මෙල්බර්න් නුවර ලෝකයේ හොඳම නගර 10 ක් අතරට යළි පැමිණෙයි, වැඩි විස්තර මෙන්න (SBS සිංහල/ වාර්තා)

තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර තෝරනු ලබන InterNation expat survey හෙවත් 2022 expat සමීක්ෂණයට අනුව මෙල්බර්න් නගරය ලෝකයෙන්ම 8 වන ස්ථානයට පත්වී තිබේ.

Melbourne ranked as the top city in Australia and the eighth city of worldwide for expats

The CBD zone of Melbourne city, Australia. Source: Getty / Getty Images

තම පුරවැසිභාවය ඇති රට හැර වෙනත් රටක ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට (expat) ලෝකයේ ඇති හොඳම නගර 10 අතරට මෙල්බර්න් නුවරද එක්වී තිබේ.

එමෙන්ම එවැනි පුද්ගලයින් සඳහා ඔස්ට්‍රේලියාවේ ඇති හොඳම නගරය ලෙසටද මෙල්බර්න් නුවර පත්වී ඇත.

මෙල්බර්න් නුවර යළි ලෝකයේ හොඳම නගර 10 අතරට

තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර තෝරනු ලබන InterNation expat survey හෙවත් 2022 expat සමීක්ෂණයට අනුව මෙල්බර්න් නගරය ලෝකයෙන්ම 8 වන ස්ථානයට පත්වී තිබේ.

ඒ අනුව තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ඇති හොඳම නගරය ලෙසට මෙල්බර්න් නුවර මෙම සමීක්ෂණයෙන් තේරී පත්වී ඇත.

රටවල් 181ක ජීවත් වන විදේශිකයන් 12,000කගේ ප්‍රතිචාර මෙම සමීක්ෂණය සඳහා ලබාගෙන තිබේ.

ජීවන තත්ත්වය, පදිංචි වීමේ පහසුව සහ අත්‍යවශ්‍ය දෑ ලබාගැනීමට ඇති පහසුව වැනි ප්‍රධාන සාධක එහිදී සැලකිල්ලට ගෙන තිබේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

ස්පාඤ්ඤයේ නගරයක් වන Valencia මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැනට පත්ව ඇත්තේ විදේශිකයින්ට එහි ඇති උසස්ම ජීවන තත්ත්වය නිසාවෙන් බව මෙම සමීක්ෂණය සිදුකළ InterNation පවසයි.

එමෙන්ම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව ඇති ඩුබායි නගරයේදී විදේශිකයින්ට පරිපාලන කටයුතු සම්බන්ධ දේවල් ඉතා පහසුවෙන් කරගැනීමට හැකි බව ඔවුහු පවසති.

Pedestrians cross Flinders Street towards Flinders Street railway stationIts on of the most busiest pedestrian crossings in Australia and the busiest of Melbourne, Australia. (Photo by: Avalon/UIG via Getty Images)
Source: Getty / Avalon/UIG via Getty Images

තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර 10

InterNation expat survey හෙවත් 2022 expat සමීක්ෂණයට අනුව තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර 10 පහත පරිදි වේ.

  1. Valencia
  2. Dubai
  3. Mexico City
  4. Lisbon
  5. Madrid
  6. Bangkok
  7. Basel
  8. Melbourne
  9. Abu Dhabi
  10. Singapore

මෙල්බර්න් ලෝකයේ හොඳම නගර 10 ට පැමිණීමට හේතු

ජීවන තත්ත්වය, පදිංචි වීමේ පහසුව සහ අත්‍යවශ්‍ය දෑ ලබාගැනීමට ඇති පහසුව වැනි නිර්ණායක මත ලබාදෙන ලකුණු අනුව මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ.

එහිදී ජීවන තත්ත්වය අනුව මෙල්බර්න් නුවරට 19 වන ස්ථානය හිමිවී ඇති අතර පදිංචි වීමේ පහසුව අතින් 17 වන තැනට පත්වී තිබේ.

විදෙස් රටක රැකියා කිරීමේ තත්ත්වය අතින් මෙල්බර්න් නුවර 4 වන ස්ථානයට පත්වී ඇත්තේ ඩෙන්මාර්කයේ Copenhagen, අයර්ලන්තයේ Dublin සහ ඇමෙරිකාවේ New York නගරවලට පමණක් පිටුපසින් සිටිමිනි.

තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර අතර අවසන් 10

තම රටින් බැහැරව ජීවත් වන හෝ රැකියා කරන පුද්ගලයින්ට ලෝකයේ ඇති හොඳම නගර අතර අවසන් 10 ලෙස පහත නගර 10 හඳුනාගෙන තිබේ.

  1. Rome
  2. Tokyo
  3. Vancouver
  4. Milan
  5. Hamburg
  6. Hong Kong
  7. Istanbul
  8. Paris
  9. Frankfurt am Main
  10. Johannesburg


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now