ඕස්ට්‍රේලියාවේ වසන බොහෝ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානුවන්ට ද්විත්ව පුරවැසිභාවය තිබේ. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සහිත ඔබ ඔබේ ද්විත්ව පුරවැසිභාවයට අදාල මවු රටට හෝ වෙනත් රටක් සමඟ ද්විත්ව පුරවැසිභාවය ඇත්නම් ඒ රටට යනවිට ඕස්ට්‍රේලියානු නිතිය යටතේ ද්විත්ව පුරවැසිභාවය ට අදාළ නීති රෙගුලාසි ක්‍රියාත්මක වන ආකාරය මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
ඔබ ද්විත්ව පුරවැසියෙකු වන්නේ කෙසේද ?
මෙය ඕස්ට්‍රේලියාවේ හා එම ද්විත්ව පුරවැසිභාවයට අදාල අනෙක් රටෙහි ඇති නීති අනුව වෙනස් විය හැක. ඔබ පහත තත්වයන් යටතේ ද්විත්ව පුරවැසියෙක් විය හැකියි
- ඔබේ දෙමාපියෙක් එම රටේ ජාතිකයෙකු නම්
- එම රටේ අයෙකු හා විවාහ වූ විට
- වෙනත් රටක පුරවැසිභාවය අයදුම් කොට ලබා ගත් විට
- විදේශයකදී උපත ලැබූ අයෙක් නම්
සමහර රටවල් ද්විත්ව පුරවැසිභාවය ලබා දුන්නද සමහර රටවල් එය තහනම් කොට තිබේ.
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න සතියේ දිනවල සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙ.ව 11 සිට 12 දක්වා
ගමන් බලපත්‍ර හා වීසා
විදේශයකදී ඔබේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය තහවුරු කල හැකි හොඳම ක්‍රමය ඔබ සතු ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයයි
ඔස්ට්‍රේලියාවට ඇතුල් වීම හා පිටවීම
ඔබ ඕස්ට්‍රේලියාවෙන් පිටවන විට ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රය පාවිච්චි කරන්න. වෙනත් රටකදී නම් ඔබේ එම රටේ බලපත්‍රය පාවිච්චි කල හැකියි.
පහත වෙබ් අඩවියෙන් වැඩි තොරතුරු දැන ගත හැකියි
අනෙක් පුරවැසිභාවය ඇති රටට ඇතුල් වීම හා පිටවීම
ඔබ වෙනත් රටකට එම රටේ ගමන් බලපත්‍රයෙන් ඇතුල් වුව හොත් , ඒ රට ඔබ ඔස්ට්‍රේලියානුවකු ලෙස ගණන් නොගත හැකියි. ඒ නිසා ඕස්ට්‍රේලියානු කොන්සල් සේවා ලබා ගැනීමේ ගැටළු මතු විය හැකියි. එම රට ඔබට රටින් පිට වීමේ දී විවිධ නීති දැමිය හැකි අතර ඔවුන් ඔබට exit visa /permit එකක් යෙදිය හැකියි
අනිවාර්යෙන් සිදුකල යුතු හමුදා සේවය
සමහර රටවල ද්විත්ව පුරවැසියන්ට අනිවාර්ය හමුදා සේවයේ යෙදීමට සිදුවේ. පහත දැක්වෙන්නේ එවන් රටවල්. සමහර රටවල් එවන් පුද්ගලයන්ට එසැනින් සේවය සදහා පැමිණීමට අණ කරන අතර සමහර රටවල් ඔබ ඒ රටට ගොස් එහි සිටිමින් එම සේවය ලබා දිය යුතු වේ. එසේ නොකළ හොත් ඔබ නීතිය උල්ලංගනය කරන බැවින් ඔබ අත්අඩංගුවට පත් විය හැක. මේ නිසා ඔබගේ ද්විත්ව පුරවැසිභාවයට අදාල අනෙක් රටෙහි නීති පිළිබද දැනුවත් වන්න
පොදු සෞඛ්‍ය සේවා
බොහෝ රටවල් එම රටේ ද්විත්ව පුරවැසියන්ට පොදු සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඉඩ දුන්නත්, ඔබ එම රටේ බදු ගෙවන්නෙක් නොවේ නම් හෝ එහි වාසය නොකරයි නම් එසේ නොවන අවස්තා ද තිබිය හැකියි. ඒ නිසා ඔබ ඒ පිලිබදව සොයා බලා අවශ්‍ය සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගන්න. මේ වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න
වෙනත් රටක සිදුවූ විවාහයන්
ඔස්ට්‍රේලියාව වෙනත් රටක සිදුවූ විවාහ පිළිගන්නා අතර ඒවා ඕස්ට්‍රේලියානු නීති පද්ධතියේ තත්වයට අනුකුල විය යුතුයි. නමුත් ඔබට ඔස්ට්‍රේලියාවේදී ඔබේ නම වෙනස් කිරීමට අවශ්‍ය නම්, එහෙත් ඔබ විවාහ වී ඇත්තේ ඔබගේ ද්විත්ව පුරවැසිභාවයට අදාල අනෙක් රටේ නම් ඔබගේ නම වෙනස් කිරීම සඳහා එම රටේ විවාහ සහතිකය ඔස්ට්‍රේලියාවේදී පිලිනොගනී.
