ඔස්ට්‍රේලියාවේ ඉහළ යමින් පවතින ජීවන වියදම සහ පසුගිය වසරේ සිට මාසිකව ඉහළ දමමින් පවතින පොලී අනුපාතික නිසා නිවාස කුලිය ද බරපතල ලෙස ඉහළ යමින් පවතී.
මෙම වැඩිවන නිවාස කුලිය දරාගත නොහැකි ඛාණ්ඩ ගණනාවක් නවතම සමීක්ෂණයකින් හඳුනාගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය දරාගත නොහැකි පිරිස්
අත්‍යවශ්‍ය aged care, child care, hospitality, පිරිසිදු කරන්නන් (cleaners), තැපැල් සහ භාණ්ඩ ප්‍රවාහන අංශවල සේවකයින් ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලිය දරාගත නොහැකිව බරපතල ලෙස බැටකන පිරිස් ලෙස වාර්තා වේ.
මෙම ක්ෂේත්‍රවල සාමාන්‍ය සේවකයෙකුට තම මාසික ආදායමෙන් තුනෙන් දෙකක් පමණ මාසික නිවාස කුලිය සඳහා වැය කිරීමට සිදුවන බව සඳහන්.
Anglicare Australia's Everybody's Home ව්‍යාපාරය විසින් සම්පාදනය කරන ලද නව වාර්තාවකට අනුව, 2020 මාර්තු මාසයේ සිට, award වැටුප් ලබන සේවකයින්ට වැඩිවූ නිවාස කුලිය ගෙවීමට වීම හේතුවෙන් ඔවුන්ගේ සතිපතා ආදායමෙන් සාමාන්‍යයෙන් පැය හයක් අහිමි වී ඇත.
මෙය සෑම වසරකම දින 37ක් වටිනා වැටුප් ප්‍රමාණයක් වේ.
නමුත් childcare, hospitality සහ මස් ඇසුරුම් ශ්‍රමිකයින්ට අවම වශයෙන් එම අහිමිවීම දින 40ක වැටුප් බව අනාවරණය වී තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
නිවාස කුලිය ඉහළ යාමෙන් තනිකඩව සිටින අත්‍යවශ්‍ය සේවකයින් බරපතල මුල්‍ය පීඩනයකට ලක් විය හැකි බවත් යුවල ලෙස වෙසෙන අත්‍යවශ්‍ය සේවකයින් තම සහකරු හෝ සහකාරියගේ මුල්‍ය සහය නිසා සාපේක්ෂව අඩු මුල්‍ය පීඩනයකට ලක්විය හැකි බවත් මෙම වාර්තාව හෙළිකර ඇත.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවල නිවාස කුලියේ සාමාන්‍ය පිරිවැය මත පදනම්ව අඩුම වැටුපක් ගන්නා පූර්ණ කාලීන සේවකයින්ට නිවාස කුලිය ගෙවීමෙන් පසු දිනකට ඩොලර් 20 ක් පමණ ඉතිරි වනු ඇත.
ප්‍රධාන නගරවල මස් අසුරන්නන් සහ hospitality කාර්ය මණ්ඩලය ඔවුන්ගේ ඉපැයීම්වලින් 80% කට වඩා වියදම් කරන්නේ නිවාස කුලියට පමණක් බවත් හෙළිවී තිබේ.
දැරිය නොහැකි මිලට ඇති කුලී නිවාස හිඟවීම සහ ඊට පිළියම්
කුලී නිවැසියන් සඳහා අවම වශයෙන් දැරිය හැකි මිලකට කුලී නිවාස ඇති ප්‍රාන්තයක් බවට ක්වීන්ස්ලන්තය පත්ව ඇත.
ක්වීන්ස්ලන්තයේ වැඩිම වැටුප් ලබන අත්‍යාවශ්‍ය ශ්‍රමිකයෝ අවම වශයෙන් තම ආදායමෙන් අඩක්වත් නිවාස කුලියට වියදම් කරති.
NSW සහ වික්ටෝරියා ප්‍රාන්තවල award වැටුප් ලබන අත්‍යවශ්‍ය සේවකයින් සඳහා දැරිය හැකි කුලී නිවාස කලාප නොතිබුණි.
අත්‍යවශ්‍ය කර්මාන්තවල ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියානු ප්‍රජාවන්ගේ කොඳු නාරටිය වන නමුත් වැඩි වැඩියෙන් බරපතල කුලී ආතතියකට තල්ලු වෙමින් පවතින බව Anglicare ප්‍රකාශිකා Maiy Azize පැවසුවාය.
“අපගේ aged care සේවකයින්, childhood සේවකයින්, cleaners හෙවත් පිරිසිදු කරන්නන්, හෙදියන් සහ අප විශ්වාස කරන තවත් බොහෝ අත්‍යවශ්‍ය සේවකයින් සඳහා ඔස්ට්‍රේලියාවේ කිසිදු කලාපයක දැරිය හැකි මිලකට කුලී නිවාස නැත,” යනුවෙන් ඇය පැවසුවාය.
"අපගේ බදු ක්‍රමය කුලී නිවැසියන්ට ඉතා අයහපත්. මිලියන සංඛ්‍යාත ඔස්ට්‍රේලියානුවන්ගේ කුලී නිවාස පිරිවැය ඉහළ නංවා ඇති අතර ඊට අමතරව කුලියට නිවාස ලබා ගත නොහැකි පුද්ගලයින් සඳහා social homes හෙවත් සමාජ නිවාසවල විශාල හිඟයක් පවතිනවා." ලෙසද Maiy Azize ප්‍රකාශ කළාය.
ආයෝජකයින් සහ නිවාස හිමියන් සඳහා ලබාදෙන බදු සහන ආපසු හැරවීමෙන් ලැබෙන අරමුදල්වලින් සෑම වසරකම social homes 25,000ක් ඉදිකිරීම ආරම්භ කරන ලෙස Anglicare සංවිධානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.