ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ඔස්ට්‍රේලියාවේ නිල මුදල් (පොළී) අනුපාතිකය 0.25% කින් වැඩි යළිත් වැඩි කිරීමට ඊයේ (දෙසැම්බර් 06) තීරනය කළේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ මුදල් (පොළී) අනුපාතිකය 3.1% දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය මැයි මස මුලදී 0.1% ක වාර්තාගත අවම අගයක තිබූ මෙම මුදල් අනුපාතිකය නොකඩවා 8 වන වරට ඉහළ දැමුණු අවස්ථාව ලෙස මෙය සටහන් වේ.
2012 නොවැම්බර් මාසයේදී 3.25% ක් ව තිබූ මුදල් අනුපාතිකයට සාපේක්ෂව මෙය දශකයක් තුළ වාර්තාව වන ඉහළම මට්ටම වේ.

වැඩිවූ මුදල් අනුපාතිකය වානිජ බැංකු එලෙසම ගනුදෙනුකරුවන්ට ලබා දෙයිද?
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් ඉහළ දැමූ නව මුදල් අනුපාතිකය එලෙසම සම්පූර්ණයෙන් තම පාරිභෝගිකයින්ට යොමු කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම බැංකු හතර විසින් නිවේදනය කර තිබේ.
මේ සමගම නිවාස ණය හිමියන් තම නිවාස ණය ගෙවීම සම්බන්ධයෙන් දැඩි පීඩනයකට තව තවත් යොමුවෙයි.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෙම වැඩිවූ පොලී අනුපාතික ඉහළ දැමීම තම පාරිභෝගිකයින්ට දෙසැම්බර් 16 සිට යොමු කරන බව Commonwealth, NAB සහ ANZ බැංකු මේ වන විට නිවේදනය කර ඇත.
නමුත් Westpac බැංකුව නිවේදනය කර ඇති පරිදි එම වැඩිවීම සිය පාරිභෝගිකයින්ට යොමු කෙරෙන්නේ දෙසැම්බර් 20 සිටය.
මේ අතර Westpac සහ Commonwealth බැංකු සිය ඉතුරුම් ගිණුම්වල පොලී අනුපාත වැඩි කරන බව පවසා ඇති නමුත් NAB සහ ANZ බැංකු මෙම අදියරේදී එහි කිසිදු වෙනසක් ප්‍රකාශ කර නොමැත.
නිවාස ණය ආපසු ගෙවීම කොපමණ වැඩි වනු ඇතිද?
2013 අප්‍රේල් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මුදල් අනුපාතිකය 3% ට වඩා වැඩි නොවූ අතර 2012 නොවැම්බර් මාසයේ වාර්තා වූයේ 3.25% ක් ලෙසය.
ජීවන වියදම් පීඩනය දැනටමත් ජනතාවගේ මාසික ආදායමට දැඩි පීඩනයක් ගෙන දෙමින් සිටින අවස්ථාවක, මධ්‍යම බැංකුවේ මෙම තීරණය නිවාස ණය හිමියන්ට තවත් අමතර පීඩනයක් ගෙන දෙනු ඇත.
Canstar වෙබ් අඩවියට අනුව 0.25% ක මුදල් අනුපාත ඉහල දැමීමක් හේතුවෙන් වසර 30ක් පුරා ගෙවනු ලබන $500,000ක නිවාස ණයක් සඳහා මාසික ආපසු ගෙවීමේ මුදලට අමතර $79ක් එකතු කරනු ඇත.
එමෙන්ම ඩොලර් ලක්ෂ 10 ක නිවාස ණයක් ගෙවනු ලබන අයෙකුට මාසික ආපසු ගෙවීමේ මුදලට අමතර $160 ක් එකතුවේ.
මුල්‍ය දත්ත පිළිබද සංසන්දනාත්මක වෙබ් අඩවියක් වන RateCity වලට අනුව වසර 25ක් ඉතිරිව ඇති සාමාන්‍ය $750,000 නිවාස ණයක් සඳහා මැයි මාසයේ සිට ආපසු ගෙවීම ඩොලර් 1,251කින් වැඩි වී ඇත.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඔක්තෝබර් දක්වා වූ වසරක කාලය තුළ එය සියයට 6.9ක් වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු දෙකක් වන ANZ සහ Westpac, 2023 මැයි වන විට මුදල් අනුපාතය 3.85% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
වසර 30ක් පුරා ඩොලර් 500,000 ක නිවාස ණයක් මත 2022 මැයි සිට 2023 මැයි දක්වා ආපසු ගෙවන මුළු වැඩිවීම මසකට ඩොලර් 1,133 දක්වා ළඟා විය හැකි බව Canstar වෙබ් අඩවිය විශ්ලේෂණය කරයි.

පොලී අනුපාත තවත් ඉහල යාමට ඉඩ ඇත
ඉදිරි මාසවලදී තවදුරටත් මුදල් අනුපාත ඉහල යාමක් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පැවසූ නමුත් මධ්‍යම බැංකුව එය පූර්ව වශයෙන් සැලසුම් කර නැති බව ද පැවසීය.
ලබන වසරේ පහත වැටීමට පෙර දෙසැම්බර් කාර්තුව දක්වා වසර පුරා උද්ධමනය 8% ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පුරෝකථනය කරයි.
කාලයත් සමඟ උද්ධමනය 2% - 3% පරාසයට ආපසු පැමිණීමට අවශ්‍ය බවද මධ්‍යම බැංකුව පවසා ඇත.
මධ්‍යම බැංකුවේ ආර්ථික මණ්ඩලය ජනවාරි මාසයේදී රැස් නොවන නමුත් මුදල් අනුපාත තවත් වැඩිවීමක් පෙබරවාරි මාසයේදී සිදුවිය හැකි බව ආර්ථික විද්‍යාඥයෝ පවසති.
ඔස්ට්‍රේලියානු ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින නමුත් ගෝලීය ආර්ථිකය මන්දගාමී වන බැවින් ඉදිරි වසර තුළ ආර්ථික වර්ධනය මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe වැඩිදුරටත් පැවසීය.

