SKIP TO MAIN CONTENT

සිඩ්නි ගුවන්තොටුපොළේ ප්‍රමාදවීම් නිසා දිගු පෝලිම්. ගුවන්ගත වෙන්න කලින් ගුවන් සේවය අමතන ලෙස ගුවන් මගීන්ට උපදෙස්.

Sydney Airport glitch causes long queues
Source: AAP

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සිඩ්නි ගුවන්තොටුපොළේ ආරක්ෂක පිරික්සීම් යන්ත්‍ර වල සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද පෙරවරුවේ සිට සිඩ්නි ගුවන්තොටුපොළේ  ගුවන් මගීන් දීර්ඝ ප්‍රමාදවීම් වලට මුහුණ දෙමින් සිටියි.

ඒ අනුව පළමු සහ දෙවැනි පර්යන්ත වල අද පෙරවරුවේ දිගු පෝලිම් දැකීමට හැකිවූ බව SBS පුවත් සේවය වාර්තා කරයි.

නමුත් Qantas 3වන පර්යන්තයට කිසිදු බලපෑමක් සිදු නොවී ඇති බවද සඳහන්.

මෙම කාර්මික දෝෂය හේතුවෙන් ගුවන් තොටුපොළේ සිදු කෙරෙන ආරක්ෂක පිරික්සීම් කටයුතු පැය 2 කින් පමණ ප්‍රමාද වී ඇති බවත් නැවත එම යන්ත්‍ර අද පෙරවරු 7.30 ට පමණ යථා තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවත් පැවසේ.

කෙසේවෙතත්, ගුවන් තොටුපොළ සේවා වඩා ශීග්‍රගාමීව  සිදු කරමින් ප්‍රමදවූ කාලයේ අඩුව පිරිමැසීමට කටයුතු කරමින් සිටින බව සිඩ්නි ගුවන්තොටුපොළ පවසයි.

සිඩ්නි ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වන මගීන් හැකි විගස තම ගුවන් සේවාවන් අමතා වර්තමාන තත්ත්වය දැනගන්නා ලෙස සිඩ්නි ගුවන්තොටුපොළ  බලධාරීන් උපදෙස් දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now