පහත ලින්ක් එක ඔස්සේ එම නම වෙනස් කිරීමේ තොරතුරු ලබා ගන්න
Registry of Births, Deaths and Marriages
ඕස්ට්‍රේලියාවේ සිදුවූ විවාහ
පහත තත්ත්ව යටතේ සමහර රටවල් ඕස්ට්‍රේලියාවේ සිදුවූ විවාහ පිලි නොගන්න අවස්ථා තිබිය හැකියි
- ඔස්ට්‍රේලියානුවකු හා වෙනත් රටක ජාතිකයෙකු අතර ඕස්ට්‍රේලියාවේ සිදුවන විවාහ
- එම ඕස්ට්‍රේලියානුවා එම රටේ ඔවුන්ගේ විවාහය නීත්‍යානුකුල නොවන බවත් එම දරුවන් නීත්‍යානුකුල නොවන බවටත් තහවුරු විය හැකියි
- ඕස්ට්‍රේලියානු සමලිංගික විවාහ එම රටේ නීති විරෝධී විය හැකියි
- එම රටේ නීති පිලිබදව ඒ නිසා දැනුවත් වන්න
- පහත වෙබ් අඩවියෙන් විවාහ පිළිබද තොරතුරු ලබා ගන්න
බාල වයස් කාර විවාහ
ඕස්ට්‍රේලියාවේ නීතියට අනුව බල වයස්කාර විවාහ නීතියෙන් තහනම් වුවද විවාහ වයසට වඩා අඩු වයසක සිටින අයට වෙනත් රටකදී විවාහ සිදුකරගැනීම සඳහා නීතියෙන් බාධාවක් නොමැත.
ඕස්ට්‍රේලියානු නීතිය අනුව, ද්විත්ව පුරවැසියන් ඇතුළුව, විවාහ වීම සඳහා පහත කොන්දේසි බලපානු ලැබේ.
- වයස අවුරුදු 16ට වඩා අඩු දරුවන්ට විවාහ විය නොහැක
- අවු 16 හා 17ක පුද්ගලයන්ට අධිකරණ අවසරය නොමැතිව විවාහ විය නොහැක
- ඒ අනුව වෙනත් රටකදී වයස අවුරුදු 18 අඩු පුද්ගල විවාහ ඔස්ට්‍රේලියාව පිළිගන්නේ නැහැ
බලහත් කාරයෙන් සිදු කරන විවාහ
ඕස්ට්‍රේලියාවේ බලහත් කාරයෙන් සිදු කරන විවාහ නීති විරෝදී බැවින් එවන් දේ සිදු කරන තැනැත්තන්, ඔවුන් වෙනත් රටකදී එම විවාහය සිදු කලද, නීතිය මගින් ක්‍රියා කිරීමට ඔස්ට්‍රේලියාවේදී හැකියි . පහත වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගන්න
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
දික්කසාදය
සමහර රටවල්, ඔබ ද්විත්ව පුරවැසියෙකු වුවද ඕස්ට්‍රේලියාවේදී සිදුකරනු ලැබූ දික්කසාද පිලි නොගනී. ඒ නිසා එම රටෙන් එම උපදෙස් ලබා ගත යුතුයි . වෙනත් රටකදී සිදුවූ දික්කසාදයක් ඕස්ට්‍රේලියාවේ පිලිගැනීම පිළිබදවද ඕස්ට්‍රේලියානු නීති උපදෙස් ලබා ගත යුතු වේ.
