SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අලුත්ම නියෝගයක්. (SBS සිංහල/ වාර්තා)

شهروندی استرالیا
Source: AAP

2 min read

Published

Updated

By Amila Vidana Arachchige

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේ උත්සව, "ඔස්ට්‍රේලියා දිනය" සමරන ජනවාරි 26 වන දින පවත්වන ලෙස මධ්‍යම රජය සියලු නගර සභා වලින් ඉල්ලා තිබේ.


 SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්) 

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese 

SBS Radio APP එකෙන් (Free download) 


මෙම නව නීතියට පටහැනිව කටයුතු කරන නගර සභා වලින් පුරවැසිභාවය ලබා දීමේ උත්සව පැවැත්වීමේ අයිතිය අහෝසි කිරීමටද කටයුතු කරන බවද සඳහන් වේ.

සංක්‍රමණික කටයුතු ආමාත්‍ය David Coleman පවසන්නේ ඕස්ට්‍රේලියානු දිනය යනු ඔස්ට්‍රේලියාව තුල ජීවත්වන සියලු ජන කොටස් වලට එක්ව සැමරිය හැකි දිනයක් බවයි.

Citizenship
Source: AAP

පුරවැසිභාවය ලබා දීමේ උත්සව පැවැත්වීමේ අයිතිය නගර සභා වලින් අහෝසි කිරීමට සැරසේ

Byron Bay නගර සභාව විසින් මෙම වසරේ පුරවැසිභාවය ලබා දීමේ උත්සව ජනවාරි 26 වන දින නොපැවැත්වීමට තීරණය කර තිබුණි. මේ හේතුවෙන් එම නගර සභාවේ පුරවැසිභාවය ලබා දීමේ උත්සව පැවැත්වීමේ අයිතිය අහෝසි කිරීමටද කටයුතු කරන බව දැනුම් දීමෙන් අනතුරුව , ඔවුන් සිය තීරණය වෙනස් කොට අදාළ උත්සවය පැවැත්වූ බවද Coleman මහතා සඳහන් කර සිටියේය.

Toowoomba, Ipswich, Rockhampton සහ උතුරු New South Wales හි සමහර නගර සභා පුරවැසිභාවය ලබා දීමේ උත්සව වෙනස්කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්. මේ අතර උතුරු ටස්මෙනියාවේ Launceston නගර සභාවද මෙලෙස පුරවැසිභාවය ලබා දීමේ උත්සව වෙනස්කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.


 

Citizenship
Source: AAP

ජනවාරි 25 ද ? 26 ද ?

එම නගර සභාව පවසන්නේ ජනවාරි 26 වන දින වෙනුවට ජනවාරි 25 දින මෙම උත්සවය පැවැත්වීමට තමන් කැමැත්ත පලකරන බවයි.

එහි නගරාධිපති Albert van Zetten පවසන්නේ මෙලෙස ජනවාරි 26 වන දින පුරවැසිභාවය ලබා දීමේ උත්සවය පැවැත්වීම මගින් විවිධ බෙදීම් ඇතිවිය හැකි බවයි. කෙසේ වුවුද මෙය දැන් මතභේදකාරී තත්වයකට පත්වී ඇත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

දැනටමත් උතුරු ටස්මෙනියාවේ සමහර නගර සභා දැනටමත් පුරවැසි භාවය ලබා දීමේ උත්සවය ජනවාරි 25වන දින පවත්වන බව Albert van Zetten වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

Citizenship
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now