------------ Update -----------(17.4.2018, 6pm in AEST)
පොදු දේපල පනත යටතේ ගොනුකර තිබූ නඩුවකට අවශ්‍ය සාක්ෂි විමසීමක් සඳහා ඊයේ දිනයේදී (Apr.16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස් වුවද නිසිලෙස ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා යලිත් රිමාන්ඩ් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (17) දින අවශ්‍ය කොන්දේසි සපුරාලීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කොට ඇත.
අද දින අදාළ ලියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයාට මැයි මස 11 වනදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියම කෙරිණි.
:----------මුල් පුවත --------------:
මහින්දානන්ද අත්අඩංගුවට පත්ව ඇපපිට එලියට ඇවිත් යලිත් රිමාන්ඩ් භාරයට පත්වෙයි
පොදු දේපල පනත යටතේ ගොනුකර තිබූ නඩුවකට අවශ්‍ය සාක්ෂි විමසීමක් සඳහා ඊයේ දිනයේදී (Apr.16)මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණ. 2014 වර්ෂයේ ජනාධිපතිවරණ සමයේ දී ක්‍රීඩා අමාත්‍යංශයට කැරම් හා දාම් බෝඩ් මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයකට අදාළව ප්‍රක්ෂයක් ලබාගිමට ඔහු කැඳවා තිබුණු අතර ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්විය.
මෙලෙස කැරම් හා දාම් බෝඩ් ගෙන්වා ඇත්තේ සතොස ආයතනය යටතේ බවත් එය රජයට අයත් ආයතනක් නොවන බැවින් මෙම නඩුව පොදු දේපල පනත යටතට නෙගැනෙන බවත්, මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් පෙන්වාදීමෙන් අනතුරුව රුපියල් 35,000ක මුදල් ඇප මත මන්ත්‍රීවරයා නිදහස් කෙරින. ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කැරිණි. එහෙත් කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති හෙයින් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විධේශ ගමන් බලපත්‍රය උසාවියට ඉදිරිපත්කිරීමට ඔහුගේ නීතිඥයින් අපොහොසත්වීම හේතුවෙන් යලිත් ඔහු රිමාන්ඩ් භාරයට පත්ව තිබේ.

