ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි වික්ටෝරියා සංක්‍රමණ වැඩසටහන වෙනස්කම් රැසක් සමග දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා)

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ රැකියා ලැයිස්තුවේ ඇති සියලුම වෘත්තීන් මේ සඳහා දැන් සුදුසුකම් ලබයි.

Victoria Skilled Migration Program for 2022-23 is now open

Victoria Skilled Migration Program for 2022-23 is now open Source: Getty / Getty Images

Key Points
  • 2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන අගෝස්තු 11 දින සිට විවෘත කර තිබේ.
  • 2022-23 වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ 190 හා 491 වීසා ඛාණ්ඩ සඳහා ලබාදෙන කෝටා ප්‍රමාණය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
  • ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට ද මේ සඳහා අයදුම් කළ හැකිය.
ඔස්ට්‍රේලියාවේ 2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක හෙවත් නිපුණතා වීසා වැඩසටහන අගෝස්තු 11 දින සිට විවෘත කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

කොවිඩ් වසංගතයෙන් පීඩා විඳි වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය හා ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

සෞඛ්‍ය හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බොහෝ වෘත්තීන් වල නියැලෙන පිරිස් හට මෙන්ම IT හා ඉංජිනේරු ක්ෂේත්‍ර වල සිටින්නන් සඳහා ද මෙවර වැඩි අවස්ථාවක් මේ හරහා ලබා දී ඇත.

————————————————-

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

—————————————————

වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන

මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.

  • Skilled Work Regional (Provisional) visa (subclass 491)
  • Skilled Nominated visa (subclass 190)

Skilled Nominated visa (subclass 190) යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව පිරිනමන වීසා ඛාණ්ඩයකි.

Skilled Work Regional (Provisional) visa (subclass 491) යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ වාසය කිරීමට සහ එම කලාපයේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන වීසා ඛාණ්ඩයකි. අදාළ කොන්දේසි සපුරමින් වසර 3 කට පසුව මෙම වීසා බලපත්‍රලාභීන් හට 191 වීසා යන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව පිරිනමන වීසා ඛාණ්ඩයට අයදුම් කිරීමට අවස්ථාව සැලසේ.


2022-23 වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළ 190 හා 491 වීසා ඛාණ්ඩ සඳහා ලබාදෙන කෝටා ප්‍රමාණය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

Visa
Source: SBS

අයදුම් කිරීම

පෙර වසරවල මෙන්ම, අයදුම්කරුවන් පළමුව Registration of Interest (ROI) එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන අතර පසුව වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඔවුන්ගේ තරඟකාරී කුසලතා මත තෝරා ගනු ලැබේ.

අදාළ ROI 2023 මැයි මාසය දක්වා තක්සේරු කෙරේ.

2021-22 වසරේදී ඔබව තෝරා ගත්තේ නැතිද?

2021-22 වික්ටෝරියා සංක්‍රමණ වැඩසටහන ඉතා තරඟකාරී වූ අතර 15,000 කට අධික Registrations of Interest ලියාපදිංචි කිරීම් ඉදිරිපත් කර තිබුණි.

අයදුම් කිරීමට තෝරා නොගත් අයදුම්කරුවන් 2022-23 වැඩසටහන සඳහා නව Registrations of Interest ඉදිරිපත් කිරීමට උනන්දු කරනු ලැබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

2022-23 වැඩසටහන සඳහා වූ වෙනස්කම්

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන අයදුම්කරුවන්ට අමතරව, සුදුසුකම් ලත් සියලුම වෘත්තීන්හි 190 වීසා සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන අයදුම්කරුවන් ටද අයදුම් කිරීමට අවසර ලැබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන අයදුම්කරුවන්ට අමතරව 491 වීසා බලපත්‍ර සඳහා ද ඔස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන අයදුම්කරුවන් ටද අයදුම් කිරීමට අවසර ලැබේ. නමුත් එහිදී සෞඛ්‍ය වෘත්තීන් සඳහා ප්‍රමුඛත්වය දෙන බව සඳහන්.


සුදුසුකම් ලබන වෘත්තීන

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ රැකියා ලැයිස්තුවේ ඇති සියලුම වෘත්තීන් මේ සඳහා දැන් සුදුසුකම් ලබයි.

අයදුම්කරුවන් අයදුම් කිරීමට STEMM කුසලතා භාවිතා කිරීම සහ ඉලක්ක අංශයක වැඩ කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි වික්ටෝරියා සංක්‍රමණ වැඩසටහන වෙනස්කම් රැසක් සමග දැන් විවෘතයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala