ඔස්ට්‍රේලියාවේ අනවශ්‍ය ලෙස සංකීර්ණවූ skilled migration වැඩසටහන වෙනස් කළ යුතු බවට යෝජනාවක් (SBS සිංහල/ වාර්තා)

ශක්තිමත් ශ්‍රම වෙළඳපොලක් පවත්වා ගැනීමට අවශ්‍ය ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීම සහතික කිරීම සඳහා මෙම ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඊයේ (අගෝස්තු 21) නිකුත් කළ Deloitte Access Economics නවතම වාර්තාව පෙන්වා දෙයි.

A new report calls for an overhaul of Australia's skilled migration program

Migration industry is alarmed by reports of wide scale defrauding of the Australian Department of Immigration's skilled visa program. Source: AAP

Key Points
  • ඔස්ට්‍රේලියාවේ අනවශ්‍ය ලෙස සංකීර්ණ නිපුණතා සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බව Deloitte Access Economics නවතම වාර්තාව පවසයි.
  • It saශක්තිමත් ශ්‍රම වෙළඳපොලක් පවත්වා ගැනීමට අවශ්‍ය ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීම සහතික කිරීම සඳහා මෙය වැදගත් වනු ඇතැයි එය පෙන්වා දෙයි.ys the current system is "needlessly complex".
  • ඔස්ට්‍රේලියාවේ මානුෂීය සංක්‍රමණ වැඩසටහන පුළුල් කරන ලෙස ද මෙම වාර්තාව ඉල්ලා තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අද (අගෝස්තු 22) National Skills Week හෙවත් ජාතික නිපුණතා සතිය ආරම්භ කරයි.

ඒ හරහා ඉදිරි වසර පහ තුළ ඔස්ට්‍රේලියාවේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීන් දහය අනාවරණය කිරීමට රජය සූදානම් වේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ අනවශ්‍ය ලෙස සංකීර්ණ skilled migration system හෙවත් නිපුණතා සංක්‍රමණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතු බව නවතම වාර්තාවක් පවසයි.

ශක්තිමත් ශ්‍රම වෙළඳපොලක් පවත්වා ගැනීමට අවශ්‍ය ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කර ගැනීම සහතික කිරීම සඳහා මෙම ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඊයේ (අගෝස්තු 21) නිකුත් කළ Deloitte Access Economics නවතම වාර්තාව පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය තුළ ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළඳපොළ කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කළ අතර, ජූලි මාසයේදී රැකියා විරහිත අනුපාතය වසර 48 ක ඉතිහාසයේ අඩුම අගය වන 3.4% දක්වා පහත වැටීමෙන් එය පෙන්නුම් කරන බවද අදාළ වාර්තාව පවසයි.

ඊට අමතරව ශ්‍රම බලකායේ සහභාගීත්ව අනුපාතය ද ධනාත්මක වූ අතර, එය දැන් 66.4% ක වාර්තාගත ඉහළ මට්ටමක පවතී.

Skilled Visa
Source: AAP

සංකීර්ණ නිපුණතා සංක්‍රමණ පද්ධතිය නැවත සකස් කළ යුතුයි

රජයේ වියදම් ශ්‍රම වෙලඳපොල නගා සිටුවා ඇති නමුත් එය පවත්වාගෙන යාම දැන් බොහෝ දුරට පුද්ගලික අංශයට පැවරී ඇති බව මෙම වාර්තාවේ ප්‍රධාන කර්තෘ David Rumbens අනතුරු ඇඟවීය.

වසංගත යුගයේ ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීම් දැඩි ශ්‍රම වෙළඳපොළක් ඇති කළ අතර ඔස්ට්‍රේලියාවේ රැකියා විරහිත පුද්ගලයින්ට වඩා දැන් රැකියා පුරප්පාඩු පවතින බවද ඔහු පැවසීය.

"COVID ආරම්භයේ සිට පළමු වතාවට ශුද්ධ විදේශ සංක්‍රමණය ධනාත්මක අගයක් ගත්තා" යනුවෙන් David Rumbens පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
2021 දෙසැම්බර් කාර්තුවේදී ශුද්ධ වශයෙන් 29,000 කට වඩා වැඩි පිරිසක් ඔස්ට්‍රේලියාවට පැමිණියද, එය පෙර මාස 18 තුළ විදේශ සංක්‍රමණයන් හේතුවෙන් අහිමි වූ ශුද්ධ පුද්ගලයින් 113,000 න් 26% ක අඩුව පමණක් ඉවත් කරන බවද අදාළ වාර්තාව පෙන්වා දෙයි.

ආර්ථිකය වඩාත් නිපුණ සහ දැනුම පදනම් කරගත් ශ්‍රම බලකායක් වෙත මාරු වන අතර, නිපුණතා අංශයේ රැකියා 2.1% කින් හෝ ශ්‍රමිකයින් 39,300 කින් වසර 2032 සිට වාර්ෂිකව වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

"අපි ඔස්ට්‍රේලියාව තුළ අනාගතය සඳහා අවශ්‍ය නිපුණතා වර්ධනය කර ගැනීම සහතික කිරීමේ ප්‍රතිපත්තියට අමතරව, අපට අවශ්‍ය නිපුණතා ඇති සේවකයින් ආකර්ෂණය කර ගත හැකි බව සහතික කිරීම සඳහා අපගේ අනවශ්‍ය ලෙස සංකීර්ණ නිපුණතා සංක්‍රමණ පද්ධතිය නැවත සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි." යනුවෙන් Deloitte ආයතනයේ Fiona Webb සඳහන් කළාය.


ඔස්ට්‍රේලියාව ව්‍යාපාර සඳහා විවෘතව ඇති බව ලෝකයට පැහැදිලිව දැනුම් දිය යුතු බවත් ඒ හරහා පුහුණු ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට ආකර්ෂණය කරගැනීමට මග පාදනු ඇති බවත් ඇය පැවසුවාය.

පුහුණු ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට දිගු කාලීන විකල්ප ගැන වැඩි විශ්වාසයක් ඇති කිරීමට එනම් ස්ථිර පදිංචිය සඳහා මාර්ග සකස් කිරීමට ද රජය කටයුතු කළ යුතු බව මෙම වාර්තාව පවසයි.

මෙම වාර්තාව ඔස්ට්‍රේලියාවේ humanitarian migration program හෙවත් මානුෂීය සංක්‍රමණ වැඩසටහන පුළුල් කරන ලෙස ඉල්ලා තිබේ.



Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ අනවශ්‍ය ලෙස සංකීර්ණවූ skilled migration වැඩසටහන වෙනස් කළ යුතු බවට යෝජනාවක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala