කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ගිලන් රථවලට දැඩි කාර්ය බහුල කාලයක් එළඹ තිබේ.
ඔස්ට්‍රේලියාවේ පැතිරී ඇති Omicron කොවිඩ් ප්‍රභේදය නිසා ඇතැම් ප්‍රාන්තවල ගිලන් රථයක් ලබාගැනීමට දිගු වේලාවක් බලා සිටීමට සිදුවී තිබේ.
මේ වන විට ඇති තත්ත්වය මත ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල ගිලන් රථයක් ලබාගැනීමට බල සිටිය යුතු කාලය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ ගිලන් රථයක් ලබාගැනීමට අඩුම කාලයක් බලා සිටිය යුතු වන්නේ ACT වැසියන්ටය.
- ගිලන් රථයක් ලබාගැනීමට වැඩිම කාලයක් බලා සිටිය යුතු ප්‍රාන්තය ලෙස ටස්මේනියා ප්‍රාන්තය වාර්තා වේ.
- ප්‍රතිකාර ප්‍රමාද වන සෑම මිනිත්තුවක් සඳහාම හෘද රෝගයකින් ජීවිතය ගලවා ගැනීමේ සම්භාවිතාව 10% කින් අඩු වන බව සඳහන්.
ACT
ඔබ ඔස්ට්‍රේලියාවේ ACT හි වාසය කරයිනම් ගිලන් රථයක් ලබාගැනීමට අඩුම කාලයක් බලා සිටීමේ වාසනාව ඔබට උදාවී තිබේ.
මේ වන විට එම කාලය මිනිත්තු 9 ක් ලෙස වාර්තා වේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ටස්මේනියා ප්‍රාන්තය
ගිලන් රථයක් ලබාගැනීමට වැඩිම කාලයක් බලා සිටිය යුතු ප්‍රාන්තය ලෙස ටස්මේනියා ප්‍රාන්තය වාර්තා වේ.
එම කාලය සාමාන්‍යයෙන් මිනිත්තු 14 කි.
වික්ටෝරියා ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වඩා ගිලන් රථයක් ලබා ගැනීමේදී වික්ටෝරියා ප්‍රාන්තය ඉදිරියෙන් සිටී.
වික්ටෝරියා ප්‍රාන්තයේ ගිලන් රථයක් ලබාගැනීමට මිනිත්තු 10.3 ක් පමණ බලා සිටීමට සිදුවන බව සඳහන්.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිලන් රථයක් ලබාගැනීමට මිනිත්තු 10.5 ක් පමණ බලා සිටීමට සිදුවේ.
Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ගිලන් රථයක් ලබාගැනීමට මිනිත්තු 9 ක් පමණ බලා සිටීමට සිදුවන බව වාර්තා වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගිලන් රථයක් ලබාගැනීමට මිනිත්තු 12.5 ක් පමණ බලා සිටීමට සිදුවේ.
පරිපූරක වෛද්‍යවරුන්ගේ සැලකිය යුතු හිඟය නිසා මේ තත්ත්වය ඇතිවී තිබේ.
ප්‍රතිකාර ප්‍රමාද වන සෑම මිනිත්තුවක් සඳහාම හෘද රෝගයකින් ජීවිතය ගලවා ගැනීමේ සම්භාවිතාව 10% කින් අඩු විය හැකි බව ඔස්ට්‍රේලියානු පරිපූරක වෛද්‍ය සංගමයේ NSW සභාපති Chris Kastelan පැවසීය.
නිව් සවුත් වේල්ස් හි පුද්ගලයන් 100,000 කට පරිපූරක වෛද්‍යවරුන් 48.6 ක් පමණක් සිටින අතර එය මේ අංශයෙන් දෙවන අයහපත්ම ප්‍රාන්තය ලෙස ශ්‍රේණිගත කර තිබේ.
ඒක පුද්ගල ප්‍රමාණය අනුව ක්වීන්ස්ලන්ත සහ ටස්මේනියාව වැනි වඩා හොඳ කාර්ය සාධනයක් ඇති ප්‍රාන්තවලට සාපේක්ෂව නිව් සවුත් වේල්ස් හි පරිපූරක වෛද්‍යවරුන්ගේ තුනෙන් එකක අඩුවක් ඇත.

