SKIP TO MAIN CONTENT

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මානසිකත්වය නංවන්න ජෝන්සි අද ලංකාවට ගොඩබහී

SL cricketers

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Skip to article content

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙහි මානසිකත්වය ඉහළ දැමීමේ අරමුණ ඇතිව ඔස්ට්‍රේලියාවේ කීර්තිමත් මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන  ෆිල් ජොන්සි මහතා අද (02)ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එළැඹෙන බංග්ලාදේශ සංචාරයට පෙර මෙය ආරම්භ කිරීම සුදුසු බව ශ්‍රී ලංකා පිලේ නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා යෝජනා කොට තිබේ. ඒ අනුව අනුව මනෝවෛද්‍ය ජොන්සි මහතාගේ සේවය වරින් වර කණ්ඩායමට ලබාගැනීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය එකඟතාව පළ කර තිබේ. ඒ අනුව මනෝවෛද්‍ය ජොන්සි මහතා ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට දින දහයක වැඩමුළුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. පුහුණුවිම් ආරම්භ කිරීමට පෙර මනෝවෛද්‍යවරයා විසින් සකස්කරනු ලැබූ ප්‍රශ්න 40කට පිළිතුරු සැපයීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.

ජෝන්සි වැඩකාරයෙක්....

ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර් කණ්ඩායම සඳහා තමා පුහුණුකරු වශයෙන් ක්‍රියා කරමින් සිටි අවධියේදී මනෝවෛද්‍ය විශේෂඥවරයකු වන ෆිල් ජොන්සි මහතා තමාට මුණ ගැසුණු බවත් , ඔහුගේ සේවය ලබාගැනීම තුලින් සිඩ්නි තන්ඩර් කණ්ඩායමට පිපුල ඵල නෙලාගැනීමට හැකිවූ බවත් චන්දික හතුරුසිංහ ප්‍රකාශ කොට තිබේ.  සිඩ්නි තන්ඩර් කණ්ඩායමට අමතරව බංග්ලාදේශ කණ්ඩායම සමගත් කටයුතු කර ඇති මනෝවෛද්‍ය ජොන්සි මහතා ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල, බේස්බෝල් තරගාවලිය, රග්බි ලීග් සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහා සිය සේවය ලබා දී ඇති පළපුරුදු මනෝවෛද්‍යවරක් බවද චන්දික හතුරුසිංහ පෙන්වා දෙනු ලබා ඇත.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now