Key points
- නීති ආධාර සපයන්නන්, ඒ ඒ සිදුවීම අනුව නීතිමය සහාය ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් තීරණය කරයි
- නීති ආධාර ප්‍රදානයන් සඳහා සුදුසුකම් ලැබීමට, වත්කම් සහ කුසලතා පරීක්ෂණයෙන් සමත් විය යුතු අතර අදාළ නීති කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සපුරාලිය යුතුය
- The National Legal Assistance Partnership 2020-25 ඔස්සේ ප්‍රාන්ත සහ ටෙරටරි වල නීති ආධාර අංශ සඳහා ඩොලර් බිලියන 2.3 ක් සපයයි
නීතිමය ආධාර ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයින් හට ඔවුන්ගේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ නීති ආධාර කොමිසම ඔස්සේ එම අවශ්‍ය ආධාර ලබාගැනීමට හැකියාව පවතී. නොමැතිනම් ප්‍රජා නීති මධ්‍යස්ථාන හෝ ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි පිරිස සඳහා වන නීති සේවා වෙත යොමු විය හැක.
ඕස්ට්‍රේලියානු රජය සහ සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි අතර පොදුරාජ්‍ය මණ්ඩලීය අරමුදල් සහිත නීතිමය සහාය සඳහා ජාතික හවුල්කාරිත්ව ගිවිසුමක් වන The National Legal Assistance Partnership 2020-25 ඔස්සේ, සියලුම ප්‍රාන්ත සහ ටෙරටරි වල නීති ආධාර අංශ සඳහා ඩොලර් බිලියන 2.3 කට වඩා ලබා දෙයි.
නීතිමය සහය අපේක්ෂා කරන පුද්ගලයින් හට, නීතිමය තොරතුරු සහ නිශ්චිත නීතිමය කරුණක් පිළිබඳ උපදෙස් සඳහා යොමු කිරීමේ සේවා , අධිකරණ පද්ධතියේ ක්‍රියා පටිපාටිය සහ ක්‍රියාවලිය පිළිබඳව උපදෙස් ඇතුලු සේවා සම්බන්ධයෙන් දැනුමක් තිබීමට බොහෝ විට අවශ්‍ය වේ.
විවිධ සංවිධාන විවිධ මට්ටමේ නීතිමය උපකාර ලබා දෙන අතර එම විවිධ සංවිධාන සතුව ඒ සඳහා සුදුසුකම් ලැබීමට වන විවිධ නිර්ණායක තිබේ.

Legal Aid Commissions (නීති ආධාර කොමිෂන් සභා)
Legal Aid commissions නොහොත් නීති ආධාර කොමිෂන් සභා මගින් නොමිලේ අත් පත්‍රිකා, තොරතුරු සැසි හෝ දුරකථනය හරහා නීති උපදෙස් ඇතුලුව නොමිලයේ නීතිමය තොරතුරු සැපයීම සිදුකරයි.
ඔබට නීතිමය නියෝජනයක් අවශ්‍ය නම්, ඔබට නීති ආධාර ප්‍රදානයක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය වන අතර ඔබ කුසලතා පරීක්ෂණ අවශ්‍යතා සපුරාලිය යුතු වේ. එමෙන්ම විවිධ අධිකරණ බල ප්‍රදේශවල වල පවතින නීති ආධාර කොමිෂන් සභාවලට විවිධ සුදුසුකම් නිර්ණායකද තිබිය හැක.
ඔබේ ගැටලුව අපරාධ, සිවිල් හෝ පවුල් නීති ගැටලුවක් වුවත් වත්කම් කුසලතා පරීක්ෂණය ඔස්සේ ඔබ සතුව පවතින වත්කම් සහ අදායම පිළිබඳව අවධානය යොමු කරයි.
සිඩ්නි විශ්වවිද්‍යාලයේ නීති පිලිබඳ මහාචාර්ය Simon Rice පවසන්නේ බොහෝ මධ්‍යම ආදායම් ලබන පිරිස නීතිමය ආධාර ප්‍රදාන සඳහා සුදුසුකම් නොලබන බවයි.
