Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත සහ ලිංගික හිංසනය වැලකීමට ස්වාධීන කොමසාරිස්වරයකු ඉල්ලයි: අප්‍රේල් 02 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

අප්‍රේල් 02 වන දා සිකුරාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

In Australia, violence against women is called many different things, including domestic violence, family violence, intimate partner violence, sexual harassment and sexual assault.
家庭暴力可能对受害者或目击者的心理健康产生重大负面影响。 Source: Getty

Highlights

  • කොරෝනා එන්නත් වැඩපිළිවෙල පිළිබඳව ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලයි  
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තවත් සති දෙකක් කොරෝනා නීති
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා 4කට කොරෝනා නීති 
  • ගුවන් ටිකට් පත් අඩු කිරීම ප්‍රමාණවත් නැහැ, සංචාරක ක්ෂේස්ත්‍රය සහනාධාර ඉල්ලයි
  • ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත සහ ලිංගික හිංසනය වැලකීමට ස්වාධීන කොමසාරිස්වරයකු ඉල්ලයි 
  • පාස්කු ප්‍රහාරයේ සහරාන්ගේ තවත් 4ක් අත්අඩංගුවට 

කොරෝනා එන්නත් වැඩපිළිවෙල පිළිබඳව ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ඉල්ලයි

ඔස්ට්‍රේලියාව අපේක්ෂා කල වේගයට වඩා අඩු වේගයකින් කොරෝනා එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඉවසීමෙන් යුතුව කටයුතු කරන ලෙස ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය Michael McCormack ජනතාවගෙන් ඉල්ලයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාව පුරා පුද්ගලයින් 744,000කට පමණ කොරෝනා එන්නත් ලබා දී තිබේ.නමුත් එය ඕස්ට්‍රේලියානු රජය අපේක්ෂා කල ඉලක්කය වන, අප්‍රේල් මස මුල වනවිට මිලියන 4කට එන්නත් ලබාදීමේ ඉලක්කයට වඩා බොහෝ අඩු මට්ටමක පවතී.

මේ සඳහා විදේශයන්ගෙන් ගෙන්වන කොරෝනා එන්නත් අඩුවීම බලපෑ අතර විශේෂයෙන්ම යුරෝපා සංගමය සිදු කල ඇතැම් එන්නත් ආනයන නැවත්වීම බෙහෙවින් බලපා තිබේ.

කෙසේ නමුත් මෙම අභියෝගයන් ජයගැනීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටින අතර මෙය ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ ඉතාම විශාල ඉලක්කගත කාර්යයක් වන බවද Michael McCormack පවසයි.

Lockdown ඉවත් කලත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තවත් සති දෙකක් කොරෝනා නීති

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Greater Brisbane හි පැවති Lockdown තත්වය ඊයේ මධ්‍යහනයේ සිට ඉවත් කෙරුණු අතර මෙම මස 15 වැනිදා දක්වා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා කොරෝනා නීති ක්‍රියාත්මක කෙරේ.

මේ අනුව එම ප්‍රාන්තය තුල එක් ස්ථානයකට පුද්ගලයින් 30 දෙනෙකු හට පමණක් රැස්විය හැකි අතර සියලුම ගෘහස්ත ස්ථාන වලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

එමෙන්ම මේ වනවිට ප්‍රාන්තය තුල ක්‍රියාත්මක නීතීන්ට අනුව

රෝහල්, වයස්ගත සත්කාරක , ආබාධිත සත්කාරක වැනි ස්ථාන සඳහා බාහිර පුද්ගලයින්ට පැමිනිය නොහැකි අතර අවන්හල්, කැෆේ, බාර් සහ සමාජශාලා තුල අසුන් ගැනීම අනිවාර්ය වේ.

එමෙන්ම පොදු ස්ථාන වල නර්තනයේ යෙදීමද තහනම් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රාන්ත ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය Jeannette Young සඳහන් කොට සිටින්නේ

මුලු ප්‍රාන්තය පුරාම මෙලෙස නීති ක්‍රියාත්මක කිරීම ඔස්සේ ජනතාවට දැඩි ආරක්ෂාවක් සැලසෙන බවයි.

මේ වනවිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සහ නොදර්න් ටෙරිටරිය Greater Brisbane සඳහා පනවා තිබු දේශසීම නීතිද ඉවත් කොට තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා 4කට කොරෝනා නීති

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මගින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ආසන්නයෙන් පිහිටි නගර සභා ප්‍රදේශයන් 4ක් සඳහා කොරෝනා නීති හඳුන්වා දී තිබේ.

කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සඳහන් කොට සිටින්නේ සංචාරකයින් සඳහා සිය ප්‍රාන්තය විවුර්ත බවයි.

කෙසේ නමුත් අවධානයකින් යුතුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් Gladys Berejiklian සඳහන් කරන්නේ තම ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශ බලධාරීන් විශාල කාර්යයක් සිදු කොට ඇති බවයි.

