ඔස්ට්‍රේලියාවේ PR සහ රැකියා වීසා දෙන ක්වීන්ස්ලන්තයේ නවතම සංක්‍රමණ වැඩසටහන මෙන්න (SBS සිංහල/ වාර්තා)

ක්වීන්ස්ලන්තයේ වෙසෙන පුහුණු ශ්‍රමිකයින්ට 190 වීසා සඳහා මෙන්ම 491 වීසා සඳහා ද අයදුම් කළ හැකිය.

Flag of Australia on world map

Source: Kagenm/Getty

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා අවශ්‍ය සුදුසුකම් සහ අවශ්‍යතා මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

2022-23 මුල්‍ය වර්ෂය සඳහා මේවා බලපාන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.


Highlights

  • ක්වීන්ස්ලන්තයේ ආචාර්ය උපාධිධාරීන් සඳහා 190 සහ 491 වීසා ඛාණ්ඩවලින් ඕනෑම ඛාණ්ඩයකට අයදුම් කළ හැකිය.
  • ක්වීන්ස්ලන්තයේ ශාස්ත්‍රපති සහ සාමාන්‍ය උපාධිධාරීන් සඳහා අයදුම් කළ හැක්කේ 491 වීසා ඛාණ්ඩයට පමණි.
  • ක්වීන්ස්ලන්තයේ වෙසෙන පුහුණු ශ්‍රමිකයින්ට 190 වීසා සඳහා මෙන්ම 491 වීසා සඳහා ද අයදුම් කළ හැකිය.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයක උපාධිධාරීන්

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයකින් උපාධියක්, ශාස්ත්‍රපති උපාධියක් හෝ ආචාර්ය උපාධියක් ලබාගෙන දැනට ක්වීන්ස්ලන්තයේ වාසය කරන ඉහළ කාර්යසාධනයක් ඇති උපාධිධාරීන් සඳහා මෙම මාර්ගය විවෘතවේ.

ආචාර්ය උපාධිධාරීන්

ක්වීන්ස්ලන්තයේ ආචාර්ය උපාධිධාරීන් සඳහා 190 සහ 491 වීසා ඛාණ්ඩවලින් ඕනෑම ඛාණ්ඩයකට අයදුම් කළ හැකිය.

ඒ සඳහා skilled occupations හෙවත් නිපුණතා රැකියා ලයිස්තුවේ තමන්ගේ අධ්‍යාපනයට අදාළ රැකියාව තිබිය යුතුය.

ක්වීන්ස්ලන්තයේදී පාඨමාලාව 100% අවසන් කළ යුතු අතර පසුගිය වසර 2 තුළ නිබන්ධනය පිළිබඳ තීරණයක් ලබාගෙන හෝ උපාධිය සම්පුර්ණ කර තිබිය යුතුය.

රැකියාවක් අවශ්‍ය නැත.
Graduate Visa
Source: Getty Images/Barry Austin Photography

ශාස්ත්‍රපති සහ සාමාන්‍ය උපාධිධාරීන්

ක්වීන්ස්ලන්තයේ ශාස්ත්‍රපති සහ සාමාන්‍ය උපාධිධාරීන් සඳහා අයදුම් කළ හැක්කේ 491 වීසා ඛාණ්ඩයට පමණි.

ඒ සඳහා skilled occupations හෙවත් නිපුණතා රැකියා ලයිස්තුවේ තමන්ගේ අධ්‍යාපනයට අදාළ රැකියාව තිබිය යුතුය.

උපාධි පාඨ මාලාව 100% ක් සම්පුර්ණ කළ යුතුය.

GPA අගය 6.0 හෝ ඊට වැඩි විය යුතුය.
ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය.

නම් කරන ලද හෝ ඊට සමීපව සම්බන්ධ රැකියාවක අවම වශයෙන් සතියකට පැය 20 ක (උපාධියෙන් පසු) අවම වශයෙන් මාස 3 ක සේවා පළපුරුද්දක් තිබිය යුතුය.

මාස 12ක් සඳහා සතියකට අවම වශයෙන් පැය 20ක් සඳහාවත් Job offer එකක් තිබිය යුතුය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ක්වීන්ස්ලන්තයේ වෙසෙන පුහුණු ශ්‍රමිකයින්

ක්වීන්ස්ලන්තයේ වෙසෙන පුහුණු ශ්‍රමිකයින්ට 190 වීසා සඳහා මෙන්ම 491 වීසා සඳහා ද අයදුම් කළ හැකිය.

190 වීසා සඳහා අවම වශයෙන් ලකුණු 80 ක් හෝ ඊට වැඩියෙන් තිබිය යුතු අතර 491 වීසා සඳහා අවම වශයෙන් ලකුණු 65 ක් හෝ ඊට වැඩියෙන් තිබිය යුතුය.

skilled occupations හෙවත් නිපුණතා රැකියා ලයිස්තුවේ තමන්ගේ අධ්‍යාපනයට අදාළ රැකියාව තිබිය යුතුය.

ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය තිබිය යුතුය.
ඔබ 190 වීසා බලපත්‍රයක් සඳහා EOI එකක් යොමු කරන්නේ නම්: ඔබේ EOI එක ඉදිරිපත් කිරීමට පෙර ක්වීන්ස්ලන්තයේ පසුගිය මාස 6 තුළ සතියකට අවම වශයෙන් පැය 35 ක පූර්ණ කාලීන රැකියාවක් කළ බවට සාක්ෂි සැපයිය යුතුය.

ඔබ 491 වීසා බලපත්‍රයක් සඳහා EOI එකක් යොමු කරන්නේ නම්: ඔබේ EOI එක ඉදිරිපත් කිරීමට පෙර ඔබ විසින් නම් කරන ලද රැකියාවේ පසුගිය මාස 3 තුළ ක්වීන්ස්ලන්තයේ ප්‍රාදේශීය කලාපයක ජීවත් වී සතියකට අවම වශයෙන් පැය 35 ක පූර්ණ කාලීන රැකියාවක් භාරගෙන ඇති බවට සාක්ෂි සැපයිය යුතුය.

ක්වීන්ස්ලන්තයේ ලියාපදිංචි වී ඇති ක්වීන්ස්ලන්ත සේවා යෝජකයෙකු සමඟ දැනට ඇති රැකියාව සමග සතියකට අවම වශයෙන් පැය 35ක් සහිතව තවත් මාස 12ක් සඳහා රැකියාව පිළිබඳ සාක්ෂි සැපයිය යුතුය.

190 වීසා ලැබීමෙන් පසු වසර 2 ක් සහ 491 වීසා ලැබීමෙන් පසු වසර 3 ක් ක්වීන්ස්ලන්තයේ ජීවත් වීමට සහ රැකියා කිරීමට කැප විය යුතුය.

491 වීසා සඳහා අයදුම් කිරීමේදී ඔබ පහත සඳහන් post codes වලින් එකක වාසය කළ යුතුවේ.

4019–4022, 4025, 4037, 4074, 4076–4078, 4124–4125, 4133, 4183–4184, 4207–4275, 4280–4287, 4300–4301, 4303–4498, 4500–4512, 4514–4519, 4521, 4550–4575, 4580–4895.

ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුහුණු ශ්‍රමිකයින්

ක්වීන්ස්ලන්තයේ සංක්‍රමණික වැඩසටහන දැනට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින පුහුණු ශ්‍රමිකයින් සඳහා විවෘත කර නොමැත.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service