ඕස්ට්‍රේලියාවේ Thunderstorm Asthma ගැන අනතුරු ඇඟවීම්.පීනස, ඇදුම තියෙන අය පරිස්සමෙන් (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියානු බලධාරීන් විසින් වියළි කුණාටු සමඟ ඇතිවන ඇදුම වසංගත තත්වය ගැන අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර ඇදුම සහ පීනස ඇති අයට නිවෙස් වලට වී සිටින්නැයි ඉල්ලා සිටී.

A man holds an asthma inhaler up to his mouth

Epidemic thunderstorm asthma is when a large number of people suddenly develop asthma symptoms over a short period of time. Source: AAP / Peter Byrne/PA/Alamy

ඉන්දියානු, ශ්‍රී ලංකා සහ අග්නිදිග ආසියාතික ජනවර්ගවලට අයත් පුද්ගලයින් මෙම තත්ත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇතැයි සැලකේ.2016 දී Thunderstorm asthma තත්ත්වය නිසා රෝහල් ගත කිරීම් වලින් සියයට 39 ක් මෙම කණ්ඩායම් වලට අයත් පුද්ගලයින් වේ.

වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා විසින් පසු ගිය බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රාන්තයේ වයඹ දෙසින් පිහිටි Malle සහ Wimmera ප්‍රදේශ වල Thunderstorm asthma ඇති වීමේ ඉහළ අවදානමක් ඇති බව පැවසුවේය.

Thunderstorm asthma යනු 2016 දී මෙල්බර්න් හි පුද්ගලයින් 10 දෙනෙකුට මරු කැඳවූ භයානක තත්වයකි.

Thunderstorm Asthma ඇති වෙන්නේ කොහොමද ?

Thunderstorm Asthma යනු කෙටි කාලයක් තුළ විශාල පිරිසකට හදිසියේ ඇදුම රෝග ලක්ෂණ මතුවීමයි. එය යම් ආකාරයක කුණාටු තත්ත්වයදී සිදු වන අතර පරාග විවෘත වීමෙන් කුඩා අංශු පරිසරයට මුදා හැරිය හැකි ඉහළ තෘණ පරාග මට්ටම් මගින් මෙම තත්වය ඇති කරන බව විශ්වාස කෙරේ.

එය වික්ටෝරියා, කැන්බෙරා සහ අවට ප්‍රදේශවලට මෙන්ම Wagga Wagga, Dubbo වැනි NSW හි මධ්‍යම ප්‍රදේශවලට සහ උතුරු දෙසින් පිහිටි Tamworth වැනි ප්‍රදේශ වල සිටින මෙම තත්වය අයටද බලපෑ හැකිය.

කාලගුණ විද්‍යා කාර්යාංශය ඇදුම වසංගත තත්ව සිදුවීමේ අවදානම පුරෝකථනය කිරීමට රාජ්‍ය බලධාරීන් සමඟ සමීපව කටයුතු කරයි.
Lightning lights up a purple sky
A thunderstorm asthma event is triggered by high grass pollen levels and a certain type of thunderstorm. Source: AAP / Twitter/Celicajim
ඔබ අවදානමක සිටීදැයි කිව හැක්කේ කෙසේද?

2016 ඇතිවූ Thunderstorm asthma ඇදුම වසංගතයෙන් පසුව සිදු කරන ලද අධ්‍යයනවලින්, පෙනී යන්නේ මීට පෙර ඇදුම රෝගය නොතිබූ නමුත් තණකොළ පරාග වලට සංවේදී වූ බොහෝ පුද්ගලයින්ට මෙහිදී ශ්වසන රෝග ලක්ෂණ අත්විඳීමට සිදු විය හැකි බවයි.

තෘණ පරාග වලට බොහෝ විට සංවේදී වන බැවින්, ඇදුම ඇතිබව දන්නා හෝ නොදන්නා පීනස් රෝගය වැළඳෙන පුද්ගලයින් මීට ඇතුළත් විය හැකිය.

