2019 ඔස්ට්‍රේලියානු මහා මැතිවරණය වෙනුවෙන් ලියාපදිංචි වීමට ඔබට ඇත්තේ සතියක් පමණයි ...

Voting

Source: AAP

ඕස්ට්‍රේලියානු මහා මැතිවරණය මයි 18 වැනිදා පැවැත්වෙන බවට නිවේදනය වීමත් සමග මැතිවරණයේදී චන්දය පාවිච්චි කිරීමට ඔබට ලියාපදිංචි වීමට ඇති කාලය අප්‍රේල් 18 වැනිදායින් අවසන් වේ. එනම් ඒ සදහා ඕස්ට්‍රේලියානුවන්ට ඇත්තේ සතියක් පමණයි

ඔබ ලියාපදිංචි වන්නේ කෙසේද ?

මැතිවරණ කොමිසම පවසන්නේ දැනට චන්ද දායකයින් 96%ක් පමණ ලියාපදිංචි වී ඇතත් , තවමත් 600,000ක් පමණ ලියා පදිංචි වී නැති බවයි

වයස අවු 18 ට වැඩි සියලු ඕස්ට්‍රේලියානුවන් ලියාපදිංචි වීම අනිවාර්ය වේ

වයස 18 පිරු පමණින් හෝ පුරවැසිභාවය ලැබුණු පමණින් ඔබට චන්ද නාම ලේඛනයේ ලියාපදිංචිය ඉබේම නොලැබේ

ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම වෙබ් අඩවියේ ඔබට ලියාපදින්චි වීමට අවස්තාව තිබේ .

www.aec.gov.au

ඔබ දැන් පදිංචි ස්ථානයේ ඔබ ලියාපදිංචි විය යුතුයි. ඔබ මාසයක් පමණ යම් ලිපිනයක පදිංචි වේ නම් ඒ ප්‍රදේශයේ ඔබට ලියා පදිංචි විය හැකියි.

ඔබ ඒ පිලිබදව සොයා බලන්න

අනෙක් ඕස්ට්‍රේලියානුවන්

antarctic හි සේවය කරන ඕස්ට්‍රේලියානුවන්ට චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය නොවේ

homeless ජනයාට ඔවුන් අවසන් වරට පදිංචිව සිටි ස්ථානය ඔප්පු කල හැකි නම් ලියා පදිංචි විය හැකියි

වසර 3ට වඩා අඩු සිර දඩුවම් විදින්නන්ටද චන්දය ප්‍රකාශ කල හැකි අතර ඊට වඩා වැඩි සිර දඩුවම් විදින්නන් ට එය නොහැක

එසේම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන්ට චන්දය ප්‍රකාශ කිරීමට සහය ඇත

කල් තබා චන්දය ප්‍රකාශ කිරීම

අප්‍රේල් 29 වැනිදා සිට කල් තබා චන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන හා තැපැල් චන්දය සදහා සම්බන්ධ විය හැකියි.

නමුත් ඒ සදහා සාදාරන හේතුවක් තිබිය යුතු වේ

වෙනත් ප්‍රාන්තයක මැතිවරණය දා සිටියද ඔබට චන්දය ප්‍රකාශ කල හැකියි . එසේම ඔබේ චන්ද කොට්ටාශයෙන් කිලෝ මීටර් 8 ට වඩා ඇතින් සිටී නම් ද , දරු උපතකට සුදානම් ව සිටීද , අසනීප තත්වයෙන් සිටීද නම් ඔබටත් කල් තබා චන්දය ප්‍රකාශ කල හැකියි

විදේශ ගත වුවන්ට

ඔබ විදේශ ගත වී ඇත්නම් විදෙස් චන්ද මධ්‍යස්ථාන 90 ක් ඇති අතර එසේත් නැත්නම් තැපැල් චන්ද සදහා ඉල්ලුම් කල හැකිවේ

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන්  

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

සජීවීව ගුවන් විදුලියෙන්

(ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – VIC 97.7fm –NSW / 105.5fm – ACT 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT


2 min read

Published

By Charitha Adikari

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now