SKIP TO MAIN CONTENT

අපේ සිංහල නර්තන උරුමය රකින ඇසල පෙරහැර උඩරට නැට්ටුවන් අද ජනපති අතින් සම්මාන ලබන්නේ මෙහෙමයි..

Kandiyan Dancer -
Sri Lanka Source: SBS

1 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කිරීම සදහා නර්ථන දායකත්වය ලබා දුන් ශිල්පීන් 115 දෙනෙකු ඇගයීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු කාලයේදී සිදු කිරීමට නියමිතයි.

ඇසළ පෙරහැර නිමාවට පත්වන බව සදහන් සන්දේශය මහනුවර පිහිටි ජනාධිපති මන්දිරයේදී  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දීමෙන් අනතුරුව පෙරහැර සමාප්ති උත්සවයේදී මෙම ඇගයීම සිදු වේ.

සාම්ප්‍රදායික කලාවන් ආරක්ෂා කර ගනිමින් පෙරහැර සදහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙන කලාකරුවන් 5 ස් දෙනෙකු සදහා ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ජනපති සම්මාන හිමිවීම ද මෙහිදී සිදුවෙයි. වසර ගණනාවක් සදහා අඛණ්ඩව සිය දායකත්වය ලබා දුන් වයෝවෘද කලාකරුවන් 10 දෙනෙකු සදහා ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සම්මාන හිමිවීමට නියමිතය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ද සහභාගීත්වයෙන්  විනිසුරු මඩුල්ලක් මගින් කලාකරුවන්  තොරා ගැනුණු අතර එය සිදුවුණු අවස්ථාවේදී ලබාගත් වීඩියෝ දර්ශන පහතින් නරඹන්න ...

මෙම සමාප්ති උත්සවයේදී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන් 50 ස් දෙනෙකු හා කුසලතා පූර්ණ ශිල්පීන් 50 දෙනෙකුට සම්මාන හා මුදල් ත්‍යාග පිරිනැමිමට කටයුතු යොදා ඇත. මීට අමතරව විශිෂ්ඨ කුසලතා දැක්වූ නර්ථන කණ්ඩායම ඇගයීමද මෙහිදී සිදුවේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now