ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අවශ්‍ය “රැකියා සීමා ලැයිස්තුවේ” වත්මන් තත්ත්වය මෙන්න. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

Australian visa

Australian visa Source: SBS

ඔබ ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද? එසේත් නැතිනම් ඔබ ශ්‍රී ලංකාවේ සිට හෝ විදේශ රටක සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරනවාද?එසේනම ඔබ අනිවාර්යෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” පිළිබඳ දැන සිටිය යුතුය.

ඔස්ට්‍රේලියාවේ සෑම මුල්‍ය වර්ෂයක් සඳහාම නිපුණතා රැකියා ලයිස්තුවේ සඳහන් එක් එක් රැකියා අංශය සඳහා කොපමණ සංඛ්‍යාවක කෝටාවක් තිබෙනවාද යන්න මෙමගින්  ප්‍රදර්ශනය කෙරේ.

ඊට අමතරව අදාළ රැකියා කෝටාව පිරෙන අතරතුරේ එම ලැයිස්තුව යාවත්කාලීන වන අතර තවත් කොපමණ සංඛ්‍යාවක් ඉතිරිද යන්න පිළිබඳවද ඔබට දැනගත හැකිවේ.

Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට SkillSelect ක්‍රියාවලිය හරහා සෑම වසරකම නිකුත් කරනු ලබන ආරාධනා පත්‍ර සංඛ්‍යාවෙහි සීමාව Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ලෙස හැඳින්වේ.

මෙම “රැකියා සීමා ලැයිස්තුව” පහත සඳහන් වීසා වර්ග සඳහා අදාළ වේ.

  • Skilled independent visas (189)
  • Skilled regional sponsored visas (489)
  • Skilled or business state or territory sponsored visas.

ඔබගේ රැකියාවට අදාළ කෝටාව පිරී ගිය පසුව එම වසර වෙනුවෙන් ඉහත වීසා සඳහා අයදුම් කිරීමට ඔබට ආරාධනාවක් නොලැබෙනු ඇත.

ආරාධනාවක් යනු කුමක්ද?

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ වැඩසටහන හෙවත් “skilled migration program” යටතේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය වෙනුවෙන් අදාළ වීසා  සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන අවසරය, ආරාධනාවක් ලෙස හැඳින්වේ.

මෙම ආරාධනා නිකුත් කරනු ලබන්නේ SkillSelect ක්‍රියාවලිය හෙවත් ඔස්ට්‍රේලියාවේ online expression of interest පද්ධතිය හරහා පමණි.

2017 – 18 වසර සඳහා නිකුත් කළ නවතම “රැකියා සීමා ලැයිස්තුව” හෙවත් “Occupation ceiling list  මාර්තු 05 වන දින වන විට තත්ත්වය මෙසේය.

Occupation IDDescriptionOccupation Ceiling Value 2017-18Invitations to 07/02/2018
1213Livestock Farmers41960
1331Construction Managers540047
1332Engineering Managers115512
1341Child Care Centre Managers10007
1342Health and Welfare Services Managers137411
2211Accountants*47852633
2212Auditors, Company Secretaries and Corporate Treasurers*1327874
2241Actuaries, Mathematicians and Statisticians100028
2245Land Economists and Valuers100010
2247Management consultant32857
2321Architects and Landscape Architects147493
2322Cartographers and Surveyors100023
2331Chemical and Materials Engineers1000149
2332Civil Engineering Professionals3296345
2333Electrical Engineers1042179
2334Electronics Engineers*1000430
2335Industrial, Mechanical and Production Engineers*2178985
2339Other Engineering Professionals*1000546
2341Agricultural and Forestry Scientists100056
2346Medical Laboratory Scientists148742
2347Veterinarians100019
2349Other Natural and Physical Science Professionals100016
2411Early Childhood (Pre-primary School) Teachers263949
2414Secondary School Teachers7910159
2415Special Education Teachers10005
2512Medical Imaging Professionals111322
2514Optometrists and Orthoptists100010
2519Other Health Diagnostic and Promotion Professionals10000
2521Chiropractors and Osteopaths10008
2524Occupational Therapists110923
2525Physiotherapists146435
2526Podiatrists10005
2527Speech Professionals and Audiologists100020
2531General Practitioners and Resident Medical officers3495108
2533Internal Medicine Specialists10008
2534Psychiatrists10004
2535Surgeons10009
2539Other Medical Practitioners1000173
2541Midwives10907
2544Registered Nurses16741696
2611ICT Business and Systems Analysts*15741029
2613Software and Applications Programmers*62023031
2621Database and Systems Administrators and ICT Security Specialists2391192
2631Computer Network Professionals*1318639
2633Telecommunications Engineering Professionals1000316
2711Barristers10000
2713Solicitors416172
2723Psychologists175022
2725Social Workers1562103
3122Civil Engineering Draftspersons and Technicians100022
3123Electrical Engineering Draftspersons and Technicians100026
3132Telecommunications Technical Specialists10009
3211Automotive Electricians10000
3212Motor Mechanics598047
3222Sheetmetal Trades Workers10001
3223Structural Steel and Welding Trades Workers442614
3232Metal Fitters and Machinists533016
3233Precision Metal Trades Workers10000
3241Panelbeaters13441
3311Bricklayers and Stonemasons12719
3312Carpenters and Joiners696817
3322Painting Trades Workers27805
3331Glaziers10001
3332Plasterers21033
3334Wall and Floor Tilers14070
3341Plumbers55074
3411Electricians935427
3421Airconditioning and Refrigeration Mechanics14274
3422Electrical Distribution Trades Workers10002
3423Electronics Trades Workers187822
3513Chefs267554
3941Cabinetmakers19052
3991Boat Builders and Shipwrights10000

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඇසුරෙනි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


5 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now