ඔස්ට්‍රේලියාවේ Aged care සේවකයින්ට 15% ක වැටුප් වැඩිවීමක්, සියලු තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

සෞඛ්‍ය සේවා වෘත්තීය සංගමය මෙම අන්තර්වාර වැටුප් වැඩිවීම සාදරයෙන් පිළිගත් නමුත් aged care කර්මාන්තයේ අර්බුදය මැඩපැවැත්වීම සඳහා විශාල හා පුළුල් ලෙස වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව පැවසීය.

An aged care worker assisting a man with a walker down a corridor.

The Health Services Union welcomed the interim pay rise, but said a larger and broader increase is needed to stem the industry's crisis. Source: Getty / Maskot

ඔස්ට්‍රේලියාවේ Aged care සේවකයින්ට Fair Work කොමිසම විසින් 15% ක අන්තර්කාලීන වැටුප් වැඩිවීමක් ලබා දී ඇත.

Aged care සහ SCHADS Awards ඛාණ්ඩවල direct care වර්ගීකරණයන්හි රැකියාවල අවම වැටුප් මෙලෙස වැඩිවන බව Fair Work කොමිසම පැවසීය.

එමෙන්ම Nurses Award යටතේ සේවය කරන Aged care හෙදියන්ටද මෙම වැටුප් වැඩිවීම හිමිවේ.

ඊට අමතරව මෙම අන්තර්කාලීන වැටුප් වැඩිවීමත් සමාග Aged care ක්ෂේත්‍රයේ අනෙකුත් සේවකයින් සඳහා, එනම් පරිපාලන සහ support aged care සේවකයින් සඳහා 25% ක වැටුප් වැඩිවීමක් සඳහා වන වෘත්තීය සමිතිවල ඉල්ලීම සලකා බැලීම අවසන් නොකරන බව Fair Work කොමිසම සඳහන් කළේය.

Aged care සේවකයින්ට තවදුරටත් වැඩුප් වැඩිකිරීම් යුක්ති සහගතද යන්න මෙම ක්‍රියාදාමයේ තුන්වන අදියරේදී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ඔවුහු පැවසුහ.

රජයේ තීරණය

Aged care ක්ෂේත්‍රයේ රැකවරණය සපයන සේවකයින්ට නිසි ලෙස වැටුප් ලැබීම ආරම්භ නොකළහොත් ජනගහනය වයස්ගත වන විට ඔස්ට්‍රේලියානුවන්ගේ ආදරණීයයන් රැකබලා ගැනීම සහතික කිරීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් Aged care අංශයට නොමැති වන බව මධ්‍යම රජයේ අමාත්‍යවරුන් වන Mark Butler, Anika Wells සහ Tony Burke එක්ව නිවේදනයක් නිකුත් කරමින් පැවසුහ.

මේ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට රජය සිය කැපවීම ඉටු කළ බවත්, එය ප්‍රතිඵලයට ධනාත්මක ලෙස බලපෑ බවත් සෞඛ්‍ය සහ Aged Care අමාත්‍ය Mark Butler ප්‍රකාශ කළේය.

වඩා හොඳ වැටුප්, වඩා හොඳ කාර්ය මණ්ඩලයක් සහ වඩා හොඳ රැකවරණයක් ඇති කරන බවද ඔහු අවධාරණය කළේය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

මේ අතර වසර නවයක නොසලකා හැරීම හේතුවෙන් ඇති වූ Aged care ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩල පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රමිකයින් නැවත එම අංශයට ගෙන ආ යුතු බව Aged Care අමාත්‍ය Anika Wells පැවසුවාය.

ස්ත්‍රී පුරුෂ වැටුප් පරතරයට එක් ප්‍රධාන හේතුවක් වූයේ අඩු වැටුප් සහ Aged Care වැනි කාන්තා ආධිපත්‍ය සහිත අංශවල දුර්වල තත්ත්වයන් බව ද ඇය පැවසුවාය.

පිරිමින්ට සහ ගැහැණුන්ට සමානව ගෙවන බව සහතික කිරීම සඳහා Aged Care ක්ෂේත්‍රයේ වැටුප් වැඩි කිරීම අත්‍යවශ්‍ය බව ද ඇමතිනි Anika Wells පැවසුවාය.

මේ අතර aged care යනු වෙහෙසදායක රැකියාවක් වන නමුත් එය අවතක්සේරු කළ රැකියාවක් බව මධ්‍යම රජයේ සේවා ස්ථාන සබඳතා පිළිබඳ අමාත්‍ය Tony Burke පැවසුවේය.

වැටුප් වැඩිවීම එය වෙනස් කිරීමේ පළමු පියවර බවද ඔහු පැවසීය.

වෘත්තීය සමිතිවල ප්‍රතිචාරය

සෞඛ්‍ය සේවා වෘත්තීය සංගමය මෙම අන්තර්වාර වැටුප් වැඩිවීම සාදරයෙන් පිළිගත් නමුත් aged care කර්මාන්තයේ අර්බුදය මැඩපැවැත්වීම සඳහා විශාල හා පුළුල් ලෙස වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව පැවසීය.

මෙය සාධාරණ ආරම්භයක් නමුත් තවදුරටත් ඉදිරියට ගොස් aged care ක්ෂේත්‍රයේ ආධිපත්‍යය දරන දරිද්‍රතා වැටුප් සැකසුම් ක්‍රමය ස්ථිරවම අවසන් කිරීමට Fair Work කොමිසම පියවර ගත යුතු බව සෞඛ්‍ය සේවා වෘත්තීය සංගමයේ සභාපති Gerard Hayes පැවසීය.

"15% ක් යනු මූලික ගෙවීමකි. නමුත් කිසිවෙකු වරදවා වටහා නොගත යුතුයි, මේ හරහා aged care ක්ෂේත්‍රයේ අර්බුදය විසඳන්නේ නැහැ" ඔහු පැහැදිලි කළේය.

මෙම වැටුප් වැඩි කිරීම සඳහා aged care පිළිබඳ රාජකීය කොමිසම හේතු වූ අතර aged care රම බලකාය පද්ධතියේම ගැටලුවලට මුහුණ දී ඇති බව එම පරීක්ෂණයෙන් නිගමනය වූයේය.

Aged care ශ්‍රම බලකායෙන් වැඩි පිරිසකට ප්‍රමාණවත් වැටුප් නොලැබුණු බව සඳහන් කරමින්, අදාළ ශ්‍රමිකයින්ගේ සැබෑ වටිනාකම පිළිබිඹු කිරීම සඳහා සුදුසු ලෙස වැටුප් වැඩි කිරීමට aged care පිළිබඳ රාජකීය කොමිසම නිර්දේශ කළේය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now