පසුගිය සති අන්තයේදී ඩුබායි නුවර දී අභාවප්‍රාප්ත වූ ඉන්දියාවේ පළමු සුපිරි තාරාකාවිය ලෙස සැළකෙන ශ්‍රී දේවි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (28/02) රාජ්‍ය ගෞරව සහිතව මුම්බායි නුවරදි සිදුකෙරිණි.
ශ්‍රී දේවිගේ අවසන් කටයුතු සඳහා පවුලේ සාමාජිකයන්, සිනමාකරුවන් සහ නළු නිළියන් මෙන්ම ඇයගේ රසිකයන් දහස් ගණනක් සහභාගී විය.

ඩුබායි හි දී මිය ගිය ශ්‍රී දේවි ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අනිල් අම්බානි මහතාට අයත් පෞද්ගලික ජෙට් යානයකින් ඉන්දියාවට පෙබරවාරි 26 වන දින ගෙන එන ලදී.
එම ජෙට් යානය පසු ගිය ඉරිදා (25/02) සිට ඩුබායි ගුවන් තොටුපොළේ නවතා තිබුණේ ඇයගේ දේහය එරට බලධාරින් විසින් නිදහස් කරන ඕනෑම මොහොතක රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි.
ශ්‍රී දේවි ගේ සැමියා වන බොනී කපූර් සහ ඔහුගේ පළමු විවාහයේ පුත් අර්ජුන් කපූර් ශ්‍රී දේවිගේ දේහය රැගෙන ඉන්දියාවට පැමිණි අතර අනිල් අම්බානි, ඔහුගේ බිරිය ටීනා අම්බානි සහ අනිල් කපූර් මුම්බායි ගුවන් තොටුපොළේ දී දේහය බාර ගනු ලැබීය.
සල්මන් ඛාන්, ෂාරුක් ඛාන් සහ ඔහුගේ බිරිය ගෞරී, රජිනි කාන්ත්,කමල් හසන්, රන්වීර් සං, දීපිකා පදුකෝන්, තාබු, රේඛා, සහ ෆාරාහ් ඛාන්, ජාවේඩ් අක්තාර්, ෂබානා අස්මි ද ගුවන් තොටුපොළේ සිට නිවස දක්වා දේහය රැගත් අවමංගල රථය සමග ගමන් කළ අතර දේහය ශ්‍රී දේවිගේ නිවහනට ගෙන එන මග දෙපස ශ්‍රී දේවියට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එය දැක බලාගන්නට රැස්ව සිටියහ.

මහජන ගෞරව දැක්වීම සදහා මුම්බායි ක්‍රීඩා සමාජ පරිශ්‍රයේ තැන්පත් කර තිබු දේහය, අවසන් කටයුතු සිදු කෙරුනු ස්ථානය වෙත රැගෙන ගියේ විදුරු වලින් ආවරණය කරන ලද විශේෂ රථයකිනි.
එහි ශ්‍රී දේවිගේ සැමියා වන බොනි කපුර් සහ ඔහුගේ සොහොයුරු අනිල් කපූර් ඇතුලූ පිරිසක් ගමන් ගත් අතර ඇයගේ දේහය රත්‍රන් සහ රතු පැහැති සාරියකින් සරසවා ඉන්දීය ධජයෙන් ආවරණය කර තිබුණි.

ශ්‍රීදේවිගේ දේහය අවසන් වරට දැකබල ගැනීම සඳහා මග දෙපස දහස් සංඛ්‍යාත පිිරිසක් රැස්ව සිටි අතර ඇතැම් අවස්ථාවලදි ඔවුන්ව පාලනය කිරිමට ඉන්දීය පොලිසියට නොහැකි වූ බවද වාර්තා විය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

