ඔස්ට්‍රේලියාවේ PR දෙන ක්වීන්ස්ලන්ත සංක්‍රමණ වැඩසටහන දෙස් විදෙස් අයදුම්කරුවන්ට දැන් විවෘතයි(SBS සිංහල/ වාර්තා)

2022 අගෝස්තු 16 සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ Skillselect හරහා ඉදිරිපත් කරන ලද නවතම EOI පමණක් ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පිළිගන්නා බව නිවේදනය කර තිබේ.

Australian Passport

Australian Passport Source: AAP

Key Points
  • ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 2022-23 සංක්‍රමණ වැඩසටහන අගෝස්තු 16 සිට විවෘත කෙරුණි.
  • මෙය ක්වීන්ස්ලන්තයේ සිටින සහ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් දෙපාර්ශවයටම විවෘතය.
  • 2022 අගෝස්තු 16 සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ Skillselect හරහා ඉදිරිපත් කරන ලද නවතම EOI පමණක් මේ සඳහා පිළිගනී.
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන අද (අගෝස්තු 16) විවෘත කෙරුණි.

ක්වීන්ස්ලන්තයේ නව වීසා නාමයෝජනා නිර්ණායක (nomination criteria) සමග මෙම වැඩසටහන 2022-23 මුල්‍ය වර්ෂය සඳහා ක්‍රියාත්මක කෙරේ.

——————————————————————
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

——————————————————————

2022-23 නිපුණතා සංක්‍රමණ වැඩසටහන

2022 අගෝස්තු 16 සිට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ Skillselect හරහා ඉදිරිපත් කරන ලද නවතම EOI පමණක් ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පිළිගන්නා බව නිවේදනය කර තිබේ.

යාවත්කාලීන කරන ලද 2022 අගෝස්තු 16 ට පෙර ඉදිරිපත් කරන ලද EOI සඳහා වීසා නාම යෝජනා පිණිස ආරාධනා නොකරන බවද ඔවුහු දන්වා සිටිති.

ඔබ අයදුම් කරන වීසා ඛාණ්ඩයට හෝ මාර්ගයට අදාළ නව නිර්ණායක ප්‍රවේශමෙන් කියවා තේරුම් ගන්නා ලෙසත් ඔබ EOI එකක් ඉදිරිපත් කිරීමට පෙර අදාළ නිර්ණායක සපුරා ඇති බව සහතික කර අයදුම් කරන ලෙසත් ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ට දැනුම් දෙයි.


ක්වීන්ස්ලන්තයේ 2022-23 නිපුණතා සංක්‍රමණ වැඩසටහන ඔස්ට්‍රේලියාව තුළ සිටින සහ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් දෙපාර්ශවයටම අගෝස්තු 16 සිට විවෘත වේ.

මේ හරහා පුහුණු ශ්‍රමිකයින්ට, උපාධිධාරීන්ට සහ සුළු පරිමාණ ව්‍යාපාර හිමියන්ට ක්වීන්ස්ලන්තයේ වෙසෙමින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි කරගැනීමටත් පූර්ණ කාලීන රැකියා කිරීමට හෝ ව්‍යාපාර කිරීමට මාර්ග සම්පාදනය කරන බවද ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සංක්‍රමණ වැඩසටහන ඉතා තරඟකාරී වැඩසටහනක් වන බවත් වීසා නාමයෝජනා සඳහා සියලු දෙනාටම ආරාධනා නොකරනු ඇති බවත් ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ට අවධාරණය කරයි.

Skilled Worker
Source: Getty / Getty Images

ව්‍යාපාරික සංක්‍රමණ වැඩසටහන (Business Migration Program)

ක්වීන්ස්ලන්තයේ ව්‍යාපාරික සංක්‍රමණ වැඩසටහන 188 – Business Innovation stream, 188 – Investor stream සහ 188 – Significant Investor stream යන වීසා ඛාණ්ඩ සඳහා විවෘතව පවතී.

ඊට අමතරව අගෝස්තු 16 සිට 188 – Entrepreneur stream යනුවෙන් නවතම වීසා ඛාණ්ඩයක්ද මේ සඳහා එකතු කිරීමට ක්වීන්ස්ලන්ත ආගමන කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ක්වීන්ස්ලන්තයේ රැකියා ලැයිස්තු

ක්වීන්ස්ලන්ත සංක්‍රමණ වැඩසටහන යටතේ අයදුම්කරුවන් සඳහා රැකියා ලැයිස්තු දෙකක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ සිටින අයදුම්කරුවන් සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ සුදුසුකම් ලත් නිපුණතා රැකියා ලැයිස්තුවේ රැකියා/ වෘත්තීන් පමණක් අදාළ වේ.


ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන් සඳහා Queensland Skilled Occupation List (QSOL) අදාළ වන බව ඔවුහු දැනුම් දෙති.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අදාළ සුදුසුකම් ලත් නිපුණතා රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගන්න.

Queensland Skilled Occupation List (QSOL) මෙතනින් ලබාගන්න.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ PR දෙන ක්වීන්ස්ලන්ත සංක්‍රමණ වැඩසටහන දෙස් විදෙස් අයදුම්කරුවන්ට දැන් විවෘතයි(SBS සිංහල/ වාර්තා) | SBS Sinhala