ඔහු 2020 ජූලි සහ 2021 මැයි අතර ඕස්ට්‍රේලියාවේ ජාතික නීති ආධාර සංඛ්‍යාලේඛන විශ්ලේෂණය කොට ඇති අතර ඔහු සොයාගෙන ඇත්තේ මෙම ප්‍රදානවලින් සියයට 65 ක් පිරිමි පාර්ශවයට ලැබී ඇති අතර සියයට 33 ක් පමණක් පාර්ශවයට ලැබී ඇති බවයි.

Community Legal Centres (ප්‍රජා නීති මධ්‍යස්ථාන)
ඔස්ට්‍රේලියාව පුරා ස්වාධීන සහ ලාභ නොලබන Community Legal Centres නොහොත් ප්‍රජා නීති මධ්‍යස්ථාන 170ක් ඔස්සේ තොරතුරු, යොමු කිරීම්, නීති අධ්‍යාපනය, උපදෙස්, නඩු කටයුතු සහ නියෝජන සේවා ඇතුළුව නොමිලේ නීතිමය උපකාර සැපයීම සිදු කරයි.
මෙම ප්‍රජා නීති මධ්‍යස්ථාන ප්‍රජාව අතර ජනප්‍රිය වන අතර ප්‍රාදේශීය ප්‍රජා සේවාවන් සමඟ ශක්තිමත් ජාලයක් පවතින බව ජාතික ප්‍රජා නීති මධ්‍යස්ථාන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී Nassim Arrage පවසයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ National Association of Community Legal Centres වෙබ් අඩවිය හරහා ඕස්ට්‍රේලියාවේ පවතින සියලුම ප්‍රජා නීති මධ්‍යස්ථානවල නාමාවලියට ප්‍රවේශ වීමටද හැකියාව තිබෙන බවයි.
මෙම ප්‍රජා නීති මධ්‍යස්ථාන විවිධ වශයෙන් කටයුතු කරන අතර ඒ ඒ සිදුවීම අනුව ඔවුනට ලබාදිය හැකි සහාය තීරණය කරයි. කෙසේ නමුත් Nassim පවසන්නේ ප්‍රජා නීති මධ්‍යස්ථාන සම්බන්ධ කර ගන්නා සෑම පුද්ගලයකු හටම අවම වශයෙන් නීතිමය තොරතුරු සහ ස්වයංඋපකාර සම්බන්ධයෙන් වන සම්පත් සඳහා මග පෙන්වීමක් ලබා දෙන බවයි.
එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මේ හා සම්බන්ධ වන පුද්ගලයින් හට පවතින භාෂා නිපුණත්වයේ මද කම,පවුල් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී තිබීම, අබාධිත හෝ වයස්ගත වීම වැනි අවාසි සහගත තත්වයන් මත ඔවුනට දීර්ඝ වශයෙන් උපකාර ලබාදීමට කටයුතු කරන බවයි.
Women's Legal Service Victoria මගින් සබඳතා බිඳ වැටීම හෝ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම හේතුවෙන් පැන නගින නීතිමය ගැටලු විසඳීමේදී අවාසි තත්ත්ව අත්විඳින කාන්තාවන් හට නොමිලයේ නීති සේවා සැපයීම සිදු කරයි.
මෙහි ප්‍රධාන විධායක නිලධාරී Helen Matthews පෙන්වා දෙන්නේ මේ වනවිට මෙම සේවාව සඳහා ලැබෙන අරමුදල් සීමිත වීම සහ පුහුණුව හේතුවෙන් මෙන්ම මේ වනවිට සිදුකරන සංවර්ධන සහ ප්‍රතිපත්තිමය කටයුතු හේතුවෙන් කාන්තාවන් සුලු පිරිසකට පමණක් නීති උපදෙස් සහ නියෝජනය ලබා දිය හැකි බවයි.
