පසුගිය මාස 12 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ විශාල නම ගිය සමාගම් කිහිපයක්ම සයිබර් ප්‍රහාරවලට ගොදුරු විය.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස එම සමාගම්වල පාරිභෝගිකයින්ගේ දත්ත ඇති දැවැන්ත ප්‍රමාණයක් සයිබර් සොරුන් අතට පත් විය.
මේ හේතු නිසාම මේ වන විට ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ බරපතල සාකච්ඡාවක් ඇතිවී ඇති අතර එනිසාම සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයට වැඩි ආයෝජන යෙදවීමට රජය මෙන්ම සමාගම් ද පෙළඹී තිබේ.
ඒ හේතුවෙන් සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව තුළ බිහිවෙමින් පවතී.
එනිසාම ඔස්ට්‍රේලියාවේ සයිබර් සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවකට යොමුවන්නේ කෙසේද, වැඩිම ඉල්ලුමක් ඇති සයිබර් ආරක්ෂණ රැකියා මොනවද, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ රැකියාවල වැටුප් පරාසයන් මොනවද යන්න පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය අදහස් කළේ මේ අයුරිනි.
ඔස්ට්‍රේලියාවේ cyber security ක්ෂේත්‍රයට පිවිසීමට සම්පූර්ණ කළ යුතු මූලික අධ්‍යාපන සුදුසුකම්
සයිබර් ආරක්ෂණය යනු වෘත්තීමය මට්ටමින් ඉතා ඉහළ ක්ෂේත්‍රයකි.
එනිසාම මෙම ක්ෂේත්‍රයට පිවිසීමට වෘත්තීය සුදුසුකම් ඉතාමත් අවශ්‍ය බව මෙල්බර්න් නුවර සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු මෙන්ම Public Cloud සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකයකු වන කුෂාන්ත ගුණවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
තොරතුරු තාක්ෂණය හෝ සයිබර් ආරක්ෂණය පිළිබඳ උපාධියක් තිබීම මූලික වශයෙන්ම තිබිය යුතු අධ්‍යාපනික සුදුසුකමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඊට අමතරව පහත සඳහන් Certifications හෙවත් අමතර සහතික පත්‍ර සම්පුර්ණ කිරීම මත ඔස්ට්‍රේලියාවේ cyber security ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීමට සහ මෙම ක්ෂේත්‍රයේ ඉහළට යාමට හැකි බවද ගුණවර්ධන මහතා සඳහන් කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මූලික මට්ටමේ සයිබර් ආරක්ෂණ රැකියා සඳහා නිර්දේශිත වෘත්තීය සුදුසුකම්
- EC-Council ආයතනයේ Certified Ethical Hacker (CEH) සහතිකපත්‍රය
- EC-Council ආයතනයේ Certified Network Defender (CND) සහතිකපත්‍රය
- EC-Council ආයතනයේ Certified Cybersecurity Technician (CCT) සහතිකපත්‍රය
- EC-Council ආයතනයේ Certified Penetration Testing Professional (CPENT) සහතිකපත්‍රය
- Offensive Security ආයතනයේ OSCP සහතිකපත්‍රය
ඉහළ සයිබර් ආරක්ෂණ රැකියා සඳහා නිර්දේශිත වෘත්තීය සුදුසුකම්
- Certified Information Security Manager (CISM) සහතිකපත්‍රය
- Certified Information Systems Auditor (CISA) සහතිකපත්‍රය
- Certified Information Systems Security Professional (CISSP) සහතිකපත්‍රය
මේ සුදුසුකම්වලට අමතරව සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා පළපුරුද්දක් ලබාගැනීමද එම ක්ෂේත්‍රයේ රැකියාවක් ගැනීමට ඉතා වැදගත් වන බවත් අවම වශයෙන් internship හෙවත් සීමාවාසික පුහුණුවක් හෝ ලබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් බවත් සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු වන කුෂාන්ත ගුණවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් ඇති cyber security රැකියා
cyber security ක්ෂේත්‍රයේ රැකියා ඛාණ්ඩ තුනකට ප්‍රධාන වශයෙන් බෙදීමට හැකි බවත් ඔස්ට්‍රේලියාවේ මේ ඛාණ්ඩ ත්‍රිත්වයේම ඉහළ ඉල්ලුමක් ඇති රැකියා ඇති බවත් ගුණවර්ධන මහතා පැවසීය.
Cyber Defence අංශය
යම් ආයතනයක සයිබර් ආරක්ෂණය වැඩි දියුණු කර එම ආයතනයට පැමිණීමට හැකි සයිබර් තර්ජන වළක්වා එහි දත්ත සහ උපාංග ආරක්ෂා කිරීම මෙම රැකියාවල ප්‍රධාන වගකීම වෙයි.
- Cyber Security Analyst
- Cyber Security Specialist
- Cyber Security Engineer
- Cyber Security Consultant
- Cyber Security Technician
- Cyber Security Scientist
Cyber Offence අංශය
සයිබර් හැකර්වරුන් සමාගම්වලට සයිබර් ප්‍රහාර එල්ල කරන්නේ කෙසේදැයි simulate හෙවත් අනුකරණය කිරීම මෙම අංශයේ රැකියාවල ප්‍රධාන වගකීම වේ.
- Penetration Tester
- Penetration Testing Specialist
- Offensive Security Consultant
- Risk and Cyber Security Specialist
- Application Security Engineer
Incident Response අංශය
- Cyber Forensic Investigator
- Cyber Forensic Scientist
- Malware Analyst