ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වීසාවලට at-home හෝ online ඉංග්‍රීසි පරීක්ෂණ අනුමත නොකරන බවට නිවේදනයක්

Home Affairs advised they do not accept ’at-home’ or ‘online’ English tests for Australian migration purposes

Home Affairs advised they do not accept ’at-home’ or ‘online’ English test for Australian migration purposes Source: Getty / Getty Images

ඔස්ට්‍රේලියානු සංක්‍රමණ කටයුතුවලට අදාළව 'නිවසේ සිට' හෝ 'online' මාර්ගයෙන් සිදුකරන ඕනෑම ඉංග්‍රීසි පරීක්ෂණයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනුමත නොකරන බව ඔවුහු දන්වා ඇත.


ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කටයුතු ආශ්‍රිතව සලකා බැලෙන ඉංග්‍රීසි පරීක්ෂණ පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියානු සංක්‍රමණ කටයුතුවලට අදාළව 'නිවසේ සිට' හෝ 'online' මාර්ගයෙන් සිදුකරන ඕනෑම ඉංග්‍රීසි පරීක්ෂණයක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අනුමත නොකරන බව ඔවුහු දන්වා ඇත.

———————————————————————————
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
———————————————————————————

ඇතැම් ඉංග්‍රීසි පරීක්ෂණ සපයන්නන් අයදුම්කරුවන්ට නිවසේදී හෝ online මාරගයෙන් ගත හැකි ඔවුන්ගේ ඉංග්‍රීසි පරීක්ෂණවල විකල්ප පරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

TOEFL iBT – Special Home Edition, OET@Home, PTE online සහ IELTS Indicator ඒ සඳහා නිදසුන් ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, නවසීලන්තය හෝ අයර්ලන්ත ජනරජයේ පුරවැසියෙකු නම් සහ එම රටවල්වලින් එකක හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඇති පුද්ගලයන්ට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේදී ඉංග්‍රීසි භාෂා පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය නොමැත.

නමුත් British National (Overseas) passports හෙවත් බ්‍රිතාන්‍ය ජාතික (විදේශීය) ගමන් බලපත්‍ර සඳහා එම පිළිගැනීම නොලැබේ.

අන් සියලු අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති පහත සඳහන් ඉංග්‍රීසි පරීක්ෂණවලින් එකකට නියමිත ලකුණු ප්‍රමාණය ලබාගත යුතුවේ.
ඉංග්‍රීසි පරීක්ෂණය
අවශ්‍ය ලකුණු ප්‍රමාණය
International English Language Testing System (IELTS Academic or General Training​)
අංශ හතරේ එක් එක් අංශයක් සඳහා අවම වශයෙන් ලකුණු 6 බැගින්
Test of English as a Foreign Language internet-based Test (TOEFL iBT)
අවම වශයෙන් listening සඳහා 12, reading සඳහා 13, writing සඳහා 21 සහ speaking සඳහා 18
Pearson Test of English Academic (PTE Academic)
අංශ හතරේ එක් එක් අංශයක් සඳහා අවම වශයෙන් ලකුණු 50 බැගින්
Occupational English Test (OET)
අංශ හතරේ එක් එක් අංශයක් සඳහා අවම වශයෙන් ලකුණු B බැගින්
​Cambridge C1 Advanced test
අංශ හතරේ එක් එක් අංශයක් සඳහා අවම වශයෙන් ලකුණු 169 බැගින්

එමෙන්ම ස්වදේශ කටයුතු දෙපාරතමේන්තුව දන්වා ඇති පරිදි 186,187,188,189,190, 489, 491, 494 යන වීසා ඛාණ්ඩ සඳහා අයදුම් කිරීමේදී අයදුම් කරන දිනට පෙර අදාළ පරීක්ෂණය සිදුකර වසර 3 ක් ඉක්මවා නොතිබිය යුතුය.

එමෙන්ම 189, 190, 489 සහ 491 යන වීසා ඛාණ්ඩ සඳහා ඔබේ සහකරුවාගේ හෝ සහකාරියගේ ද ලකුණු ඔබේ අයදුම්පතට එකතු කරනවානම්, වීසා බලපත්‍රයට අයදුම් කරන ලෙස ආරාධනා කරන අවස්ථාවේදී ඔබේ සහකරු ඉහත කොන්දේසිවලට යටත්ව අදාළ ඉංග්‍රීසි පරීක්ෂණයේ නිශ්චිත ලකුණු ලබාගෙන තිබිය යුතුය.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service