SKIP TO MAIN CONTENT

අද ඕස්ට්‍රේලියානු ගුවන් තොටු පොළ වල පරිගණක පද්ධතිය අක්‍රීය වීමෙන් දහස් ගණනක් ගුවන් ගමන් ප්‍රමාද වීම හා ආරක්ෂාව පිලිබදව ගැටලු (SBS සිංහල /වාර්තා)

airport
Source: Twitter

3 min read

Published

Updated

By Charitha Adikari

Source: SBS News


Skip to article content

අද දින ඔස්ට්‍රේලියාවේ සියලුම අන්තර්ජාතික ගුවන් තොටුපල වල smartgate ස්වයංක්‍රීය පරිගණක පද්ධතිය අක්‍රීය වීමෙන් දහස් ගණනක් ගුවන් මගීන් අතරමන් වූ තත්වයකට මුහුණ පා තිබේ.

මෙම අක්‍රීය වීමට හේතුව පිළිබද විවිධ ප්‍රශ්න තවමත් නැගෙමින් පවතී. මෙම පරිගණක අක්‍රීය වීම නිසා ගුවන් තොටුපොල වලට කලින් පැමිණෙන ලෙස ජනතාව දැනුවත් කොට තිබිණ.

වාර්තා වන අන්දමට මීට හේතුව සෙවීමට තවත් සති ගණනක් යනු ඇති.

Australian National University හි පරිගණක විද්‍යාව පිළිබද විශේෂඥය Tom Worthington පවසන්නේ මෙය real time හෙවත් එසැනින් යාවත්කාලීන වන පද්ධතියක් නිසා සුළු අක්‍රීය වීමක් වුවත් විශාල ගැටළුවක් වන බවයි. මේ නිසා මෙම අක්‍රිය වීම සිදු වූ වෙලාවේ උදාහරණයක් ලෙසට ත්‍රස්තවාදියෙකු වැනි රටට ඇතුල් නොවිය හැකි කෙනෙකුට රටට ඇතුල් වීමේ අවධානමක් ඇත

නමුත් තවමත් මේ සදහා හේතුව සොයා ගැනීමට නොහැකි වී ඇති අතර සියලු ගුවන්තොටුපොළ වල මෙම තත්වය උදා වීමෙන් විශාල ගැටළුවක් ඇති වී තිබේ.

දැන් මෙම පද්ධතිය යතා තත්වයට පත්ව ඇතත් ඔබට තව දුරටත් කල් තබා ගුවන් තොටුපොල වෙත යාමට උපදෙස් නිකුත් කොට ඇත

Australian Border Force විසින් ප්‍රකාශ කොට ඇත්තේ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් තත්වය සමනය කිරීමට කටයුතු කරමින් ඇති බවයි

එසේම ගුවන් තොටුපොල වල අමතර සේවකයන් යොදවා තදබදයට සහනයක් ලබා දීමට ද දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබිණ

SMARTGATE යනු කුමක්ද ?

smart
Source: AAP

SMARTGATE යනු ස්වයන්ක්‍රීයව ඕස්ට්‍රේලියානු ගුවන් බලපත්‍ර හිමියන්ට හා e passport සේවාව ඇති රටවල ජනයාට වඩා පහසුවෙන් ඔස්ට්‍රෙලියාවට ඇතුල් වීමට හා පිටවීමට ඉක්මනින් හැකි ක්‍රමයකි. මෙය දැනට Australian Border Force විසින් ක්‍රියාත්මක කරන අතර එය ඕස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අයත් වේ. මෙය Sydney, Melbourne, Adelaide, Brisbane, Cairns, Canberra, Gold Coast, Darwin හා Perth යන නගර වල ගුවන් තොටුපොල වල ක්‍රියාත්මක වේ

වසර 2007 දී හඳුන්වා දුන් මෙම ක්‍රමය යටතේ ඔබේ ගමන් බලපත්‍රයේ චායාරුපය හා ඔබේ මුහුණේ චායාරුපය සංසන්දනය කිරීමෙන් ස්වයන්ක්‍රීයව නිලධාර්යේකු නොමැතිව දේශ සීමාවට ඔබට ඇතුල් විය හැකියි

බොහෝ විට මෙම ක්‍රමය මිනිසුන් විසින් ව්‍යාජ ගමන් බලපත්‍ර හඳුනා ගැනීමට වඩා නිවැරදි ලෙසට වාර්තා වේ

ආරක්ෂාව පිළිබද තර්ජන

මෙම අක්‍රිය වීම සිදුවීම නිසා Border Force නිලදාරීන්ට පුද්ගලයන් රටට ඇතුල් වීම ලේඛනගත කිරීමට සිදු විය. එසේම මේ නිසා interpol වැනි ආයතන මගින් ජාත්‍යන්තරව ලබා දෙන අනතුරු ඇගවීම් ද නොලැබෙන හෙයින් ආරක්ෂාවට තර්ජනයක් ඇති වීමේ අවධානමක් පවතී. මීට පෙරද මෙවන් බිඳ වැටීම් සිදු වුවද තවත් අමතර පද්ධති ක්‍රියාත්මක වූ නිසා මෙවන් තත්වයක් ඇති නොවී තිබිණ

විද්වතුන් පවසන්නේ තව දුරටත් රේගු නිලධාරීන්ද ගුවන් තොටුපොල වල රදවා තිබීව අවශ්‍ය බව මෙයින් පෙනී යන බවයි

ඔස්ට්‍රේලියාව දැනටමත් සමහර ගුවන් තොටුපොල වල සියලු ගුවන් බල පත්‍ර එම උපකරණයට ඇතුල් කර රටින් පිට වීමේ දොරටු smartgate හරහා ක්‍රියාත්මක කර ඇත

SBS සිංහල ගුවන්විදුලිවැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

(ඕස්ට්‍රේලියානුවේලාවෙන්)

සජීවීව සහ පසුවonline අහන්න www.sbs.com.au/sinhalese වෙබ්පිටුවෙන්  

සජීවීවරූපවාහිනියෙන්අසන්න - Channel 38(ඕස්ට්‍රේලියාවේපමණි )

සජීවීවහෝපසුව අහන්න SBS Radio Mobile APP - (free download) - select radio 2 to listen live


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now