SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබගේ බලශක්ති බිල්පත් අඩු කර ගැනීමට නව වෙබ් අඩවියක සහය ..(SBS සිංහල /වාර්තා)

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපට විදුලිය ඇතුලු බලශක්ති සදහා වියදමක් දැරීමට සිදු වෙනවා. කෙතරම් අමතර විදුල් පහන් නිවා දැමුවද දිනෙන් දින විදුලි බිල්පත වැඩි වීමක් දක්නට ලැබේ. දැන් නවතම වෙබ් අඩවියක් මගින් බලශක්ති ගාස්තු සැසදීමේ අවස්තාව ලබා දී තිබේ.

screen
Source: energy

2 min read

Published

Updated

By Charitha Adikari


Skip to article content

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අපට විදුලිය ඇතුලු බලශක්ති සදහා වියදමක් දැරීමට සිදු වෙනවා. කෙතරම් අමතර විදුල් පහන් නිවා දැමුවද දිනෙන් දින විදුලි බිල්පත වැඩි වීමක් දක්නට ලැබේ. දැන් නවතම වෙබ් අඩවියක් මගින් බලශක්ති ගාස්තු සැසදීමේ අවස්තාව ලබා දී තිබේ. 

ElectricityandGas.com.au යනුවෙන් හැදින්වෙන මේ වෙබ් අඩවිය හරහා ඔබේ ප්‍රාන්තයේ විවිධ සේවා සැපයුම් ආයතන මගින් ලබා දෙන තොරතුරු රැගත් සැසදීමකට ඔබට අවස්තාව ලැබේ. 

සමීක්ෂණ වලින් හෙළි වී තිබෙන්නේ , ඕස්ට්‍රේලියානුවන් වැඩිපුරම අවධානය යොමු කරන්නේ වැඩි වන බලශක්ති බිල් පත් වෙත බවයි . ඒ නිසා මෙම නව වෙබ් අඩවියෙන් ඔබේ මුදල් ඉතිරි කර ගැනීම සදහා ඔබට අවස්තාව ලැබේ

වෙබ් අඩවිය බාවිතා කරන අන්දම

1.ElectricityandGas.com.au වෙබ් අඩවියට පිවිස  ඔබේ ප්‍රාන්තය තෝරා ගන්න

elecri
Source: electricityandgas

2. ElectricityandGas.com.au වෙබ් අඩවිය තුලින් අසන ප්‍රශ්න වලට ඔබේ පිළිතුර ලබා දීමෙන් ඔබේ තත්වයට ගැලපෙන බලශක්ති ආයතනය මෙමගින් සොයා දේ . ඒ අනුව මිනිත්තු 5ක් වැනි කාලයකින් ඔබට සරිලන ක්‍රමය සැසදීමට ඔබට හැකියි

sc
Source: energy

  එසේම විවධ ආයතන වල ගාස්තු පිලිබදව අගයක් ද ලබා ගත හැකියි 

source:electricityandgas.com.au

SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese වෙබ් පිටුවෙන් 

 

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 හෝ 302 (ඕස්ට්‍රේලියාවේ පමණි )

 

සජීවීව හෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live

 

සජීවීව ගුවන් විදුලියෙන් - (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

 

93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now