Cairns නුවර දිය ඇල්ලක ගිලී මෙල්බර්න් නුවර විසූ ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු මරු තුරුළට (SBS සිංහල/ වාර්තා)

Cairns නගරයට මිනිත්තු 25 ක පමණ දුරකින් පිහිටි Crystal නමැති දිය ඇල්ලේ දිය නෑමේදී මොවුන් දෙදෙනා දියේ ගිලී මිය ගොස් තිබේ.

Crystal Cascades Tragedy.jpg

Credit: Facebook

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Narre Warren උප නගරයේ වාසය කළ ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු Cairns හි දිය ඇල්ලක දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

59 හැවිරිදි සිසිර ගජනායක සහ ඔහුගේ පුත් 21 හැවිරිදි තේමීය ගජනායක යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දිය ඇල්ලක සිදුවූ ඛේදවාචකය

Cairns නගරයට මිනිත්තු 25 ක පමණ දුරකින් පිහිටි Crystal Cascades නමැති දිය ඇල්ලේ දිය නෑමේදී මොවුන් දෙදෙනා දියේ ගිලී මිය ගොස් තිබේ.

මොවුන් ඔවුන්ගේ හිතවත් පවුල් හතරක් සමඟ නිවාඩුවක් ගත කිරීමට ගිය බව සිසිර ගජනායක මහතා සේවය කළ Ventura Bus සමාගම පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

සිසිර ගජනායක නමැති පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගැනීමට තේමිය නමැති පුත්‍රයා උත්සාහ කර ඇති බව වාර්තා වේ.

අප්‍රේල් 11 සවස 5 ට පමණ මොවුන් දෙදෙනා දියේ ගිලීමට පටන් ගත් විට හදිසි සේවා සඳහා ඇමතුම් ලබාදී ඇත.
Crystal Cascade Waterfall.jpg
Crystal Cascade Waterfall Credit: Facebook/ Crystal Cascade Waterfall
සිසිර සහ තේමිය ඇතුළු කණ්ඩායමේ සිටි සැවොම දිය නෑමට ගිය බවත් එක්වරම ජල මට්ටම ඉහළ ගිය බවත් ඒ මොහොතේ මෙම ඛේදවාචකය සිදුවූ බවත් එම නිවාඩු සංචාරය ගොස් සිටි ගජනායක පවුලේ හිතවතෙකු පැවසීය.

මිය ගිය පුද්ගලයින් අදාළ දිය ඇල්ල ආශ්‍රිතව පිහිටි වතුර වලවල්වල ගිලීම නිසා මිය ගිය බව ක්වීන්ස්ලන්ත ගිලන්රථ ප්‍රකාශකයෙකු පැවසුවේය.

තේමිය ගජනායක තරුණයා එවෙලෙහි සිහිසුන්ව සිටි බවත් රෝහලට රැගෙන යාමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වේ.

මෙම ස්ථානය සාමාන්‍යයෙන් සංචාරකයින් දිය නෑමට බහුලව භාවිත කරන ස්ථානයක් නොවන බවත් පසුගිය කාලයේදී මෙහි දියේ ගිලීම් කිහිපයක්ම වාර්තා වූ බවත් සඳහන්.

මෙම මරණ සම්බන්ධව සැක කටයුතු කිසිවක් නොමැති අතර, හදිසි මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් සකස් කරන බව පොලිසිය පවසා ඇත.

Queensland Ambulance Services
Queensland Ambulance staff implore all people that are using our beautiful waterways to take extra care and only swim in supervised areas, be aware of hidden dangers under the surface. Credit: Facebook/ Queensland Ambulance Services

කරුණාවන්ත හදවතක් ඇති මිනිසෙක්


නැසී ගිය සිසිර ගජනායක මහතා ඉතා කරුණාවන්ත පුද්ගලයෙක් බව ඔහුගේ හිත මිතුරෝ පැවසුහ..

ඔහු හැකි සෑම විටම අන් යට උපකාර කල අයෙකි.

ඔහුගේ මෙම වෙන්වීම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට විශාල කම්පනයක් බව ඔහුගේ හිත මිතුරෝ විස්තර කළහ.

සිසිර ගජනායක මහතා වසර අටකට වැඩි කාලයක් මෙල්බර්න් නුවර Ventura ආයතනයේ සේවය කළේය.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service