දකුණු ඔස්ට්‍රේලියාවෙන් පසුව ඔස්ට්‍රේලියාවේ තවත් ප්‍රාන්ත දෙකක් ජාත්‍යන්තර සිසුන්ට දොරටු විවෘත කිරීමට යයි (SBS /සිංහල/ වාර්තා)

International students can apply now for the Victorian International Education Awards 2021-22

International students can apply now for the Victorian International Education Awards 2021-22 Source: AAP

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් පසුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හා Australian Capital Territory (ACT) ද ජාත්‍යන්තර සිසුන්ට දොරටු විවෘත කිරීමට සූදානම් වේ.

ජාත්‍යන්තර සිසුන්ව යළිත් සිය ප්‍රාන්ත වලට ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනක් සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හා Australian Capital Territory වෙත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් විශේෂ අනුමැතියක් හිමිවී තිබේ.


Highlights

  • මෙම නියමු වැඩසටහන හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්යේ සහ ACT විශ්ව විද්‍යාල 14 කට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීම සිදු කෙරේ.
  • දෙසතියකට වරක් ජාත්‍යන්තර සිසුන් 250 ක් මේ හරහා නැවත ඔස්ට්‍රේලියාවට ගෙන එනු ඇත.
  • මෙම නියමු වැඩසටහන සඳහා තේරීමට නම් අදාළ ජාත්‍යන්තර සිසුන්ට වලංගු ශිෂ්‍ය වීසා බලපත්‍රයක් තිබිය යුතු අතර දින 14 ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම සඳහා සාදන ලද නවාතැන් වල ඔවුන් රැඳී සිටිය යුතුය.

ජාත්‍යන්තර සිසුන්ව යළි ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහන

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ විශේෂ අනුමැතියෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්යේ සහ ACT විශ්ව විද්‍යාල 14 කට මෙම නියමු වැඩසටහන හරහා සහයෝගයෙන් කටයුතු කිරීමට හැකි වී තිබේ.

ඒ හරහා දෙසතියකට වරක් ජාත්‍යන්තර සිසුන් 250 ක් නැවත ඔස්ට්‍රේලියාවට ගෙන එනු ඇත.

මේ හරහා ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට සහනයක් සැපයීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වී තිබේ.

මෙය ජාත්‍යන්තර සිසුන් නැවත ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සඳහා සාධාරණ හා කාර්යක්ෂම ක්‍රමයක් නිර්මාණය කරනු ඇතැයි Australian Competition & Consumer Commission (ACCC) හි සභාපති Rod Sims පවසා ඇත.

මෙම වැඩසටහනට අනුව ප්‍රායෝගික හෝ ස්ථානීය අංග අවශ්‍ය වන පාඨ මාලා සඳහා වූ සිසුන් කෙරෙහි ප්‍රමුඛතාවක් ලබාදීමට අදාළ විශ්ව විද්‍යාල කටයුතු කරනු ඇත.

Students
Source: AAP

තනි සංචාරක නියෝජිතයෙකු ඒකාබද්ධව පත් කෙරේ

ගුවන් ටිකට් පත් සමුහයක් වශයෙන් මිලදී ගැනීමටත් ඒවා ජාත්‍යන්තර සිසුන්ට වෙන් කිරීමටද ඒ හරහා පහසු වන බව ඔවුහු පවසති.

මෙම ගුවන් ටිකට් පත් සහ ගුවන් ගමන් සංවිධානය කිරීම සඳහා තනි සංචාරක නියෝජිතයෙකු (travel agent) ඒකාබද්ධව පත් කරනු ලැබේ.

ඒ අනුව අදාළ සංචාරක නියෝජිතයා වෙත මුදල් ගෙවා තම ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමට හා තම පැමිණීමේ ගමන සංවිධානය කරගැනීමට සිසුන්ට හැකියාව ලැබේ.

ඇතැම් සිසුන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට වුවද තම අධ්‍යන කටයුතු අන්තර්ජාලය ඔස්සේ සම්පූර්ණ කළ හැකි නමුත් ප්‍රයෝගික අධ්‍යන කටයුතු, පැවරුම් මෙන්ම ඇගයීම් සහිත පාඨ මාලාවන් හදාරන සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීම අත්‍යවශ්‍ය වේ.

විශේෂයෙන්ම, වෛද්‍ය, විද්‍යා, ඉංජිනේරු සහ හෙද වෘත්තීන් හි පාඨ මාලාවන් ඒ අතරින් ප්‍රධාන බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශ සීමා වසා දැමීම නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් 250,000 කට පමණ ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව අහිමිවී තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කොන්දේසි

මෙම නියමු වැඩසටහන සඳහා තේරීමට නම් අදාළ ජාත්‍යන්තර සිසුන් හට වලංගු ශිෂ්‍ය වීසා බලපත්‍ර තිබිය යුතුය.

එමෙන්ම සෞඛ්‍ය උපදෙස් මත අවශ්‍ය දින 14 ක නිරෝධායන කාලය සම්පූර්ණ කිරීම සඳහා සාදන ලද නවාතැන් වල ඔවුන් රැඳී සිටිය යුතුය.

මෙම වැඩසටහනේ සියලු වියදම් විශ්වවිද්‍යාල අංශය විසින් කළමනාකරණය කරනු ඇත.

ලබන මාසයේදී දෙසතියකට ජාත්‍යන්තර සිසුන් 500 ක් බැගින් ගෙන්වීමට අපේක්ෂා කරන බවද වාර්තා වේ.

"ජාත්‍යන්තර අධ්‍යාපනය අපගේ දෙවැනි විශාලතම අපනයන ආදායම බවත් එනිසාම ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට යළි පැමිණීමට මෙවේලෙහි දිය හැකි උපකාරයක් දිය යුතු බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet පැවසීය.


Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now