ශ්‍රී ලංකාවේ බෝම්බ ප්‍රහාර වලට ප්‍රධාන සැකකරු තවුහීද් ජමාත් සංවිධානයයි, විදෙස් රටවලින්ද සහය ලැබී ඇති බවට තොරතුරු.

Sri Lanka terror attacks

Source: AFP

ශ්‍රී ලංකාවේ ඊයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදුකර ඇත්තේ තවුහීද් ජමාත් නමැති සංවිධානය බවට ප්‍රධාන වශයෙන් සැක කරන බව ශ්‍රී ලංකා රජය පවසයි.

ඊයේ (21/04) සිදුවූ මෙම බෝම්බ පිපිරීම් වලින් මේ වන විට පුද්ගලයින් 290 ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට පමණ තුවාල සිදුව ඇති බවත් වාර්තා වේ.

මේ වන විට එම පිපිරීම් වලට සැකපිට පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අපරාධ අංශ ප්‍රශ්න කරමින් පසුවෙයි.

මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිදුවීම් කිහිපයකටම මෙම තවුහීද් ජමාත් සංවිධානයසම්බන්ධ බව සඳහන්.

මේ අතර මෙම ප්‍රහාර වලට ශ්‍රී ලංකාවේ අන්තවාදී මුස්ලිම් සංවිධාන සඳහා Salafi-jihadist කණ්ඩායම් වලින් විදෙස් රටවල සිට සහය ලැබී ඇති බව නිව් යෝර්ක් නුවර පදනම් කරගත් ගොලීය් ආරක්ෂාවට එල්ල වල තර්ජන පිළිබඳ අධීක්ෂණය කරන Soufan Center පැවසීය.

වසර 2000 දී නත්තල් දිනය උදාවන රාත්‍රියේ ඉන්දුනීසියාවේ බෝම්බ පිපිරීමට Al Qaeda සංවිධානය emmah Islamiyah නැමති ඉනිදුනීසියාවේ ක්‍රියාත්මක දේශීය මුස්ලිම් සංවිධානය සමග එක්ව කටයුතු කල බවද ඔවුන් පවසයි.

වසර 2005 දී අම්මාන් නුවර සිදුවූ බෝම්බ පිපිරුමද මේ අයුරින් Al Qaeda සංවිධානයේ සහය ඇතිව සිදුව ඇති බව ඔවුන් වාර්තා කරයි.

Al Qaeda සංවිධානයට දකුණු ආසියානු කලාපයෙන් අලුතින් පිරිස් බඳවා ගැනීමට අවශ්‍ය බවත් බංග්ලාදේශය, මියන්මාරය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලට වැඩි අවධානයක් යොමුව තිබු බවත් පසුගිය ජනවාරි මාසයේ Soufan Center විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now