පොදුවේ ගත් කළ ඇදුම හෝ තෘණ පරාග වලට සංවේදීතාව හෝ අසාත්මිකතා ඇති වන පුද්ගලයින් ද මින් අවදානමට ලක් විය හැකියි.

රෝග ලක්ෂණ වන්නේ:
  • හදිසි හුස්ම හිරවීම
  • පපුව තද වීම
  • හුස්ම හිරවීම
  • කැස්ස සහ
  • සම්පූර්ණ වාක්‍ය වලින් කතා කිරීමට නොහැකි වීම.
යනාදියයි.

ළමුන් තුළ ඇතිවන රෝග ලක්ෂණ ලෙස තෙහෙට්ටුව, නුරුස්නා බව, උගුරේ අමාරුවක් ගැන පැමිණිලි කිරීම මෙන්ම හුස්ම ගැනීමේදී පපුව සහ උගුර වටා චලනයන් පෙන්නුම් කිරීම දැක්විය හැකියි.

රෝග ලක්‍ෂණ හදිසියේ මතුවිය හැකි අතර ඇදුම නාශක පෆර් ( asthma reliever puffer) භාවිතයෙන් වහාම ප්‍රතිකාර කළ යුතුයි.


පීනස ඇති අය Thunderstorm asthma රෝගයට ගොදුරු වන්නේද යන්න තේරුම් ගැනීම වැදගත් වේ.

පීනස ඇති අය සඳහා, සායනික ප්‍රතිශක්තිකරණය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවීමෙන් ඔවුන්ගේ ප්‍රතික්‍රියා ඇති වන්නේ කුමක් සඳහා ප්‍රතිචාරයක් ලෙස ද යන්න සොයා ගැනීමට හැකි වේ.

මීට අමතරව අනෙකුත් අසාත්මික කාරක ලෙස ගෘහස්ථ දූවිලි, මයිටාවන්, බළලුන් ( cat dander) හෝ දිලීර බීජාණු ඇතුළත් විය හැකියි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store 
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මෙම අනතුරු ඇඟවීමේ කාල සීමාව තුළ ඔබ කළ යුත්තේ කුමක්ද?

Asthma Australia ආයතනය පුද්ගලයින්ට උපදෙස් දෙන්නේ කුණාටුවට පෙර, කුණාටුව පවතින කාලයේ සහ කුණාටුව පහව ගිය පසුවත් ජනේල සහ දොරවල් වසාගෙන නිවස තුළට වී සිටින ලෙසයි. ඇදුම රෝගයෙන් පෙළෙන අය ඔවුන්ගේ සහනය සලසන ඖෂධ (reliever medication ) ළඟ තබා ගත යුතුයි.

ඇදුම රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීම සඳහා, වහාම ප්‍රථමාධාර ලබා දීම ආරම්භ කරන්න. රෝග ලක්ෂණ යහපත් නොවන්නේ නම් හෝ නරක අතට හැරීමට පටන් ගන්නේ නම් උපකාර සඳහා Triple Zero (000) අමතන්න.

ඇදුම සඳහා වන ප්‍රථමාධාර පියවර, නිල්/අළු ඇදුම ඖෂධ සඳහා පහත දක්වා ඇත.

1. පුද්ගලයා කෙළින් ඉඳගන්න
2. නිල්/අළු reliever පෆර් එකකින් වෙන වෙනම පෆ් හතරක් දෙන්න
3. විනාඩි හතරක් ඉන්න
4. නැවතත් ඉහත පියවර සිදු කරන්න
5. රෝග ලක්ෂණ යහපත් වීමක් නොමැති නම්, Triple Zero (000) අමතන්න
6. ගිලන් රථය පැමිණෙන තෙක් සෑම විනාඩි හතරකට වරක්ම නිල්/අළු reliever පෆර් එකකින් වෙන වෙනම පෆ් හතරක් බැගින් ලබා දෙන්න.

Share

Published

Updated

By Athini Amarasiri, Charis Chang
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service