SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා බාරගනු ලබන සංක්‍රමණිකයින් ප්‍රමාණය අඩු කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි. (SBS සිංහල /වාර්තා)

Australia's permanent migration intake expected to fall
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන සංක්‍රමණිකන්ගේ ප්‍රමාණයෙහි අඩුවීමක් සිදුවනු ඇති බව වාර්තා වේ.

මේ අනුව ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණික වැඩසටහන යටතේ වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට බාර ගන්නා සංඛ්‍යාව 2010 වසරේ මුල් බාගයේදී තිබු අගයට සමාන වනු ඇතැයි සඳහන්.

The Australian පුවත්පත වාර්තා කරන අන්දමට 2017-18 කාලයේ මෙරට ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් වාර්ෂික බාරගැනීම 190,000 සිට 160,000 ත්  170,000 ත් අතර දක්වා අඩු විය හැකි බවට අපේක්ෂා කෙරේ.

ඔස්ට්‍රේලියානු වීසා අනුමත කිරීමේ ක්‍රියාවලිය දැඩි කිරීම හේතුවෙන් මේ වසරේදී  ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ වාර්ෂික ප්‍රමාණය අඩු වන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton තහවුරු කර ඇත.

ස්ථිර පදිංචිය සඳහා වූ සංක්‍රමණිකයින් බාරගැනීමේ වාර්ෂික ප්‍රමාණය 160,000 දක්වා පහත හෙලුවහොත් එය 2007 - 08 කාලයේ පටන් මේ දක්වා වාර්තාවූ සංක්‍රමණිකයින් බාරගැනීමේ පහළම වාර්ෂික අගය ලෙසද වාර්තා වේ.

*****************************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

********************************************************************************


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now