වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවලට නව කැමරා, දුරකතන භාවිත කරමින් සහ Seat Belt නොදා රිය පදවන අයට වැඩ වැරදියි

තම ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පදවන රියදුරන් සහ රිය පැදවීමේදී ආසන පටි පැළඳ නොසිටින රියදුරන් අල්ලා ගැනීමට උපකාර කිරීම සඳහා නව AI සක්‍රීය කැමරා නිල වශයෙන් ක්‍රියාත්මක කර ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් අමාත්‍ය Anthony Carbines නිවේදනය කළේය.

WESTERN RING ROAD UPGRADE

New mobile phone and seatbelt detection cameras are now operating across Victoria Credit: JULIAN SMITH/AAPIMAGE

ජංගම දුරකථන භාවිත කරන සහ ආසන පටි නොපළඳවා රිය පදවන රියදුරන් හඳුනාගැනීමේ නව කැමරා දැන් වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල ක්‍රියාත්මක කර තිබේ.

වික්ටෝරියානු වාසීන් ආරක්ෂිතව තබා ගැනීමට සහ මාර්ගවල සිදුවන අනතුරු අවම කිරීමට මෙම පියවර ගත් බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවලට නව කැමරා

තම ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පදවන රියදුරන් සහ රිය පැදවීමේදී ආසන පටි පැළඳ නොසිටින රියදුරන් අල්ලා ගැනීමට උපකාර කිරීම සඳහා නව AI සක්‍රීය කැමරා නිල වශයෙන් ක්‍රියාත්මක කර ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිස් අමාත්‍ය Anthony Carbines නිවේදනය කළේය.

මෙම නව කැමරා හඳුන්වා දීම සඳහා 2021-2030 වික්ටෝරියානු මාර්ග ආරක්ෂණ උපාය මාර්ගයේ කොටසක් ලෙස වික්ටෝරියා ප්‍රාන්ත රජය ඩොලර් මිලියන 33.7ක් ආයෝජනය කර ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මේ හරහා වසරකට තුවාල හෝ මරණයට පත්වන රිය අනතුරු 95ක් වැලැක්වීමට ඇස්තමේන්තු කර ඇත.

ආරම්භයේදී ජංගම දුරකථන සහ ආසන පටි හඳුනාගැනීමේ කැමරා ට්‍රේලර් පද්ධති දෙකක් ක්‍රියාත්මක වන අතර, 2023 මැද භාගයේ සිට අමතර කැමරා පද්ධති යෙදවීමට සැලසුම් කර ඇත.

ඉහළ දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තය පුරා ග්‍රාමීය සහ නාගරික ප්‍රදේශවල ස්ථාන 200කට වඩා වැඩි ප්‍රමාණයකට මෙම කැමරා යොදවනු ඇත.

රියදුරන් මෙම නීති උල්ලංඝනය කිරීම් සහ දඬුවම්වලට මුහුණ දීමට පෙර මෙම කැමරා සක්‍රිය කිරීමෙන් පසු මාස තුනක සහන කාලයක් හිමිවන බවද ප්‍රාන්ත රජය පවසයි.

මෙම කැමරා හරහා ජංගම දුරකථනය භාවිතා කරමින් රිය පදවන රියදුරන් සහ රිය පැදවීමේදී ආසන පටි පැළඳ නොසිටින රියදුරන් හසුවුවහොත් අදාළ රියදුරාගේ රියදුරු බලපත්‍රයෙන් ලකුණු හතරක් අඩුවෙන අතර ඩොලර් 555 ක දඩයක් ලැබෙනු ඇත.

මෙම කැමරාවලට දිවා කාලයේ හෝ රාත්‍රියේ ඕනෑම වේලාවක සහ සියලු මාර්ග තදබදය සහ කාලගුණික තත්ත්වයන් තුළ ඉතා පැහැදිලි ඡායාරුප ලබාගැනීමට හැකිය.

AI තාක්ෂණය සෑම ඡායාරුපයක්ම ස්වයංක්‍රීයව සමාලෝචනය කරයි.

එහි වරදක් නොපෙනේ නම්, එම ඡායාරුපය අදාළ පද්ධතිය විසින් ප්‍රතික්ෂේප කරයි.

නව කැමරා ඇති ස්ථාන

මේ වන විට මෙම ස්ථානවල මෙම නව කැමරා ස්ථානගත කර ඇති බව වික්ටෝරියා ප්‍රාන්ත රජය පවසයි.

එම ස්ථාන මාසිකව ප්‍රකාශ කරන බවද ඔවුහු පවසති.

 


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now