ගුවන් ටිකට් පත් අඩු කිරීම ප්‍රමාණවත් නැහැ, සංචාරක ක්ෂේස්ත්‍රය සහනාධාර ඉල්ලයි

ගුවන් ටිකට් පත් වල මිල අර්ධයකින් අඩු කිරීම ඔස්සේ තම ව්‍යාපාරයන්ට ප්‍රමාණවත් සහන නොලැබෙන බව සංචාරක ක්ෂේස්ත්‍රයේ ක්‍රියාකාරීන් පවසයි. මේ හේතුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ යම් සහනාධාරයක් හෝ මුල්‍යාධාර තමන්ට ලබා දෙන ලෙසයි.

ඊයේ දිනයේදී පමණක් Qantas සහ Jetstar ගුවන් ටිකට්පත් 100,000ක් පමණ අලෙවි වී ඇති අතර Virgin Australia ගුවන් සමාගමද කොරෝනා වෛරස ආරම්භයෙන් පසුව එම සමාගම ලැබූ ඉහලම ටිකට්පත් අලෙවිය ඊයේ ලබා තිබේ.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය මාස 3ක කාලයක් තුල ගුවන් ටිකට්පත් 800,000ක් සඳහා ප්‍රතිපාදන සපයන නමුත් එම ප්‍රමාණය ඉහල දැමීමට සිදු වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඕස්ට්‍රේලියාවේ ගෘහස්ත සහ ලිංගික හිංසනය වැලකීමට ස්වාධීන කොමසාරිස්වරයකු ඉල්ලයි

ඕස්ට්‍රේලියාවේ පවුල්, ගෘහස්ථ හා ලිංගික හිංසනය පිළිබව වන ගැටළුව විසඳීම සඳහා ස්වාධීන ජාතික කොමසාරිස්වරයකු පත් කරන ලෙස ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු පරීක්ෂණයක් නිර්දේශ කොට තිබේ.

කාන්තාවන්ට සහ ළමුන්ට වන හිංසනය අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ චින්තනය වෙනස් කල යුතු බවට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සමාජ ප්‍රතිපත්ති හා නීති කටයුතු කමිටුව විසින් ඉදිරිපත් කරන ලද ද්වි පාර්ශවීය වාර්තාවකින් පෙන්වා දී තිබේ.

මෙමගින් නිර්දේශ 88ක් ඉදිරිපත් කරන අතර, පවුලේ, ගෘහස්ථ හා ලිංගික හිංසනය පාලනය කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් සඳහාද මෙහි ඉල්ලීම් පවතී.

පාස්කු ප්‍රහාරයේ සහරාන්ගේ තවත් 4ක් අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් සඳහා සම්බන්ධ තවත් පුද්ගලයින් 4 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සහරාන් හශීම්ගේ අන්තවාදී දේශන ඇතුලත් වීඩියෝ පට අන්තර්ජාලය හරහා විකාශය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් Watsapp භාවිත කිරීම මගින් මෙම වීඩියෝ අන්තර්ජාලය ඔස්සේ විකාශය කොට ඇති බවට වාර්තා හඳුනාගෙන තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කටාර් රාජ්‍යයේ සිට මෙම කටයුතු සිදු කොට ඇති අතර ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කටාර් රාජ්‍යයෙන් සිදු කල ඉල්ලීමකට අනුව පසුගිය නොවැම්බර් මසදී මොවුන් දෙදෙනා එරටින් පිටුවහල් කොට තිබේ.

සහරන් හෂීම් විසින් පාස්කු ප්‍රහාරයට පෙර සිදු කරන ලද යාඥාව සහ අවසන් චායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇත්තේද මොවුන් දෙදෙනාගෙන් එක් අයකු බවට මේ වනවිට හෙළිව තිබේ.

මොවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ.

එමෙන්ම 2018 වසරේදී සහරාන්ගේ අනුගාමිකයින් විසින් උතුරු ප්‍රදේශයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ අවසන් කල මුස්ලිම් දරුවන් හට අන්තවාදී මුලධර්මවාදී පන්ති පැවැත්වූ බවට වාර්තා වූ අතර, 2018 වසරේදී මුතුර් ප්‍රදේශයේ එම පන්ති පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ චෝදනා යටතේ සෙසු පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔබේ ප්‍රියතම සිංහල අවුරුදු ආහාරයට මනාපය පළ කර SBS සිංහල ගුවන් විදුලියෙන් වටිනා තෑගී මල්ලක් දිනාගන්න ඔබටත් අනගි අවස්ථාවක්, 

මේ සඳහා SBS සිංහල ගුවන් විදුලිය සිදු කරන Online මත විමසුමට මෙතනින් පිවිසෙන්න


4 min read

Published

By Nipuna Dodangoda


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now