ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ඉතා ඉක්මණින් ලබා ගැනීමට ගුරුවරුන්ට මහඟු අවස්ථාවක් (SBS සිංහල/ වාර්තා)

ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත්වලින් විදෙස් රටවල ගුරුවරුන් විසින් යොමු කළ අයදුම්පත් සලකා බැලීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමට ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil එකඟ වූ බව අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.

A crowd walking behind several people holding a banner that reads "NO TEACHERS, NO FUTURE".

NSW public school teachers during a strike in December, 2021, over staff shortages and salaries. Source: AAP / Mick Tsikas

Key Points
  • විදෙස් රටවල ගුරුවරුන් විසින් යොමු කළ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සඳහා ද ප්‍රමුඛත්වයක් ලබාදීමට මධ්‍යම රජය සූදානම් වේ.
  • ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ හිඟය පිරවීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
  • මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ගුරුවරුන්ගේ හිඟයක් පවතී.
විදෙස් රටවල ගුරුවරුන් විසින් යොමු කළ ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් සඳහා ද ප්‍රමුඛත්වය දිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.

ඔස්ට්‍රේලියානු අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරුන්ගේ හිඟය පිරවීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත්වලින් විදෙස් රටවල ගුරුවරුන් විසින් යොමු කළ අයදුම්පත් සලකා බැලීම සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමට ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil එකඟ වූ බවද අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.


මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම සහ ටෙරිටරියකම ගුරුවරුන්ගේ හිඟයක් පවතී.

මධ්‍යම රජයෙන් ස්වාධීනව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි තම කලාපවලට පැමිණ සේවයේ නියුතුවීමට කැමති ගුරුවරුන් පිළිබඳ කටයුතු කරමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

ඒ සඳහා ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි වෙන වෙනම සංක්‍රමණ නීති හා නිර්ණායක ක්‍රියාත්මක කරයි.

එනිසා ඔවුන්ට හැකි ඉක්මනින් වීසා ලබා ගැනීමට වග බලා ගැනීම මධ්‍යම රජයේ වගකීමක් බව ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.
A man speaking.
Education Minister Jason Clare says visas for overseas teachers should be prioritised in a bid to help fill the workforce shortage in the education system. Source: AAP / Lukas Coch

ඔස්ට්‍රේලියාවේ ගුරුවරුන්ගේ හිඟය

අධ්‍යාපන අමාත්‍ය Jason Clare කැන්බරා නුවරදී ප්‍රාන්ත සහ ටෙරිටරි අමාත්‍යවරුන් හමුවී මෙම ගුරුවරුන්ගේ අර්බුදය විසඳන්නේ කෙසේදැයි සාකච්ඡා කළේය.

ගුරුවරුන්ගේ හිඟය, ඔවුන්ට පැවරෙන අධික වැඩ බර, රැකියාවේ රඳවා ගැනීමේ ගැටළු සහ ඉගැන්වීම සඳහා වෘත්තීය මැද වෙනසක් කිරීමට කැමති පුද්ගලයින් සඳහා දිරිගැන්වීම් පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.
———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
පුහුණු ශ්‍රමිකයින් හිඟ ප්‍රදේශවල සිටින පුද්ගලයින් සඳහා ඉක්මණින් පුරවැසිභාවය ලබා දීම පිළිබඳව මධ්‍යම රජයට සලකා බැලිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අධ්‍යාපන ඇමතිනි Sarah Mitchell පැවසුවාය.


ඔස්ට්‍රේලියාව පුරා අධ්‍යාපන ක්‍රමයේ සියලුම ක්ෂේත්‍රවල ප්‍රවීණතාවය මත පදනම්ව ජාතික ක්‍රියාකාරී සැලැස්මක අවශ්‍යතාවකට එකඟ වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසීය.

එය දෙසැම්බර් මාසය වන විට නැවත අමාත්‍යවරුන් හමුවී අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පැවසීය.

පැවැත්වූ රැස්වීමෙන් මතු වූ ප්‍රමුඛතා ක්ෂේත්‍ර තුනක් පිළිබඳවද අමාත්‍ය Jason Clare අනාවරණය කළ අතර ඒවා පහත පරිදි වේ.
  1. ගුරුවරුන් වීමට වැඩි පිරිසක් දිරිමත් කිරීම
  2. පාසල් සඳහා අභ්‍යාසලාභී ගුරුවරුන් සූදානම් කිරීම
  3. පසුව එම ගුරුවරුන් රඳවා තබා ගැනීමේ ජාතික ප්‍රවේශයක් බිහි කිරීම

ගුරුවරුන්ගේ පරිපාලන බර ඉවත් කිරීම

ගුරුවරුන්ගේ පරිපාලන බර ඉවත් කිරීමේ අවශ්‍යතාවය ද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව සිසුන්ට අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන්ට වැඩි කාලයක් ලබා දීමට හැකිවන බව ඔහු පැවසීය.

ගුරුවරුන් තම රැකියාව ආරම්භ කරන අවස්ථාවේ ලැබෙන වැටුප් ඉතා තරඟකාරී බව හොඳම ගුරුවරුන් සඳහා කුසලතා මත පදනම් වූ වැටුප් වැඩිවීම් ගැන විමසූ විට අධ්‍යාපන අමාත්‍ය Jason Clare පැවසුවේය.

උපාධියක් හැදෑරීම සඳහා රැකියාවක් කිරීම නතර කිරීමට ඔවුන්ට නොහැකි බැවින් ගුරු වෘත්තියේදී වෘත්තීය වෙනසක් කිරීමට අවශ්‍ය වෘත්තිකයන් සඳහා ඇති පරතරය පියවා ගත යුතු බව ද ඔහු පැවසීය.


ගුරුවරුන් දැඩි ලෙස හෙම්බත් වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තමන්ගේ අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් අත්හැර දමන බවත් අධ්‍යාපන අමාත්‍ය Jason Clare හෙළි කළේය.

ගුරු උපාධියක් ආරම්භ කරන අයගෙන් 70% ක් පමණ එය අවසන් කරන නමුත් එය සම්පූර්ණ කරන්නේ 50% ක් පමණ තරුණ තරුණියන් බව ඔහු පැවසීය.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service