ඔස්ට්‍රේලියාව තුල ජාතිය මුල් කරගෙන සේවකයන් අතර වැටුප් විෂමතාවයක් තිබේ ද? (SBS සිංහල /වාර්තා)

jen

Source: SBS

එක්සත් රාජධානිය තුල සුදු ජාතික නොවන පසුබිමකින් පැමිණෙන ජනයා හා සුදු ජාතීන් අතර වැටුප් විෂමතාවයක් ඇති බවට හෙළිවී ඇති අතර එය ඕස්ට්‍රේලියාවෙත් සිදු වන බව වාර්තාවක් පවසයි .

බොහෝ සුදු ජාතික නොවන කාන්තාවන් ඔස්ට්‍රේලියාව තුල සිය රැකියා වල ඉහලට යාම සෙමින් සිදු වන බවත් , ඔවුන්ගේ වැටුප් වල සුදු ජාතිකයන්ට වඩා අඩුවක් ඇති බවත් වාර්තා වේ.

Ethnic pay gap යනුවෙන් හැඳින්වෙන මෙම තත්වය වැලක්වීමට දැන් බ්‍රිතාන්‍යයේ සමාගම් වලට වෙනත් ජාතීන් ට ගෙවන වැටුප් වාර්තා කිරීමේ නීති ඉදිරිපත් ඉදරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ

බ්‍රිතාන්‍ය අග්රාමාතය Theresa May විසින් , ලන්ඩන් නුවර නගරාදිපති Sadiq Khan ගේ මුලිකත්වයෙන් 2017 දී සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වූ කරුණු නිසා මෙම තීරණය ගෙන තිබේ. 

 එසේම මාර්තු මසදී ලන්ඩන් රාජ්‍ය සේවකයන් අතරද මෙලෙස වැටුප් විෂමතාවක් ඇති බව හෙළි වී තිබේ

ඔස්ට්‍රේලියාව තුල තත්වය

මෙම තත්වය ඔස්ට්‍රේලියාව තුලද සිදු වන බව බොහෝ දෙනා පවසනවා. මෙල්බන් නුවර සංවිධානයක සාමාජිකාවක් වන

Div Pillay පවසන්නේ වසර 10ක් තුල සුදු ජාතික හා වෙනත් ජාතික කාන්තාවන් සැසදු විට ඔවුන්ගේ උසස්වීම් අතර වෙනත් ජාතික කාන්තාවන්   රැකියා උසස්වීම් අතින් වසර 5-8ක් පමණ පසුපසින් සිටින බව

Div
Source: SBS

වසර 2017 හා 2018 යන වසර වලදී සිදු කරන ලද සමීක්ෂණ වලින් වෙනස් පසුබිම් වල කාන්තාවන් 83%ක් පමණ තම පසුබිම නිසා , වයස හා කාන්තා භාවය නිසා උසස්වීම් අහිමි වූ බවට සිතන බව හෙළි වී තිබේ.

එසේම සිඩ්නි විශ්ව විද්‍යාලය විසින් සිදු කල පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ විවිධ පසුබිම් වල කාන්තාවන් ජාතිය හා කාන්තාවක් වීම නිසා එසේ පසුබෑම ට ලක් වී ඇති බව.

ඒ නිසා ඔස්ට්‍රේලියානු සමාගම් ද එසේ විවිධ පසුබිම් වල කාන්තාවන් පිළිබද වාර්තා කිරීමේ අවශ්‍යතාව මතුව තිබේ .

නව Race commissioner තනතුර ලැබූ Chin Tan විසින් ද විවිධ පසුබිම් වල පුද්ගලයන් සම්බන්ධව වූ දත්ත හිගය පිළිගෙන තිබේ .

ඔහුගේ තනතුරේ එක වගකීමක් ලෙස විවිධ පසුබිම් වල ජනයාට අවස්ථා ලබා දීම අයත් බවද ඔහු පවසා තිබේ .

anne aly
Source: SBS

ඊජිප්තුවේ උපත ලැබූ කම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී Anne Aly පවසන්නේ ඔස්ට්‍රේලියාව තවමත් සුදු ජාතිකයන් පිලිබදව පාර්ලිමේන්තුවේ වැඩි අවධානයක් යොමු කරන තත්වයක සිටින නිසා තව බොහෝ දුර මේ සම්බන්ධව යා යුතු බවයි .

රජය විසින් මේ පිළිබද දත්ත රැස්  කිරීම වැදගත් බවත් ඈ පවසනවා.

මේ සම්බන්ධයෙන්  කල විමසීමකදී බහුසංස්කෘතික කාන්තා කටයුතු ඇමතිනි Kelly O'Dwyer හා බහු සංස්කෘතික කටයුතු අමාත්‍ය David Coleman අදහස් දැක්වීම සිදු කොට නැහැ.

Div  Pillay මහත්මිය පවසන්නේ ඇය රාජ්‍ය හා වෙනත් සංවිධාන සමග මෙම තත්වය වෙනස් කිරීම සදහා විවිධ සාකච්චා සිදු කරමින් සිටින බවයි

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

 


3 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now