ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර Narre Warren උප නගරයේ වාසය කළ ශ්‍රී ලාංකික පියෙකු සහ පුතෙකු Cairns හි දිය ඇල්ලක දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
59 හැවිරිදි සිසිර ගජනායක සහ ඔහුගේ පුත් 21 හැවිරිදි තේමීය ගජනායක යන අය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
දිය ඇල්ලක සිදුවූ ඛේදවාචකය
Cairns නගරයට මිනිත්තු 25 ක පමණ දුරකින් පිහිටි Crystal Cascades නමැති දිය ඇල්ලේ දිය නෑමේදී මොවුන් දෙදෙනා දියේ ගිලී මිය ගොස් තිබේ.
මොවුන් ඔවුන්ගේ හිතවත් පවුල් හතරක් සමඟ නිවාඩුවක් ගත කිරීමට ගිය බව සිසිර ගජනායක මහතා සේවය කළ Ventura Bus සමාගම පවසයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
සිසිර ගජනායක නමැති පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගැනීමට තේමිය නමැති පුත්‍රයා උත්සාහ කර ඇති බව වාර්තා වේ.
අප්‍රේල් 11 සවස 5 ට පමණ මොවුන් දෙදෙනා දියේ ගිලීමට පටන් ගත් විට හදිසි සේවා සඳහා ඇමතුම් ලබාදී ඇත.

සිසිර සහ තේමිය ඇතුළු කණ්ඩායමේ සිටි සැවොම දිය නෑමට ගිය බවත් එක්වරම ජල මට්ටම ඉහළ ගිය බවත් ඒ මොහොතේ මෙම ඛේදවාචකය සිදුවූ බවත් එම නිවාඩු සංචාරය ගොස් සිටි ගජනායක පවුලේ හිතවතෙකු පැවසීය.
මිය ගිය පුද්ගලයින් අදාළ දිය ඇල්ල ආශ්‍රිතව පිහිටි වතුර වලවල්වල ගිලීම නිසා මිය ගිය බව ක්වීන්ස්ලන්ත ගිලන්රථ ප්‍රකාශකයෙකු පැවසුවේය.
තේමිය ගජනායක තරුණයා එවෙලෙහි සිහිසුන්ව සිටි බවත් රෝහලට රැගෙන යාමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වේ.
මෙම ස්ථානය සාමාන්‍යයෙන් සංචාරකයින් දිය නෑමට බහුලව භාවිත කරන ස්ථානයක් නොවන බවත් පසුගිය කාලයේදී මෙහි දියේ ගිලීම් කිහිපයක්ම වාර්තා වූ බවත් සඳහන්.
මෙම මරණ සම්බන්ධව සැක කටයුතු කිසිවක් නොමැති අතර, හදිසි මරණ පරීක්ෂකවරයා වෙත වාර්තාවක් සකස් කරන බව පොලිසිය පවසා ඇත.

කරුණාවන්ත හදවතක් ඇති මිනිසෙක්
නැසී ගිය සිසිර ගජනායක මහතා ඉතා කරුණාවන්ත පුද්ගලයෙක් බව ඔහුගේ හිත මිතුරෝ පැවසුහ..
ඔහු හැකි සෑම විටම අන් යට උපකාර කල අයෙකි.
ඔහුගේ මෙම වෙන්වීම ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාවට විශාල කම්පනයක් බව ඔහුගේ හිත මිතුරෝ විස්තර කළහ.
සිසිර ගජනායක මහතා වසර අටකට වැඩි කාලයක් මෙල්බර්න් නුවර Ventura ආයතනයේ සේවය කළේය.

