SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ විදෙස් තානාපති කාර්යාල වලට යැවූ සැක සහිත පාර්සල් වල තිබුණු දේ හෙළිවෙයි.

suspicious packages to various diplomatic missions.
Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News, SBS Sinhala program


Skip to article content

ඔස්ට්‍රේලියාවේ පිහිටි විදෙස් තානාපති සහ කොන්සල්  කාර්යාල වලට සැක කටයුතු පාර්සල් යවා පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් පොලීසිය වැඩි දුර ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරයි.

49 හැවිරිදි වියෙහි පසුවන වික්ටෝරියානු ප්‍රාන්ත වාසියෙකු වන මොහු Savas Avan නම් වන අතර ඔහුව ඊයේ මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැඳවුම් බාරයට ගැනිණි.

මෙල්බර්න්. කැන්බරා සහ සිඩ්නි නුවර වල පිහිටි විවිධ විදෙස් රටවලට අයත් තානාපති, මහ කොමසාරිස් සහ කොන්සල් කාර්යාල වලට මෙම පුද්ගලයා විසින් පාර්සල් 38 ක් යවා තිබේ.

එම පාර්සල සමන්විත වුයේ ඇස්බැස්ටෝස් වලින් බව බලධාරීන් පවසයි.

මෙම ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුගෙන් වැඩි දුර ප්‍රශ්න කිරීමට පොලීසිය කටයුතු කරන බවත් ඔහු නැවතත් එළඹෙන මාර්තු 4 වන දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

පෙර පුවත


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now