වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයෙන් කම්කරු පක්ෂයට දැවැන්ත ජයක්.

Victorian state election

Source: AAP

ඔස්ට්‍රේලියාවේ ඊයේ (24/11) පැවති වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයේ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල වලින් කම්කරු පක්ෂය දැවන්ත ජයක් අත් කරගෙන සිටියි.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නැවතත් වසර 4 කට කම්කරු පක්ෂයට හිමිවන අතර වික්ටෝරියානු ප්‍රාන්තයේ හිටපු ප්‍රාන්ත අගමැති Daniel Andrews නැවතත් ප්‍රාන්ත අගමැති ලෙස තේරී පත්වී ඇත.

වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ඇති ආසන 88 න් කම්කරු පක්ෂය මේ වන විට ආසන 52 ක් හිමිකරගනිමින් දැවැන්ත ජයක් අත් කරගෙන සිටියි.

ලිබරල් සන්ධානයට මේ වන විට හිමි කරගත හැකිව ඇත්තේ ආසන 24 ක් පමණක් වන අතර ග්‍රීන්ස් පක්ෂයට මේ වන විට කිසිදු ආසනයක් හිමිකරගැනීමට හැකිවී නොමැත.

ඔස්ට්‍රේලියානු නැගෙනහිර දිවා සම්මත වේලාවෙන් 2018 නොවැම්බර් 25 වන දින රාත්‍රී 9 ට එක් එක් පක්ෂය ලබා ගත් ආසන පහත පරිදි වේ.

  • කම්කරු පක්ෂය - 52
  • ලිබරල් සන්ධානය - 24
  • ස්වාධීන  - 02
  • ග්‍රීන්ස් පක්ෂය - 0
  • ඉතිරිව ඇති ආසන - 10 

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now