, මිලියන 2.5 කට වඩා වැඩි විශ්‍රාමික පිරිසක්, පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කාඩ්පතක් සහිත ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයන් 400,000 ක පමණ පිරිසක්, ආබාධිත සහ රැකබලා ගන්නන් මිලියනයකට වැඩි පිරිසක් සහ අඩු ආදායම්ලාභී පවුල් 760,000 ක් ආවරණය කෙරේ.

ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයින්, මෙම සහන මුදල් ලබාගැනීම සඳහා සුදුසුකම් පවතීද යන්න පිළිබඳව පරීක්ෂා කරන ලෙස National Seniors Australia මීට පෙර උපදෙස් දී තිබිණ. ඔවුන් පවසන්නේ ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයන් දහස් ගණනක් ඔවුන් CSHC සඳහා සුදුසුකම් නොලබන බවට සිතන බවයි. කෙසේ නමුත් CSHC ආදායම් පරීක්ෂණයේ කොටසක් වශයෙන් සිදුවන අනුපාත පහත හෙලීම මගින් බොහෝ පිරිසකට මෙම CSHC කාඩ්පත සඳහාත් ඒ ඔස්සේ සහන මුදල් ලබාගැනීම සඳහාත් වන අවස්ථා ඉහල ගොස් තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


CSHC කාඩ්පත සඳහා සුදුසුකම් ලැබීමට, පුද්ගලයෙකු විශ්‍රාම වැටුප් ලබාගන්නා වයසට පැමිණ සිටිය යුතු අතර අදායම් පරීක්ෂණයකට මුහුණ දිය යුතු වෙයි. එමෙන්ම එම පුද්ගලයින් Veterans Affairs මගින් අදායමක් නොලබන සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඕස්ට්‍රේලියානු පදිංචිකරුවෙකුද විය යුතුය.

Aus Money
Source: Pixabay

ආදායම් පරීක්ෂණය සපුරාලීම සඳහා පහත සඳහන් සීමාවන්ට වඩා අඩු අදායම් ලැබිය යුතුය.

  • තනි පුද්ගලයකු - $55,808 
  • පවුල් (පුද්ගලයින් දෙදෙනකු) - $89,290
  • අසනීප, විවේක සත්කාර හෝ සිරගත කිරීම් හේතුවෙන් වෙන්ව සිටින පවුල් - $111,616

මේ සඳහා සුදුසුකම් පෙන්වීමට ඕස්ට්‍රේලියානුවන්ට නොවැම්බර් 27 වැනිදා දක්වා කාලය හිමි වේ.


3 min read

Published

Updated

By Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now