Family Court වෙබ් අඩවියෙන් තොරතුරු දැන ගන්න
දරුවන්ගේ භාරකාරත්වය
ඔබේ ද්විත්ව පුරවැසිභාවය ඔබේ දරුවන් ගේ භාරකාරත්වය කෙරේ බලපායි. ඒ නිසා ඔබ දරුවන් සමග සංචාරය කරන විට ඒ සදහා අවසර ලබා ගන්න.
එසේ නැත්නම් ඔබව දරුවන් පැහැර ගත් බවට වන ජාත්‍යන්තර නීති යටතේ අත්අඩංගුවට ගත හැකියි. ඒ පිලිබඳ නීති පහත ලින්ක් එකෙන්
ඕස්ට්‍රේලියානු ද්විත්ව පුරවැසියන්ට ඇති කන්සියුලර් සේවා
ඔබ ඔබේ පුරවැසිභාවය ඇති අනෙක් රටේ සිටියදී එම රට විසින් ඔස්ට්‍රේලියාවට ඔබට එම සේවා ලබා දීම සීමා කල හැකියි. ඒ නිසා එම රටේදී විපතට පත් වූ විට මුලින්ම එම රටේ සේවා ලබා ගැනීමට සිදුවේ.
පහත වෙබ් අඩවිය මගින් වෙනත් රටකදී ඕස්ට්‍රේලියානුවන්ට consular service සහය ලබා ගත හැකි ආකාර දැක්වේ
https://www.smartraveller.gov.au/consular-services/consular-services-charter
ඔබේ අනෙක් පුරවැසිභාවය ඇති රටේ දී ඔබ වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට කල හැකි දේ
- ගමන් බලපත්‍ර සේවා ලබා දීම (Australian Passport)
- නීතිමය ලියකියවිලි ලබා දීම
- ඔබේ පුරවැසිභාවය සහිත අනෙක් රටේදී ඔබ විවාහ වීමට යන්නේ නම්, ඔබ විවාහ වීමට අවහිරතාවක් නොමැති නිදහස් පුද්ගලයෙකු බවට සනාථ කෙරෙන Certificate of No Impediment to Marriage සහතිකය ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍යංශය මඟින් සැපයීම
- එම රටේ ඉංග්‍රීසි කතා කල හැකි වෛද්‍ය හා නීතිඥ ලැයිස්තුවක් ලබා දීම
ඔබේ අනෙක් පුරවැසිභාවය ඇති රටේ දී ඔබ වෙනුවෙන් ඔස්ට්‍රේලියාවට කල නොහැකි දේ
- එම රට ඔබ ඔස්ට්‍රේලියානුවකු ලෙස නොසලකයි නම් කොන්සල් සේවා ලබා දිය නොහැක
- ඔබේ අනෙකුත් පුරවැසිභාවය සහිත රට මඟින් ඔබව අනිවාර්ය හමුදා සේවය සදහා කැඳවා ඇත්නම් හෝ එය පහර හැරීම නිසා ඔබව අත්අඩංගුවට පත්වූයේ නම් ඔබව ඉන් නිදහස් කරගැනීමට හෝ බේරා ගැනීමට ඔස්ට්‍රේලියාවට නොහැකියි
- ඔබ අත්අඩංගුවට පත් වුව හොත් එන් මුදවා ගැනීමට නොහැක
- නීතිමය උපදෙස් ලබා දිය නොහැකියි
** ඕස්ට්‍රේලියානු රජය මඟින් ප්‍රකාශයට පත් තොරතුරු ඇසුරිනි
SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
- සජීවීව සහ පසුව online අහන්න www.sbs.com.au/sinhalese
- සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි)
- සජීවීව ගුවන් විදුලියෙන් - 97.7fm –NSW / 93.1 fm VIC
- සජීවීව හෝ පසුව අහන්න Mobile APP මඟින් - SBS Radio APP (free download) __ select Sinhalese language

