SKIP TO MAIN CONTENT

සිඩ්නි නුවර ත්‍රස්ත ප්‍රහාරයකට සැරසෙමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අත් අඩංගුවට.

NSW POLICE
Source: NSW Police

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සිඩ්නි නුවර ස්ථාන කිහිපයකට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි 25 හැවිරිදි ශ්‍රී ලංකික තරුණයෙකු නිව් සවුත් වේල්ස් ත්‍රස්ත විමර්ශන ඒකකය  විසින් අත්අඩංගුවට ගෙන චෝදනා ගොනු කරමින් අද (31/08) අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Mohamed Nizamdeen නමැති මොහු ශිෂ්‍ය වීසා යටතේ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින බවත් නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික අංශයේ කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කරමින් සිටින බවත් ආරක්ෂක අංශ අනාවරණය කර ඇත.

IS සංවිධානයත් සමග අනුබද්ධව මොහු කටයුතු කරමින් සිටින බවට සැක කරමින් සිටින අතර ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට ඉලක්ක කළ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය ඇතුළු සිඩ්නි නුවර ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් මෙන්ම පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම්ද ඇතුළත් ලියවිලි කිහිපයක් ඔහුගේ notebook පරිගණකයේ තිබී සොයාගෙන තිබේ.

මේ වන විට එම ලියවිලි සහිත notebook පරිගණකය ත්‍රස්ත විමර්ශන ඒකකය බාරේ විමර්ශන වලට භාජනය වෙමින් පවතී.

මේ අතර මොහුට විරුද්ධව ඔස්ට්‍රේලියාව තුළ අපරාධ සම්බන්ධ කිසිදු චෝදනාවක් මීට පෙර තිබී නැති බවද ආරක්ෂක අංශ වාර්තා කරයි.

Mohamed Nizamdeen  හට ඇප ලබා දීම ප්‍රතිෂේප කර ඇති අතර සිද්ධිය පිළිබඳ නිව් සවුත් වේල්ස් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now