SKIP TO MAIN CONTENT

මෙල්බර්න් සහ කැන්බරා තානාපති සහ කොන්සල් කාර්යාල වලට ලැබුණු සැක කටයුතු පාර්සල් හේතුවෙන් කැළඹීමක්

Hazmat and fire crews are seen outside the Indian and French Consulates on St Kilda Road in Melbourne.
Hazmat and fire crews are seen outside the Indian and French Consulates on St Kilda Road in Melbourne. Source: AAP

2 min read

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

ඊයේ (9 Dec) දිනයේදී මෙල්බෙර්න් සහ කැන්බරා හි තානාපති සහ කොන්සල් කාර්යාල වලට ලැබුණු සැක කටයුතු පාර්සල් කිහිපයක් කෙරෙහි පොලිස් පරීක්ෂණ ඇරඹෙයි.

ඒ අනුව ඉන්දීය, ග්‍රීක , ඇමරිකානු, ඉතාලි , හොං කොං , නවසීලන්ත, පකිස්ථාන සහ ස්විස් තානාපති සහ කොන්සල් කාර්යාල පිහිටා ඇති ගොඩනැගිලි වලට හදිසි සේවා අංශ පිටත්කොට හැරුණු අතර එහි සිටි සියලු ජනයා ආරක්ෂක හේතුන් මත ඉවත් කිරීමට පියවර ගැනින. මේ අතර කැන්බරා තිබු සක කටයුතු පාර්සලය කොන්සල් කාර්යාලයක් ඉලක්ක කොට යවා ඇති නමුත් එම කොන්සල් කාර්යාලය කුමක්ද යන්න මෙතෙක් හෙළිව නොමැත.

මෙල්බෙර්න් හි නගර ගිනි නිවන අංශයේ ප්‍රධානි බ්‍රයන් කෙලෙට් පැවසුයේ මෙම සැක කටයුතු පාර්සල වහාම එම ගොඩනැගිලි වලින් ඉවත් කරලිමට පියවර ගත් අතර මේ පිලිබඳ පරීක්ෂණ පැවැත්වෙනු ඇති බවයි.

ඊයේ දින හට ගත් මෙම සිදුවීමට දින 2 කට පෙර සිඩ්නි හි අජන්ටිනියානු කොන්සල් කාර්යාලය වෙත ද සුදු පැහැති කුඩු වර්ගයක් අන්තර්ගත සක කටයුතු පාර්සලයක් ලැබී තිබිණ.

මේ අතර ෆෙඩරල් පොලීසිය සහ හදිසි සේවා අංශ එක්ව සිදුකල වැඩිදුර පරීක්ෂණ වලදී මෙම සිදුවීමට සැකපිට මේ වන විට පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. 48 හැවිරිදි මෙම පුද්ගලයා වික්ටෝරියා ප්‍රාන්තයේ ෂෙපර්ටන් ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට හෙළිව තිබේ. ඔහු විසින් මෙලෙස සැක කටයුතු ද්‍රව්‍ය ඇතුලත් පාර්සල් 38ක් යවා ඇති අතර ඉන් 29 ක්ම සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now