Duty Lawyers (රාජකාරියේ සිටින නීතිඥවරුන්)
ඕස්ට්‍රේලියාව පුරා, ප්‍රාදේශීය උසාවි සහ විනිශ්චය සභාවලදී, ඕනෑම පුද්ගලයකු හට එදින අධිකරණ ගැටලුවක් ඇත්නම් සහ නීතීඥයෙකු නොමැති නම් සහාය ලබාගැනීම සඳහා Duty Lawyers නොහොත් රාජකාරියේ සිටින නීතිඥවරුන් වෙත යාමට හැකියාව තිබේ.
මොවුන් සිය සේවය නොමිලයේ ලබාදුන්නද රාජකාරියේ සිටින නීතිඥවරුන් හට සීමිත උපකාර පමණක් ලබාදීමට හැකියාවක් පවතී. මෙහිදී ඔබේ ගැටලුව සංකීර්ණ නම් ඔබ උසාවිය හමුවේ පෙනී සිටින දිනය එක් දිනකට කල් දැමීම පමණක් මොවුන් හට සිදු කල හැක.

Self-representation (ස්වයං නියෝජනය)
ඕස්ට්‍රේලියාවේ අපරාධ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින පුද්ගලයෙකු නීති වෘත්තිකයෙකු විසින් නියෝජනය කළ යුතු වේ. නමුත් පවුල් සහ සිවිල් නීති කටයුතුවලදී, ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඔබට තෝරා ගත හැක.
සිඩ්නි විශ්ව විද්‍යාලයේ නීති පිලිබඳ මහාචාර්ය Simon Rice පවසන්නේ අධිකරණය මගින් Self-representation නොහොත් ස්වයං නියෝජනය කරන පාර්ශ්ව සඳහා පරිසරයක් නිර්මාණය කළත් උසාවි ලේඛන සකස් කිරීමට සහ උසාවියට සහ විනිශ්චය සභාවට කතා කිරීමට ඔබට තවමත් තාක්ෂණික නීති දැනුම අවශ්‍ය වන බවයි.
එමෙන්ම, Monash විශ්ව විද්‍යාලය පවුල් සම්බන්ධයෙන් වන නීතිමය නඩු වලදී ස්වයං නියෝජනයක් ඇති පුද්ගලයින් හට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති පවුල් නීති ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නීතිය පිළිබඳ මහාචාර්ය ආචාර්ය Jeff Giddings පෙන්වා දෙයි.
Griffith University, Deakin University, Bond University සහ තවත් බොහෝ ඕස්ට්‍රේලියානු නීති විද්‍යාල අත්දැකීම් පදනම් කරගත් නීතිමය ආධාර ලබාදීම සිදු කරයි. මෙය සුදුසුකම් ලත් පළපුරුදු නීතිඥයෙකුගේ අධීක්ෂණය යටතේ "නීති සායන" ආකාරයෙන් ක්‍රියාත්මක වන අතර මෙම නීති සායන වලදී, නීති සිසුන් නීතිමය ක්‍රියාවලිය සහ අධිකරණ ක්‍රියා පටිපාටි පිළිබඳ දැනුම සහ සහාය නොමිලේ ලබා දෙයි.

ඕස්ට්‍රේලියානු අධිකරණ පද්ධතිය සම්බන්ධෙන් දැනුවත් වීමට ඔබට අවශ්‍ය නම් නොමිලයේ නීතිමය තොරතුරු ලබාගැනීම සඳහා වෙබ් අඩවි රැසක් පවතී. එමෙන්ම කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව ඔබ වෙනුවෙන් පෙනී සිටින නීතීඥයකු සොයාගැනීමටද හැකියාව තිබේ.
ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ කිසිදු ගාස්තු ගෙවීමකින් තොරව වන නීතීඥ සේවා පිළිබඳ තොරතුරු සඳහා Australian Pro Bono Center වෙබ් අඩවියට පිවිසෙන්න.

