හෙද හෝ පවුල් සෞඛ්‍ය නිලධාරීයෙකු ලෙස නොමිලේම රැකියාවක් ගැනීමට වික්ටෝරියා ප්‍රාන්තය දොර අරී, වැඩි විස්තර මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී අධ්‍යාපනය ලබන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට එම පාඨමාලාවන් නොමිලේ අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

Free Nursing and Midwifery study has been announced in Victoria

Source: Getty / Getty Images/JohnnyGreig

කොවිඩ් වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ඉහළම ඉල්ලුමක් ඇති වෘත්තීන් අතර හෙද වෘත්තියට ප්‍රමුඛත්වයක් හිමිවී තිබේ.

ඔස්ට්‍රේලියාවේ මේ වන විට හෙද වෘත්තිකයින් සඳහා විශාල වශයෙන් පුරප්පාඩු මතුවී ඇති අතර එම පුරප්පාඩු පියවා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් විවිධ ක්‍රියා මාර්ග ගනිමින් සිටී.

වික්ටෝරියා ප්‍රාන්තයද හෙද වෘත්තිකයින් සඳහා එවැනි වූ සුවිශේෂී තීරණයක් පසුගියදා නිවේදනය කළේය.

වික්ටෝරියා ප්‍රාන්තයේ හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී අධ්‍යනය නොමිලේ

වික්ටෝරියා ප්‍රාන්තයේ හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී අධ්‍යාපනය ලබන ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට එම පාඨමාලාවන් නොමිලේ අධ්‍යනය කිරීමට අවස්ථාව ලබාදෙන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කළේය.

ඒ අනුව 2023 අප්‍රේල් 26 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ හෙද අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ඔවුන්ගේ අධ්‍යන ගාස්තු නැවත ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැකිය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ඔවුන්ට වසර තුනක අධ්‍යනය සඳහා වසරකට ඩොලර් 3,000 ක් ගෙවනු ලැබේ.

පසුව ඔවුන් වික්ටෝරියානු මහජන සෞඛ්‍ය සේවාවක වසර දෙකක වැඩ නිම කළ පසු ඩොලර් 7,500 ක් ගෙවනු ලැබේ.

අමතර සහන සහ දීමනා

හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී අධ්‍යාපනය අවසන් කිරීමට සිටින සිසුන්ට සහ ශ්‍රම බලකායට හෝ ඉහළ කුසලතා වෙත ආපසු යාමට අවශ්‍ය හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් සඳහා ද සහාය ලබාදීමට තීරණය කර ඇත.

හෙද සහ පවුල් සෞඛ්‍ය නිලධාරී උපාධිධාරීන්ට වික්ටෝරියානු මහජන සෞඛ්‍ය අංශයේ රැකියා කිරීමේදී විවිධ දිරිගැන්වීම් ද ලබාදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වසර දෙකක් රැකියාව කිරීමෙන් පසු අමතර ඩොලර් 5,000 ක ප්‍රසාද දීමනාවක් ඔවුන්ට හිමිවන අතර නව උපාධිධාරීන්ට මෙම බෝනස් මුදල ගෙවීමේ පළමු වටය එළඹෙන මැයි මාසයේදී ආරම්භ කෙරේ.

හෙදියන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරීන් නැවත ශ්‍රම බලකායට සම්බන්ධ කරගැනීම සඳහා ද විවිධ දීමනා ද මෙම පැකේජයට ඇතුළත් වේ.

සුදුසුකම් යාවත්කාලීන කිරීමට සහ ඔවුන්ගේ ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය ඕනෑම පුහුණුවක් සම්පූර්ණ කිරීම සඳහා ඩොලර් 15,000 දක්වා ශිෂ්‍යත්ව ඒ යටතේ පිරි නැමේ.

ඊට අමතරව ලියාපදිංචි හෙද හෙදියන් වීමට බඳවාගත් හෙදියන් 2000ක් දක්වා සහාය වීමටත්, පශ්චාත් උපාධි හෙදියන්ට දැඩි සත්කාර, හදිසි, ළමා රෝග සහ පිළිකා ප්‍රතිකාර වැනි විශේෂිත ක්ෂේත්‍රවල අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීමටත්, වික්ටෝරියා ප්‍රාන්තය පුරා අති දක්ෂ හෙද වෘත්තිකයන් 100ක් බඳවා ගැනීමටත් ශිෂ්‍යත්ව මෙම පැකේජය යටතේ ලබා දීමට නියමිතය.

මෙම නොමිලේ අධ්‍යනය සහ ශිෂ්‍යත්ව පිළිබඳ වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now