SKIP TO MAIN CONTENT
-

This article is more than 3 years old

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිළිගැනීම - සිංහල භාෂාවෙන්

ඇබෝර්ජීනියානු සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වාසීන් මේ රටේ සම්ප්‍රදායික හිමිකරුවන් ලෙසද ගොඩබිම, මුහුද, අහස සහ ප්‍රජාව සමඟ ඔවුන්ගේ කල්පවත්නා සහ අඛණ්ඩ සම්බන්ධතාවය SBS මාධ්‍ය ජාලය පිළිගනී.

දේශන සහ රැස්වීම් වැනි පොදු සහ පෞද්ගලික අවස්ථා ගණනාවක පැමිණ සිටින පිරිස පිළිගැනීමට හෝ අදාළ අවස්ථාවේ අරමුණු පැහැදිලි කිරීමට පෙර අදාළ රටේ හෝ භූමියේ නියම උරුමක්කාරයින් ලෙස පිළිගැනීමක් සාමාන්‍යයෙන් කරනු ලැබේ.

එය උත්සවය පැවැත්වෙන රටේ සාම්ප්‍රදායික හිමිකරුවන් හඳුනා ගැනීමේ ක්‍රමයකි.

SBS ශ්‍රව්‍ය වැඩසටහන් ආරම්භ වන්නේ එම වැඩසටහනේ භාෂාවෙන් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් මේ භූමියේ නියම උරුමක්කාරයින් ලෙස පිළිගැනීමක් ලබා දෙමිනි.

ඇබෝර්ජීනියානු සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ඔස්ට්‍රේලියාව සමඟ ඇති සම්බන්ධය හඳුනා ගැනීමට සහ අතීතයේ සහ වර්තමාන ස්වදේශික ඔස්ට්‍රේලියානු වැඩිහිටියන්ට ගෞරවය දැක්වීම සඳහා අප මෙය සිදු කරයි.

එය ඔස්ට්‍රේලියාව කිසි දිනක ස්වෛරීත්වය පවරා නොදුන් දේශයක් බව පිළිගැනීමේ ක්‍රමයකි.

රට පිළිබඳ පිළිගැනීමක් සඳහා නිශ්චිත වචන නොමැති අතර ඕනෑම කෙනෙකුට එය ලබා දිය හැකිය.

සාම්ප්‍රදායික හිමිකරුවන් හෝ ඔවුන්ගෙන් අවසර ලත් ඇබෝර්ජීනියානු සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් විසින් තමන්ගේ රටට පැමිණෙන අමුත්තන් සාදරයෙන් පිළිගැනීමට මෙය භාවිත කරයි.

Acknowledgement of Country හෙවත් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් පිළිගැනීම පිළිබඳ උදාහරණයක් මේ:

මේ පොළොව, අහස සහ ජල මාර්ගවල පාරම්පරික හිමිකරුවන් පිළිගැනීමට අපි කැමැත්තෙමු, අතීත සහ වර්තමාන වැඩිහිටියන්ට අපගේ ගෞරවය පුද කරන්නෙමු. ලෝකයේ පැරණිතම අඛණ්ඩ සංස්කෘතියට අපි අපගේ ගෞරවය පුද කරමු.

නගර සභා, ප්‍රාන්ත හෝ ටෙරිටරි වෙබ් අඩවි පරීක්‍ෂා කිරීමෙන් හෝ තමන්ගේ ප්‍රදේශයේ ඇබෝර්ජීනියානු සහ ස්වදේශික ඔස්ට්‍රේලියානු සංවිධාන සමඟ සම්බන්ධ වීමෙන් ඔබ සිටිනා ප්‍රදේශය/ භූමිය සඳහා සාම්ප්‍රදායික හිමිකරුවන් කවුරුන්ද යන්න ඔබට සොයාගත හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now