වාර්තාගත ඉහළ ගොස් ඇති ගුවන් ගමන් ගාස්තු තවත් ඉහළ යා හැකි බවට නවතම වාර්තාවකින් අනතුරු ඇඟවීම්

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් කරන ලද විශ්ලේෂණයට අනුව "discounted economy airfares" හෙවත් වට්ටම් සහිත economy පන්තියේ ගුවන් ගමන්වල මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියානුවාසීන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර ඇතැම් ගුවන් සේවා සීමිත ආසන ධාරිතාව සහ දැඩි ඉල්ලුම හේතුවෙන් ගුවන් ටිකට් පත්වල මිලෙහි වසර 15 ක වාර්තාවක් පිහිටුවා ඇත.

Crowd of people lined up in a airport.

The cost of air travel in Australia is tipped to rise further. Source: AAP

ඔස්ට්‍රේලියානුවන් COVID-19 වසංගතයට පෙර පැවති මුදලට සාපේක්ෂව දේශීය ගුවන් ගමන් සඳහා 30% කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවන බව නව වාර්තාවකට අනුව අනාවරණය වී තිබේ.

නත්තල් නිවාඩුවට පෙර ගුවන් ගාස්තු තවත් ඉහළ යන ලකුණු පෙන්නුම් කරන බවද එම වාර්තාව හෙළිකරයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ අදහස

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් කරන ලද විශ්ලේෂණයට අනුව "discounted economy airfares" හෙවත් වට්ටම් සහිත economy පන්තියේ ගුවන් ගමන්වල මිල ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියානුවාසීන් දැඩි ලෙස පීඩාවට පත් වූ අතර ඇතැම් ගුවන් සේවා සීමිත ආසන ධාරිතාව සහ දැඩි ඉල්ලුම හේතුවෙන් ගුවන් ටිකට් පත්වල මිලෙහි වසර 15 ක වාර්තාවක් පිහිටුවා ඇත.

ප්‍රධාන ඔස්ට්‍රේලියානු ගුවන් සමාගම් තුනම මේ වසරේ සැලකිය යුතු ලාභයක් පුරෝකථනය කිරීමෙන් පසුව තම කොමිසම ගුවන් සමාගම් සමීපව අධීක්ෂණය කරන බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම පොරොන්දු විය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ගුවන් සේවාවල නවතම දත්ත 2020 ජූනි මාසයේ සිට කාර්තුමය වශයෙන් සකස් කරන ලද ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසමේ Airline Competition in Australia වාර්තාවෙන් ලබාගෙන තිබේ.

2022 ජනවාරි මාසයේ සිට මිල සීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ 2019 ඔක්තෝබර් මාසයට වඩා මේ වසරේ ඔක්තෝබර් මාසයේදී දේශීය සංචාර සඳහා මගීන් සාමාන්‍යයෙන් ටිකට් පත් සඳහා 27% ක් වැඩිපුර ගෙවන බව එම වාර්තාව සොයා ගත්තේය.
ගුවන් ගමන් ගාස්තු සඳහා ඓතිහාසික ඉහළ සහ පහළ අගයන් දැකීමට හැකි අතිශයින් වෙනස්වන සංචාරක වෙළඳපොලක් හේතුවෙන් මෙම මිල ඉහල යාමට හේතු වී ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමසාරිස් Anna Brakey පැවසුවාය.

"ඉහළ ජෙට් ඉන්ධන පිරිවැය සහ මෙහෙයුම් අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් ගුවන් සමාගම් ඔවුන්ගේ කාලසටහන් අඩු කර ඇති බැවින් ගමන් සඳහා ඇති දැඩි ඉල්ලුම සහ සීමා සහිත සැපයුම හේතුවෙන් ගුවන් ගමන් ගාස්තු ඉහළ ගොස් ඇත," යනුවෙන් ඇය සඳහන් කළාය.
A graph titled 'Index of average fare revenue per passenger - January 2019 to October 2022'
Credit: ACCC

ඇතැම් ගාස්තු දැඩි ලෙස වැඩිවී ඇති බව හෙළිවෙයි

නමුත් ඇතැම් ගාස්තු අනෙක් ඒවාට වඩා දැඩි ලෙස වැඩිවී ඇති බව වාර්තාව සොයා ගත්තේය.

වට්ටම් ලබාදුන් economy පන්තියේ ගුවන් ගමන් ගාස්තු සඳහා වූ මිල ගණන් වඩාත්ම ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම සොයා ගත් අතර, 2022 නොවැම්බරයේ සාමාන්‍ය ගාස්තුව 2022 අප්‍රේල් මාසයේදී දැරූ මුදලට වඩා දෙගුණයකටත් වඩා වැඩි විය.
ඉහළ මිලක් සහිත flexible economy පන්තියේ ගුවන් ගමන් ගාස්තු සඳහා සහ ව්‍යාපාරික ගුවන් ගමන් ගාස්තුවලට එතරම් බලපෑමක් සිදු නොවූ බවත් එය ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇති බවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමසාරිස් Anna Brakey පැවසුවාය.

ගුවන් සමාගම් ගුවන් ගාස්තු ඉහළ මට්ටමක තබා ගැනීමේ ක්‍රියාව දිගටම සිදු කරන්නේ කොමිසම ඒ පිළිබඳ සැලකිලිමත් වනු ඇති බවද ඇය සඳහන් කළාය.
A chart showing domestic cancellations and delays from July-October 2022
Credit: ACCC
මේ අතර ගුවන් ගමන් අවලංගු කිරීම් සහ ප්‍රමාදයන් සාමාන්‍ය මට්ටමට සමීප වන බව ද එම වාර්තාව සොයා ගත්තේය.

මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී අභ්‍යන්තර ගුවන් ගමන් වලින් සාමාන්‍යයෙන් 2.9% ක් අවලංගු කර ඇති අතර එය ජූලි මාසයේදී 6.4% සිට එම අගය දක්වා පහත වැටී ඇත.

Jetstar සහ Virgin වැඩිම ගුවන් ගමන් අවලංගු කිරීම් වාර්තා කර ඇති අතර, පිළිවෙලින් එම අගයන් 3.9% සහ 3.6% ක් ලෙස සටහන් විය.

ඒ අගයන් දෙකම දිගුකාලීන සාමාන්‍යයක් වන 2.1% ට වඩා වැඩි ය.

ගුවන් ගමන් කර්මාන්තය පුරා ගුවන් ගමන් ප්‍රමාදයන් ද පසුගිය ජූලි මාසයේදී 45% සිට ඔක්තෝබර් මාසයේදී 30% දක්වා පහත වැටී ඇත.


Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service