මාරාන්තික අවදානමක් සහිත සූර්ය බැටරි පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම පාරිභෝගිකයින්ට අනතුරු අඟවයි.
ඒ අනුව මෙවැනි අවදානම් සූර්ය බැටරි භාවිත කරමින් සිටින ඔස්ට්‍රේලියාවේ 5,000 ක් පමණ වන පිරිසකට ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම සෘජුවම අමතා මේ ගැන දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.
අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු සූර්ය බැටරි
LG, SolaX, Opal, Redback, Red Earth, Eguana, සහ VARTA ලෙස නම් කර ඇති මෙම සූර්ය බැටරි, අධික ලෙස රත් වී ගිනිගත හැකි අතර, දේපල හානි හා තුවාල සිදු විය හැකිය.
දෝෂ සහිත බැටරි හා සම්බන්ධ ගිනි අවදානම ගැන අනතුරු ඇඟවීම සඳහා ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම LG සූර්ය බැටරි ආපසු කැඳවීමට ඉඩ ඇති පාරිභෝගිකයින් අමතනු ඇත.
මෙම බලපෑමට ලක් වූ සූර්ය බැටරි ක්‍රියා විරහිත කරන ලෙස සහ නොමිලේ ප්‍රතිස්ථාපනයක් හෝ මුදල් ආපසු ලබා ගැනීමක් සඳහා නිෂ්පාදකයා සම්බන්ධ කර ගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
බලාපොරොත්තු වූ පරිදි තම බැටරිය භාවිතා කිරීමට නොහැකි වීම හේතුවෙන් වැඩි විදුලි බිලක් ඇති පාරිභෝගිකයින්ට LG මුල්‍ය වන්දි ලබා දෙනු ඇත.
මේ වන විට, බැටරි 2,900 ක් පමණ පාරිභෝගිකයින්ගේ නිවෙස්වලින් ඉවත් කර හෝ ප්‍රතිස්ථාපනය කර ඇත.
මුදල් ආපසු ගෙවීමක් බලාපොරොත්තුවෙන් සිටින විට තවත් බැටරි 1,400 ක් ක්‍රියා විරහිත කර හෝ අධික ලෙස රත් වීමේ අවදානම අවම කිරීම සඳහා උපරිම ආරෝපණ ධාරිතාව සියයට 75 දක්වා අඩු කර තිබේ.
කෙසේ වෙතත්, LG සහ SolaX අමතර recalled හෙවත් නැවත කැඳවන ලද සූර්ය බැටරි 3,000 ක් පමණ සොයා ගැනීමට උත්සාහ කරයි.
LG විසින් 2017 මාර්තු 29 සහ 2018 සැප්තැම්බර් 13 අතර නිෂ්පාදනය කරන ලද recalled හෙවත් ආපසු කැඳවන ලද බැටරි නොමිලේ ප්‍රතිස්ථාපනය කරනු ඇත.
පාරිභෝගිකයින් කළ යුත්තේ කුමක්ද?
01. ඔබගේ සූර්ය බැටරිය recalled හෙවත් නැවත කැඳවා ඇත්දැයි පරීක්ෂා කරන්න
පාරිභෝගිකයින්ට LG වෙබ් අඩවියේ අනුක්‍රමික අංක (serial number) පරීක්ෂකය භාවිතා කර තම සූර්ය බැටරිය recalled කර ඇතිදැයි පරීක්ෂා කරගත හැකිය.
02. ඔබගේ සූර්ය බැටරිය recalled හෙවත් නැවත කැඳවා ඇත්නම් එය ක්‍රියා විරහිත කරන්න
ආරක්ෂිතව බැටරි ගබඩා පද්ධතිය ක්‍රියා විරහිත කිරීමට, බැටරි ගබඩා පද්ධතියේ ඇති උපදෙස් පිළිපදින්න, නැතහොත් ඔබේ සූර්ය පැනල සවිකළ පුද්ගලයා හෝ සමාගම හෝ 1300 677 273 අංකයෙන් LG Energy Solution හෝ අමතන්න, නැතිනම් productau@lgensol.com ට විද්‍යුත් තැපෑලක් යොමු කරන්න.
03. නිෂ්පාදකයා අමතන්න
ඔබට නැවත කැඳවන ලද බැටරියක් ඇති බව ඔවුන්ට දන්වා ඊට පිළියමක් ලබාගැනීමට නිෂ්පාදකයාව අමතන්න.
LG, Redback, Red Earth, Evolve හෝ VARTA බලශක්ති ගබඩා පද්ධති සඳහා 1300 677 273 යන අංකයෙන් LG Energy Solution හෝ productau@lgensol.com යන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.
SolaX හෝ Opal බැටරි පද්ධති සඳහා 1300 476 529 යන දුරකතන අංකයෙන් SolaX Power අමතන්න. නැතිනම් service@solaxpower.com යන ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් යොමු කරන්න.

