ඊයේ දිවුරුම් දුන් ලංකාවේ නව කැබිනට් මණ්ඩලය මෙන්න.

The new Cabinet of Ministers took their oaths

Source: Daily News

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස නැවත පත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලය ඊයේ (20/12) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දී තිබේ.

ඊට අමතරව පහත සඳහන් අමාත්‍යවරු කැබිනට් අමාත්‍යවරුන් ලෙස ඊයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

  • මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය
  • තිලක් මාරපන මහතා  - විදේශ කටයුතු
  • රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
  • ජෝන් අමරතුංග මහතා -  සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු
  • ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන
  • ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
  • රවුෆ් හකීම් මහතා  - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන
  • රවී කරුණානායක මහතා -  විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන
  • වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන
  • රිෂාඩ් බදියුදීන් මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන
  • පාඨලී චම්පික රණවක මහතා - මහනගර සහ බස්නාහිර සංවර්ධන
  • නවීන් දිසානායක මහතා - වැවිලි කර්මාන්ත
  • පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන
  • කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන
  • රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ
  • ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ
  • සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු
  • අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
  • පලනි දිගම්බරන් මහතා - කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන
  • චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන
  • තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
  • අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය
  • අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා -  තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු
  • සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන
  • හරින් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා
  • මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු
  • දයා ගමගේ මහතා -  කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම්
  • මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


3 min read

Published

Updated

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now