ඕස්ට්‍රේලියානුවන් දිගු කලක් ජීවත් වුවද දුර්වල සෞඛ්‍යයක් පැවතීම කොරෝනා වසංගතයට මුහුණදීමට අභියෝගයක් වන බව හෙළිවේ (SBS සිංහල / වාර්තා)

Runners

Source: Pixabay

නවතම සොයගැනීමකින් හෙලිව ඇත්තේ ඕස්ට්‍රේලියානුවන්ගේ ආයු කාලය දීර්ඝ වන නමුත් දුම්පානය, ස්ථුලතාවය සහ සෞක්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම වැනි කරුණු මත ඔවුන් බොහෝ දෙනා දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි.

Global burden of disease අධ්‍යයනයට අනුව 2019 වසරේදී ඕස්ට්‍රේලියාව තුල සිදු වූ මරණ සඳහා දැඩි ලෙස බලපෑ සාධක 5 ක් හාඳුනාගෙන තිබේ
මේ අනුව 2019 වසරේදී

අධික රුධිර පීඩනය මත මරණ 25,500 ක්
ආහාරාමය හේතුන් මත මරණ 21,600 ක්
දුම්කොළ ආශ්‍රිත හේතුන් මත මරණ 20,100 ක්
ස්ථුලතාවය ආශ්‍රිතව මරණ 18,700 ක්
දියවැඩියාව ආශ්‍රිතව මරණ 17,700 ක්

වාර්තා වී තිබේ.


 SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා


සජීවීව සහ පසුව online අහන්න -www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


වසර 30 පමණ කාලයක් තිස්සේ සිදු කල මෙම අධ්‍යයන වාර්තාව තුල කොරෝනා වෛරසය හා සම්බන්ධ කරුණු වැඩි වශයෙන් අන්තර්ගත නොවුවද මෙවැනි දුර්වල සෞඛ්‍ය තත්ව පවතින පුද්ගලයින් හට මෙම වෛරසයේ බලපෑම වැඩි වශයෙන් සිදු විය හැකි බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මෙම අධ්‍යනයේ ජ්‍යෙෂ්ඨ කතුවරයකු වන සහ University of Melbourne හි වසංගත රෝග විද්‍යාඥ මහාචාර්ය Alan Lopez සඳහන් කරන්නේ කොරෝනා වෛරසය මැඩලීමේ කාර්යයේදී ඔස්ට්‍රේලියාව විශිෂ්ඨ සාර්ථකත්වයක් ලබාගෙන ඇති නමුත් ස්ථුලතාවය සහ දුර්වල ආහාර සම්බන්ධයෙන් වන අවධානමේ වෙනසක් සිදුව නොමැති බවයි. ඕස්ට්‍රේලියානු ආයු අපේක්ෂාව ඉහළ යාමක් පසුගිය වසර 5 ක කාලය තුලදී සිදුව නොමැති බවද ඔහු පෙන්වා දී තිබේ.
Blood sugar
Source: Pixabay
කොරෝනා වසංගතය වේගයෙන් පාලන කිරීම සඳහා ගෝලීය මහජන සෞඛ්‍ය ප්‍රමුඛතාවය අවශ්‍ය වන අතර
ස්ථුලතාවය, කොලෙස්ටරෝල් වැනි පාලනය කල හැකි සෞඛ්‍ය ගැටළු මත අකාලයේ ඕස්ට්‍රේලියානු ජීවිත අහිමි වීම කණගාටුදායක බවද ඔහු පවසයි.

අධික දුම් පානය, දුර්වල ආහාර ගැනීම වැනි කරුණු මත වෙනත් රටවල මෙන්ම ඔස්ට්‍රේලියාව තුලද තව දුරටත් ආයු අපේක්ෂාව ඉහල යාමක් දක්නට නොලැබේ.

Ischaemic heart disease, 2019 වසර තුලදී ඕස්ට්‍රේලියානුවන් විශාල පිරිසක් අබාධිත තත්වයට පත් කොට තිබේ. පිටුපස වේදනාව, වැටීම, නිදන්ගත රෝග තත්ව සහ depressive disorders නොහොත් අවපීඩන අබාධ ඇතිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.

ඇමරිකාවේ University of Washington හි සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය Christopher Murray සඳහන් කොට ඇත්තේ, රටවල් නිසි අවධානයක් යොමු කළහොත් මෙමෙ රෝග විශාල සංක්‍යාවක් වැලක්වීමට හෝ පාලනය කිරීමට හැකියාව පවතින බවයි.
hospital
Source: Pixabay
සෞඛ්‍ය ප්‍රගතිය කෙරෙහි සමාජ හා ආර්ථික සංවර්ධනයේ වන බලපෑම සැලකිල්ලට ගනිමින්, ආර්ථික වර්ධනය උත්තේජනය කරන ප්‍රතිපත්ති හා උපාය මාර්ග ඉහල දැමීම, පාසල් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ පුළුල් කිරීම සහ කාන්තාවන් සඳහා වන තත්ත්වය දියුණු කිරීම සාමූහික ප්‍රමුඛතාවය විය යුතු බවද මහාචාර්ය Christopher Murray සඳහන් කරයි.

පසුගිය අවුරුදු 30ක කාලය තුළ,ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15 ත් 49 ත් අතර පුද්ගලයින්ගේ සමස්ත මරණ අනුපාතය 31% කින් අඩු වී ඇති බව අධ්‍යයනයෙන් අනාවරණය වී තිබේ. නමුත් ඖෂධ සහ ආබාධ හේතුවෙන් ඔස්ට්‍රේලියාව සිදුවූ මරණ %55.2කින් සහ රුධිර සහ ප්‍රතිශක්තිකරණය හා සම්බන්ධයෙන් වන මරණ %75කින් ඉහල ගොස් ඇතැයි වාර්තා වේ.

 


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

නැතිනම් රූපවාහිනියේ channel 38


පසුගිය වසර 30 ක කාලය තුලදී ඔස්ට්‍රේලියාව තුල සෞක්‍ය තත්වය පහත හෙලීම සඳහා දියවැඩියාව ප්‍රධානතම සාධකය වී ඇති බව The Heart Foundation හි හෘද සෞඛ්‍ය පිළිබඳ සාමාන්‍යාධිකාරී Bill Stavreski අවධාරණය කරයි. දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයකුට හෘදයාබාධයක් හෝ අඝාතයක් ඇති වීමේ අවධානම සාමාන්‍ය පුද්ගලයකුට වඩා දෙගුණයකින් වැඩි බවද ඔහු සඳහන් කරයි.



වර්තමාන සහ අනාගත වසංගත තත්වයන් සඳහා මුහුණ දීමට නම් පෞද්ගලිකව සහ ජාතියක් වශයෙන් සෞක්‍යය පිළිබඳව දැඩි අවධානයක් යොමු කල යුතු බවද Bill Stavreski අවධාරණය කර සිටී.
SBS Radio
Source: SBS Radio

Share

Published

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service