Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලට ගැනීමේදී නව බද්දක් පනවන්නට ඔස්ට්‍රේලියානු රජයේ වෑයමක්. (SBS සිංහල/වාර්තා)

පසුගිය වසර තුළදී අඩු වටිනාකමකින් යුත් පාර්සල් ආසන්න වශයෙන් මිලියන 40 ක් පමණ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ඇති බව එය සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය දෙස බලන කල සැම පුද්ගලයෙකු හටම පාර්සල් 2ක් බැගින් හිමි වේ.

Online shopping

Source: SBS

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ විදේශයන්හි භාණ්ඩ අන්තර්ජාලය ඔස්සේ මිලදී ගැනීමේදී එක් පැකේජයකට ඩොලර් 7 ක් දක්වා බදු ගෙවීමට නුදුරේදීම සිදුවනු ඇති බව වාර්තා  වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම නව බදු ක්‍රමය යෝජනා කර ඇති බව ABC පුවත් සේවය වාර්තා කරයි.

කෙසේනමුත් ඔස්ට්‍රේලියාවට අන්තර්ජාලය හරහා ආනයනය කරන සෑම පාර්සලයකටම මෙම නව බද්ද අය කරනවාද නැතිද යන්න මේ වන විට ඔස්ට්‍රේලියාවේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබේ.

නමුත් ඩොලර් 1000 කට අධික වටිනාකමකින් යුත් පාර්සල් සඳහා කෙසේ හෝ බදු පැනවෙන අතර එය බොහෝ දුරට ඩොලර් 2 ත් ඩොලර් 7 ත් අතර වන බව වාර්තා වේ.

පසුගිය වසර තුළදී අඩු වටිනාකමකින් යුත් පාර්සල් ආසන්න වශයෙන් මිලියන 40 ක් පමණ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ඇති බව එය සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය දෙස බලන කල සැම පුද්ගලයෙකු හටම පාර්සල් 2ක් බැගින් හිමි වේ.

ජෛව ආරක්ෂණය, භාණ්ඩ සහ වෙළෙඳාම් සඳහා කැපී පෙනෙන අවධානය යොමු කරන විට border and biosecurity agencies හෙවත් ජෛව ආරක්ෂණය සම්බන්ධවූ අයුරු දැක්වෙන නියෝජිත ආයතන වල පිරිවැය පුරවා ගැනීමට අදාළ බදු මුදල් යොදවන බව රජය පවසයි.

කෙසේවෙතත් සෑම පාර්සලයකටම මෙම බද්ද පනවනවාදැයි තීරණය කෙරෙන්නේ ඉතා කුඩා පාර්සල් ද මෙහෙයවීමට සහ තිරගත කර පරීක්ෂා කරගැනීමට කොපමණ මුදලක් යන්න මත බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර අන්තර්ජාල භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයා වන eBay ආයතනයද ඔස්ට්‍රේලියානු රජය මෙම ගෙන ආ යෝජනාවට දැඩි ලෙස විරෝධය පා ඇත.

2018 වසරේ ජූලි 01 වන දින සිට ඒ ඒ භාණ්ඩ සඳහා පැනවෙන නව GST ගාස්තු වලද එකතුව මත මෙම නව බද්ධ පැනවේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now