සෙංකඩගල පුරවරයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද (08) වීදි සංචාරය කරන දහවල් පෙරහැර සමග නිමාවට පත්වේ.
අලි ඇතුන් 80 ක් පමණ ද නර්ථන ශිල්පීන් දහසකට අධික ප්‍රමාණයකින් ද සමන්විත ව පුරා දින දහයක කාලයක් මහනුවර නගරයේ ඇසළ පෙරහැර විදි සංචාරය කිරීම සිදුවිය.
අවසන් රන්දෝලි පෙරහරින් අනතුරුව දහවල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේවරයා සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සමග අලි ඇතුන් හා නර්ථන කණ්ඩායම්වලින් සමන්විත පෙරහැරකින් මහනුවර පිහිටි ජනාධිපති මන්දිරය වෙත ගොස් පෙරහැර සාර්ථකව නිමාවූ බව සදහන් වූ පෙරහැර සන්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදීමත් සමග මෙවර පෙරහැර මංගල්‍ය නිමාවෙයි.
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ...
ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (07) රාත්‍රී වීදි සංචාරය කළ අතර එම පෙරහැර නැරඹීම සදහා දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. රාත්‍රී 07.53ට යෙදුණු සුභ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්වූ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් යළි ගෙවදීම සිදුවිය.
අද ( අගෝස්තු 08) ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 01.15ට යෙදුණු සුභ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමග පිටත්ව, දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කෙට අස්ගිරිය ගෙඩිගේ ආදාහන මළුව වෙත ප්‍රවේශවීම සිදුවිය. එහි සිරිත් ප්‍රකාරව පෙරහැර කරඩුව තැම්පත් කිරීමෙන් පසු සිව් මහා දේවාල පෙරහැර සිය දේවාල වෙත ගොස් දේවපූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ දිය කපනා ගං තොට වෙත පෙරහැරින් ගමන් කෙරිණි.
එහිදී දිය කැපීමේ මංගල උත්සවය පවත්වා යළි පෙරහැරින් මහනුවර කරා පැමිණ ගණදෙවි කෝවිලේ දි දේව පුජා පැවැත්වීම සිදු කෙරිණි.
දිය කැපීමේ අවස්ථාව සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************

