ඔස්ට්‍රේලියානු නීතියට අනුව ලිංගික අතවරයක් ලෙස සලකන සිදුවීම් මෙන්න (SBS සිංහල/ විමර්ශන)

ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව ලිංගික අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් සිදු කිරීම බරපතල අපරාධ වැරද්දක් ලෙස හඳුන්වයි.

Here are the incidents that are considered sexual assault under Australian law

Here are the incidents that are considered sexual assault under Australian law Source: Getty / Getty Images

සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ලවී තිබෙන බවත් ඔහුට ඇප දීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම නිසා මීළඟ නඩු වාරය එළඹෙන තුරු ඔහුව රැඳවුම් භාරයේ තබා ගැනීමටත් කටයුතු කර තිබේ.

මේ සිදුවීමත් සමගලිංගික අතවරයකදී ඔස්ට්‍රේලියාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ කෙසේද සහ එහිදී ලැබෙන දඬුවම් පිළිබඳ විශාල වශයෙන් කතා බහ වන්නට පටන් ගෙන තිබේ.

ලිංගික අතවරයක් ඔස්ට්‍රේලියානු නීතියේ වරදක් ලෙස විග්‍රහ කෙරෙන අයුරු

ඔස්ට්‍රේලියාවේ නීතියට අනුව ලිංගික අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් සිදු කිරීම බරපතල අපරාධ වැරද්දක් ලෙස හඳුන්වයි.

ඒ අනුව යමෙක් මෙම වැරැද්ද සිදු කළහොත් එය අපරාධ නීතිය යටතේ සලකා බැලේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල ක්‍රියාත්මක වන නීති පටිපාටි එකිනෙකට වෙනස් බැවින් මෙම අපරාධය සලකා බැලෙන ආකාරය සහ එයට දඬුවම් නියම කෙරෙන ආකාරය එකිනෙකට වෙනස් වන බව මෙල්බර්න් නුවර සොලිසිටර්වරියක්, බැරිස්ටර්වරියක් සහ සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥවරියක් ලෙස කටයුතු කරන මධූ වර්ණකුලසූරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
One in 10 women say they are still being sexually harassed in the workplace.
sexual assault Source: AAP

ඔස්ට්‍රේලියාවේ ලිංගික අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් ලෙස සලකන සිදුවීම්

ඔස්ට්‍රේලියාවේ ලිංගික අතවරයක් හෝ ලිංගික අපයෝජනයක් ලෙස සලකන සිදුවීම් පුළුල් පරාසයක විහිදෙන බව නීතිඥ වර්ණකුලසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.

එම සිදුවීම් පහත පරිදි සාරාංශගත කළ හැකිය:

  • දූෂණය කිරීමක්
  • වයස අවුරුදු 18 ට අඩු ළමයෙකු අපයෝජනය කිරීමක්
  • Incest හෙවත් ආසන්න ඥාතීන් අතර ඇතිවන ලිංගික ක්‍රියාකාරකම්
  • අනෙක් පාර්ශවයේ අකමැත්තෙන් සිදු කෙරෙන ලිංගික ක්‍රියාකාරකම් (අයුතු පිරි මැදීම් සහ සිප වැළඳ ගැනීම්)
  • කාමුක දර්ශන නැරඹීමට කෙනෙකුට කරන බලපෑම වැනි දුරස්ථව සිදු කරන ක්‍රියාවන්
  • යම් පුද්ගලයෙකු යයි සිතා වරදවා වටහාගෙන ලිංගික ක්‍රියාකාරකමක නිරත වීම
  • ප්‍රතිකාරයක් ලෙස වරදවා වටහාගෙන ලිංගික ක්‍රියාකාරකමක නිරත වීම
අනෙක් පාර්ශවයේ අකැමැත්ත මෙහිදී ඉතා වැදගත් බවත් පහත සඳහන් ඕනෑම අවස්ථාවක් අකැමැත්තක් ලෙස පිළිගන්නා බවත් නීතිඥ වර්ණකුලසූරිය මහත්මිය පැහැදිලි කළාය.
  • වාචිකව හෝ අංග චලනයෙන් අකැමැත්ත ප්‍රකාශ කිරීම
  • ලිංගික ක්‍රියාකාරකම සිදුවන විට අනෙක් පාර්ශවය නින්දේ සිටීම
  • ලිංගික ක්‍රියාකාරකම සිදුවන විට අනෙක් පාර්ශවය සිහිසුන්ව සිටීම
  • ලිංගික ක්‍රියාකාරකම සිදුවන විට අනෙක් පාර්ශවය මත්වී සිටීම

ඔස්ට්‍රේලියානු නීතියට අනුව ලැබෙන දඬුවම්

නීතිඥ වර්ණකුලසූරිය මහත්මියට අනුව ලිංගික අතවරයක් ඔස්ට්‍රේලියාවේ අපරාධ වරදක් වන බැවින් ප්‍රජා නියෝගයක සිට වසර 25 ක සිර දඬුවමක් දක්වා වූ පරාසයක දඬුවම් නියම කිරීමට හැකියාව තිබේ.

වරදේ ස්වභාවය අනුව දඬුවමේ ප්‍රමාණය වෙනස් වන බවද ඇය සඳහන් කළාය.

ළමා අපයෝජනය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව දැඩි ස්ථාවරයක සිටින බැවින් ඒ හා වරදකරුවන් වූ අයට දැඩි දඬුවම් පැනවෙන බවත් ඇතැම් විට ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමේ හැකියාව ඇති බවත් නීතිඥ වර්ණකුලසූරිය මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service