SKIP TO MAIN CONTENT

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය: ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් දකුණු අප්‍රිකාව හමුවේ ලංකාවේ අවසන් පූර්ව වටයේ සිහිනය බොඳ කරයි.

ICC Cricket World Cup 2019
Source: ICC/Facebook

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 35 වන තරගය ලෙස ඊයේ (28/06) Chester-le-Street හිදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 09 ක විශිෂ්ඨ ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී  ලකුණු 203 ක් ලබාගැනීමට ඔවුන් සමත් විය.

එහිදී කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 බැගින් ලබාගත්තේය.

ජයග්‍රාහී ලකුණු 204 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දු වාර 37 යි පන්දු 2 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබා තරගයේ ජය සටහන් කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් නායක Faf du Plessis නොදැවී ලකුණු 96 ක්ද Hashim Amla නොදැවී ලකුණු 80 ක්ද ලබාගත්තේය.

මෙම තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකාව පරාජයට පත්වීමත් පිටියේ තණතිල්ල පිළිබඳවත් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙත පැවසුවේ මෙවැනි අදහසකි.

ICC Cricket World Cup 2019
Source: ICC/Facebook

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් නැවතත් අසාර්ථකයි

ශ්‍රී ලංකාවේ මැද පෙළ පිතිකරුවන් නැවතත් අසාර්ථක වීම මෙම තරගය පරාජයට ප්‍රධානතම හේතුව විය.

කුසල් ජනිත් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 බැගින් ලබාගත් පසුව වෙනත් කිසිදු පිතිකරුවෙකු ලකුණු 25 සීමාව පසු කිරීමට සමත් නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 203 කට සීමා විය.

යම් හෙයකින් ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් මීට වඩා දක්ෂතා දැක්වුවා නම් තරගයේ ප්‍රතිඵලය මීට වඩා වෙනස් වීමට බොහෝ සෙයින් ඉඩ තිබුණි.

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන් ගේ දුර්වල පිතිකරණය මෙම තරගයට බලපෑ අයුරු පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.

ICC Cricket World Cup 2019
Source: Getty Images

ප්‍රසාද ලකුණු සටහන

අද (29/06) වන විට ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ පහත අයුරිනි.

ICC Cricket World Cup 2019
Source: Facebook

ශ්‍රී ලංකාවේ ඊළඟ තරග

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය කොදෙව් දූපත් සමග එළඹෙන ජූලි 01 වන දින පැවැත්වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් තරග 2ක් පමණක් හේතුවෙන් අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවට පිවිසීමට එම තරග දෙකෙහි තීරණාත්මක බව සහ අවසන් පූර්ව වටයට පිවිසීමේ සම්භාවිතාව පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැහැදිලි කළේ මේ අයුරිනි.ශ්‍රී ලංකාව මීළඟට තරඟ වදින්නේ කොදෙව් දූපත් සමඟය. එය ජූලි 01 දා ඕස්ට්‍රේලියානු (නැගෙනහිර සම්මත - AEST) වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි. එම තරඟය අවසන්වූ සැනින් තරඟය පිලිබඳ සමස්ත සමාලෝචනයක් අපගේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සුදානම්.

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese

නැතිනම් අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now